විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මෙම බ්ලොග් අඩවියේ ඉතිහාසයේ

මෙතෙක් වැඩිම පාඨක පිරිසක් කියවූ

එමෙන්ම තවමත් කියවන ලිපිය

අප සියලු දෙනාම රිවෝල්වර් සහ පිස්තෝල ගැන දන්නේ නැතත්, සෑහෙන පිරිසක් ඒවා දැක තිබෙනවා. (යටත්පිරිසෙයින් සිනමාවේදී හෝ රූපවාහිනියෙදිවත්) එමෙන්ම අප එදිනෙදා කියවන පුවත්පත්, සඟරා, සහ වෙනත් පොත්පත් වලත් පිස්තෝල හෝ රිවෝල්වර ගැන සඳහන් වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් රහස් පරීක්ෂක කතා වලදී බොහෝවිට සඳහන් වෙනවා.

තවත් සමහරු රිවෝල්වර් හෝ පිස්තෝල අතගාලා බලලාවත් ඇති ආසාවට. ඒ වගේම ඒ දෙක එකිනෙකට වෙනස්ද නැද්ද යන දැනුම ඇති සෑහෙන පිරිසකුත් මෙය කියවනවා ඇති. ඒ අයගෙන් කොටසක් මේ දෙකම පාවිච්චි කරලත් ඇති. එමෙන්ම ඒ දෙක එකිනෙකට වෙනස් වුවත්, ඒ වෙනස මොකක්ද කියලා කියන්න දන්නේ නැති අයත් ඇති. ඒ සියලුදෙනා වෙනුවෙනුයි මේ ලියන්නේ.

මුලින්ම මම ඔබට පෙන්වන්නම් පිස්තෝලයක පින්තූරයක්. ඒ දිහා හොඳින් බලා, එහි හැඩරුව හොඳින් හිතේ තබාගන්න.

ඒ වගේම මීළඟට මා ඔබට පෙන්වන්නේ රිවෝල්වරයක පින්තූරයක්. ඒ පින්තූරයත් හොඳට බලා හිතේ ධාරණය කරගන්න. ඒ සමගම පිස්තෝලය හා රිවෝල්වරය අතර ඔබ දකින වෙනස්කම්ද මතක තබාගන්න.

මම විශ්වාස කරනවා ඔබ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්නට ඇතැයි කියා. සමහරුන්ට හිතෙනවා ඇති පිස්තෝලයට වඩා රිවෝල්වරය බලගතුයි වගේ කියලා. ඒ වගේම තවත් සමහර අයට හිතෙනවා ඇති, රිවොල්වරයට වඩා පිස්තෝලය මහා බලගතු අවියක් කියා. නමුත් මේ දෙකෙන් එකක් අනිකට වඩා බලවත් කියන්නට අපහසුයි. ඒ තමයි යතාර්ථය.

ජනප්‍රියත්වය අතින් බැලුවොත් පිස්තෝලය රිවෝල්වරයට වඩා තරමක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ බහුතරයක් තම පුද්ගලික ආරක්ෂාව සඳහා පාවිච්චි කරන්නේ පිස්තෝලයක්. පිස්තෝලය සහ රිවෝල්වරය අතර තිබෙන වාසි අවාසි ගැන සාකච්ඡා කිරීමට පෙර, මේ දෙකේ ක්‍රියාකාරිත්වය ගැන සාකච්ඡා කලොත් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේයැයි මා සිතනවා. වෙනත් තුවක්කු වර්ග වලට වඩා පිස්තෝල සහ රිවෝල්වර වල ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ තනි අතක තබාගෙන වෙඩි තැබීමට ඉඩ ලැබීම සහ පහසුවෙන් එහාමෙහා ගෙනයාමට හැකිවීමයි. පුද්ගලික ආරක්ෂාවේදී පිස්තෝල සහ රිවෝල්වර වඩාත් ජනප්‍රියවී තිබෙන්නේ ඒ නිසයි.

  මීට කලින් අපි විවිධ තුවක්කු ගැන කතාකර ඇති නිසා, මා විශ්වාස කරනවා, දැන් ඔබට තුවක්කුවක් දුටු ගමන්, එහි කොටස් පහසුවෙන් හඳුනා ගන්නට තරම් දැනුමක් තිබෙයි කියා. හොඳින් මතක් කර බලන්න. මීට කලින් ඔබ ඉගෙනගත් තුවක්කු වල ඇති කොටස් සහ මේ අවියේ කොටස් අතර ප්‍රධාන වෙනස්කමක් වන්නේ, මෙහි ‘ස්ලයිඩ්’ සහ ‘ස්ලයිඩ් රිලීස් කැච්’ යනුවෙන් කොටස් දෙකක් තිබීමයි. එමෙන්ම මෙහි බටය හෙවත් බැරල් එක එලියට පෙනෙන්නේ නැහැ. එමෙන්ම වෙනත් තුවක්කුවල මිට අපි හැඳින්වූවේ ‘බට්’ හෝ ‘ස්ටොක්’ යන නම් වලින්. නමුත් පිස්තෝලයක මිට හඳුන්වන්නේ ‘ග්රිප්’ යන නමින් එයින්ම පැහැදිලි වෙනවා මෙය වෙඩි තැබීමේදී අල්ලා ගන්නා කොටස බව.මා දන්නවා කලින් මා පලකල ලිපි කියවීමෙන් ඔබ ලත් දැනුම නිසා, පිස්තෝලයට පතරොම් දමන ආකාරය කියාදුන්නොත්, නොපමාවම එයින් වෙඩි තියන්න තරම් දැන් ඔබ දක්ෂයි කියා. නමුත් මා මේ ලිපියෙන් විස්තර කරන්නට යන්නේ රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස පමණක් වන නිසා, පිස්තෝලය හෝ රිවෝල්වරය කොටස් වලට ගැලවීම සහ සවිස්තර ක්‍රියාකාරිත්වය ආදිය විස්තර කරන්නේ නැහැ.

ඔබ දන්නවා තුවක්කුවකට පතරොම් පිරවීම සඳහා යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් නැති බව. ඉතින් පිස්තොලයටත් (එහි මැගසින් එකට) අතින් පතරොම් දැමිය යුතුයි.

  මේ පින්තූරයේ පෙන්වන ආකාරයට පතරොම් එකින් එක මැගසින් එකට දැමිය යුතුයි. විවිධ පිස්තෝල සඳහා යොදාගන්නා පතරොම් වර්ග විවිධ වෙනවා. එමෙන්ම විවිධ මොස්තරවල පිස්තෝල වල මැගසින් එකට දැමිය හැකි පතරොම් ගණනද වෙනස් වෙනවා. එය පතරොම් 9 – 20 අතර වියහැකියි. වඩාත් ප්‍රචලිතව හා ජනප්‍රියව පවතින්නේ මිලිමීටර් 9 පතරොම්. ලෝකයේ වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නෙත් මිමී 9 පතරොම්. ලෝකයේ බොහොමයක් ආරක්ෂක හමුදා පාවිච්චි කරන්නේ මිමී 9 පිස්තෝල.

මැගසින් එකට පතරොම් පුරවාගැනීමට ඔබ මුලින්ම මැගසින් එක පිස්තෝලයෙන් එලියට ගතයුතුයි. මැගසින් එක තියෙන්නේ ග්රිප් එක ඇතුලේ. මැගසින් කැච් කියන කොටස තද කලවිට මැගසිනය ගැලවී අතට එනවා. පතරොම් පුරවාගත් මැගසිනය ආපසු ග්රිප් එක ඇතුලට දැමිය යුතුයි. එය කරන හැටි බලන්න පහතින්.

 හොඳයි, දැන් අපිට තියෙන්නේ වෙඩි තැබීමේ අවස්ථාවයි. මීට පෙර මා ඔබට හඳුන්වා දුන් තුවක්කුවල මෙන්ම පිස්තොලයේත් ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් තියනවා. එය ඔබ ඉහත රූපයේ දකින්නට ඇති. එය පහතට දමන්න. ඉතා කල්පනාකාරීවන්න. දැන් ඔබ අතේ තිබෙන්නේ පතරොම් දැමූ පිස්තෝලයක්. සුළු අත් වැරද්දකින් ඔබේ ජීවිතයට හෝ ඔබ අසල සිටින කෙනෙකුගේ ජීවිතයට හානි විය හැකියි. මේ නිසා, ගිනි අවි පරිහරණය කරන සෑම අවස්තාවකදීම මුල්තැන දියයුත්තේ ආරක්ෂාවට බව, මා මීට පෙරද කීප වතාවක් ඔබට කියාදී ඇතිබව, කිසිසේත් අමතක කරන්න එපා. වෙනත් වැරද්දක් මෙන් නොව, ගිනි අවියක් බලාපොරොත්තු රහිතව පත්තුවීමෙන් සිදුවන වැරැද්ද නැවත සෑදිය නොහැකි එකක් වීමට 99% ක ඉඩක් තිබෙනවා.

අප මීට කලින් සාකච්ඡා කල තුවක්කු වල ‘බෝල්ට් එකක්’ හෝ ‘කොකින් හැන්ඩ්ල්’ එකක් තිබුනා, තුවක්කුව වෙඩි තැබීමට සූදානම් කිරීමට හෙවත් කොක් කිරීමට. ඉහත පිස්තෝලයේ කොටස් පෙන්වන රූපයේ එවැනි දෙයක් නැති බව ඔබට පෙනෙනවා ඇති. පිස්තෝලයක් කොක් කරන්නේ එහි ඇති ස්ලයිඩ් නමැති කොටස පසුපසට ඇදීමෙන්. මේ බලන්න එය කරන හැටි.මේ ආකාරයට ස්ලයිඩ් එක අල්ලා, එකවරම පසුපසට ඇද, අතහරින්න. එවිට එය තිබුණ තැනටම යන ගමන් මැගසින් එකේ උඩින්ම තිබෙන පතරොම චෙම්බරය තුළට ගෙනයනවා.  

මේ පෙන්වා තිබෙන්නේ කොක් කිරීමේදී ස්ලයිඩ් එක අල්ලන එක ක්‍රමයක්.

තවත් විදිහක් තියනවා ස්ලයිඩ් එක අල්ලන ඒ මෙන්න මේ විදිහටයි.

හොඳයි එහෙනම් පරෙස්සමෙන් මැගසින් දෙකක් විතර වෙඩි තබන්න. පිස්තෝලයක පතරොම් අවසන් වූ පසු, එහි ස්ලයිඩ් එක, පසුපසට විත් නතර වෙනවා. එවිට කලයුත්තේ, පතරොම් අවසන් වූ  මැගසින් එක ගලවා, පතරොම් පිරවූ අලුත් මැගසින් එකක් ගසා, ස්ලයිඩ් රිලීස් කැච් එක පහතට තද කිරීමයි. එවිට ස්ලයිඩ් එක ඉදිරියට යන අතර, මැගසින් එකේ ඉහළින්ම තිබෙන පතරොම, චෙම්බරය තුළට රැගෙන යනවා. දැන් නැවතත් වෙඩි තැබීම කළහැකියි. කොක් කිරීමට අවශ්‍ය නැහැ. හොඳින් මතක තබාගන්න, පිස්තෝලය සම්පූර්ණ ස්වයංක්‍රීය අවියක් (Full Automatic) නොවේ. එය අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) අවියක්.

මැගසින් එකේ පතරොම් අවසන්වූ පසු පිස්තෝලය නවතින්නේ මෙහෙමයි.

පිස්තෝලයක් ක්‍රියා කරන ආකාරය පිලිබඳ සජීවීකරණයක් මෙතනින් බලන්න.

දැන්, මේ ගමන්ම, රිවෝල්වරය ගැන කතාකළොත්, ඔබේ මොළයත් අවුල් වෙනවා. ඒ නිසා මීළඟ ලිපියෙන් රිවෝල්වරය ගැන කතා කරමු. මම රිවෝල්වරය රැගෙන එනතුරු, පිස්තෝලය පරෙස්සමෙන් තබාගෙන පුහුණු වෙන්න. කාටවත් එල්ල කරන්න එපා. එය දඬුවම් ලැබියහැකි වරදක්.

Comments on: "රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (පළමුවැනි කොටස)" (65)

  1. පොඩි කාලේ ඉස්කෝලේ ගාව තිබුණු ප්ලාස්ටික් බෝල දාලා වෙඩි තියෙන්න පුලුවන් පිස්තෝලේත් මේ වගේමයි. ක්‍රියා කරන විදිහත් ඇත්ත පිස්තෝලෙක විදිහම තමා..

    ලොකු වෙනසකට තිබුණේ මේකේ මැගසින් එකට ප්ලාස්ටික් බෝල දාන එක. හැබැයි ඒකත් ඇත්ත පිස්තෝලේ මැගසින් එකක් වගේමයි

    • එහෙම සෙල්ලම් පිස්තෝල ජාතියක් අදටත් තියනවා. Paintball Pistol කියලා. අපේ රටේනම් ගන්න නැතුව ඇති. මේ පිස්තෝල වලින් වෙඩි තියපුවාම කුඩා තීන්ත බෝලයක් (ප්ලාස්ටික්) ගිහින් වැදිලා පුපුරලා තීන්ත විසිරෙනවා. ඇඳුමක වැදුනොත් හෝදලා යවන්න පුළුවන්.

      • අපේ රටේ ගන්න තියෙනව… හැබැයි ඒකෙ තියෙන්නෙ ප්ලාස්ටික් බෝලයක් මිසක් තීන්ත බෝලයක් නෙමෙයි… මමත් එකක් ගත්ත… ඒක නම් ඇත්ත පිස්තෝලයක් වගේම බර එන්න යකඩ ප්ලේට් එහෙමත් දාල හදල තියෙන එකක් 🙂

    • හසිත කිව්වා වගේ බෝල තුවක්කු නිසා පිස්තොලේ එච්චර නුහුරු දෙයක් නෙවේ.ඒවා කැඩුනමත් අපිම ඒවා ඉස්සර හදාගන්නවා.බැරිද ඇත්ත එකක් ගන්න පුලුවන් තැනක් සහ මිල ගණනුත් එහෙම කියන්න? 🙂

      • හොර පිස්තෝල ගන්න පුළුවන්. ඒවාට ප්‍රසිද්ධ කාක්කෝ ඉන්නවා. හැබැයි ඉතින් පිස්තෝලයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න දැනුමක් නැත්නම් ලැබෙන්නේ කුණු ගොඩක්. නීත්‍යානුකූලව පිස්තෝල බලපත්‍රයක් ලබාගැනීමේ නීති රීති ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. පාතාලයේ විකිනෙන්නේ 50,000 සිට 100,000 දක්වා. පිස්තෝලයේ තත්වය මත.

  2. ආ එල එල….!! මාත් මේ ගැන අහ අහ හිටියේ (නමුත් මීට වඩා විස්තර බලාපොරොත්තු උනා 😉 ) කමක් නෑ උන්න විදියට මලා මදැයි.

    • මීට වඩා ඉතා දිග විස්තරයක් දෙන්න පුළුවන්. නමුත් අපේ රටේ තියන නීති එක්ක මට ගැටළු එයිද කියලා හිතුන නිසයි කෙටි කලේ.

      • ඔව් මටත් හිතෙනවා මේ විස්තරේ හොඳටම ප්‍රමාණවත් කියල. මොකද ටිකක් ධරුනු ඝනයේ තුවාල සිදු කරන පුළුවන් ආයුධයක්‌ හදන්න පුළුවන් මේ පොස්ට් එක හොඳට අද්‍යනය කලොත්.

        • හොඳ කම්මල් උපකරණ, අවශ්‍ය දැනුම, උනන්දුව, තිබෙනවානම්, මේ විස්තරය නැතත් පුළුවන් ආයුධ හදන්න.

  3. උපරිමයි,,, නමුත් හැමදාමත් තියන අඩුව, ප්‍රැක්ටිකල් කරන්න නැති එක තමා. ගිනි අවි භාවිතය ගැන අවසර අරගෙන පුද්ගලික පුහුණු පන්තියක් පටන්නත්ත නම් උපරිමයි. ලංකාවේ තහනම් ද?

  4. හැමදාම අන්තිමට එන මම අද කලින්ම ඇවිල්ලා.අර සජීවීකරනය මරැ.කොටලා පෙව්වා වගේ තේරෙනවා.

    • මට හරිම සතුටුයි ඔබ ලබපු අවබෝධය ගැන

    • මම එකපාරක් ඔය වගේ ගැජ-මැටික් එකකින් උඩට වෙඩි තියල අත තුවාල උනා. ඒක නම් ටිකක් විතර බර එකක්. කොහොමත් කොටලා පෙව්ව වගේ තේරුනාට කරල බලන්නම තිබ්බනම් තමා වටින්නෙ.

      • තුවාල වෙන්න හේතුව මොකක්ද? සිදුවීමට ඉඩ තිබෙන වැරදි කීපයක් තමයි, 1. අවිය නිසි පරිදි අල්ලා නොගැනීම. 2. අවියේ ගැස්සීම ගැන අවබෝධයක් නොතිබීම. 3. පිස්තෝලයකනම් ස්ලයිඩ් එක ආසන්නයෙන් අල්ලා ගැනීම. 4. රිවෝල්වරයකනම් සිලින්ඩරයත් අසුවනසේ අල්ලා ගැනීම.

  5. රිවෝල්වර් එකකට වඩා පිස්තෝලයකට තමා කැමැත්ත… ඒකෙනුත් ඩෙසට් ඊගල් එකට… 🙂

  6. මමත් නම් වැඩිය කැමැති රිවෝල්වර් එකට වඩා පිස්තෝලෙට තමා, රිවෝල්වර් එකේ පොඩි කවුබෝයි ගතියක් තියෙනවනේ… 🙂

    පුළුවන් වුන වෙලාවක Heckler & Koch MP5 හා ඒකෙ versions ගැන ලිපියක් දාන්නකො.. මගේ favouriteම ගිනිඅවිය..

    • ගිනි අවි ගැන ගොඩාක් විස්තර දාන්න පුළුවන්. අපේ රටේ ආරක්ෂක හමුදා පාවිච්චි කරන ගිනි අවි හඳුන්වා දෙනවා යයි චෝදනාවක් එයිද කියන සැකය තිබෙනවා. කොහොමත් මම දිගටම ලියනවා.

      • ලංකාවේ ආරක්ෂක හමුදා බාවිතා කරන ආයුධ ගැන විස්තර විකිපීඩියාවේ තියෙනවා. විශේෂයෙන් ආයුධ ලැයිස්තුව. ඒක මම හිතන්නේ සැහෙන දුරට නිවැරදි එකක්. එහි විස්තර තියන ඒවා ගැන ලියුවට වරදක් කියන්න පුලුවන්ද? පුස්තකාලයක තියන විස්තර කීම රස තොරතුරු හෙළි කිරීමක් නොවේනේ.

      • ලංකාවේ ආරක්ෂක හමුදා බාවිතා කරන ආයුධ ගැන විස්තර විකිපීඩියාවේ තියෙනවා. විශේෂයෙන් ආයුධ ලැයිස්තුව. ඒක මම හිතන්නේ සැහෙන දුරට නිවැරදි එකක්. එහි විස්තර තියන ඒවා ගැන ලියුවට වරදක් කියන්න පුලුවන්ද? පුස්තකාලයක තියන විස්තර කීම රහස් තොරතුරු හෙළි කිරීමක් නොවේනේ.

        • පහුගිය කාලේ ඔය සියලුම අවි මහජනතාවට අතපතගාලා බලන්නත් දුන්නා ප්‍රදර්ශන වලදී. මට තියන ප්‍රශ්නේ ක්‍රියාකාරිත්වය ගැන ලිව්වොත් මොකද වෙන්නේ කියන එකයි.

      • ක්‍රියාකාරීත්වය ගැන විස්තරත් මේ ආකාරයේ වෙබ් අඩවි වල තියනවා. අනික අවි ආවුද ප්‍රිය කරන්නන්ගේ, හමුදා ගැන සම්බන්ද දේට ප්‍රිය කරන්නන්ගේ සංගම් , ෆෝරම් බොහෝ තියෙනවනේ. ඒවායේ මම දන්නා තරමින් ආයුද වල ක්‍රියාකාරීත්වය, ඒවායේ හොද නරක ගැන විවුර්ත සංවාද තියෙනවා.

      • මේකනෙ අකෝ වැඩේ.. අපේ රටේ ඉන්නෙ මැටිහරක්නෙ.. උන්ට ඉංග්‍රීසියෙන් මොනතරම් දේවල් හොයාගන්න පුලුවන්ද තේරෙන එකක් නෑ.. සිංහල විස්තරේ දැක්ක ගමන් මෙන්න අවි පුහුණුව දෙනවා කියලා කෑගහාවි..

        ගූගල්මැප්වලින් බලලා ඩෙංගු මදුරුවො අල්ලන්න යන රටේ ඔව්වා මොනාද?

  7. අද තමා මේ පැත්තට ගොඩ උනේ
    වෙනස් මාතෘකාවක්, බෙහෙවින්ම මා ප්‍රිය කරන මාතෘකාවක්
    තවත් මෙවැනි හරවත් ලිපි බලාපොරොත්තු වෙමි

  8. තවත් ගැටලුවක් බාගෙට ලිහුනා… මමත් හැමදාම ඔය දෙකේ තියන වෙනස මොකක්ද කියලා තමා කල්පනා කළේ.. පස්සෙ වෙනසක් නැතුව ඇති කියලා හිත හදාගත්තා.. රිවෝල්වර් ගැනත් ඉක්මනට කියාවි කියා සිතනවා.

    ඔබ ලිපියක් පල කිරීමට වෙන මහන්සියනම් අනන්තයි, අප්‍රමාණයි කියලා පේනවා මේ පින්තූර හොයාගන ඒවා සංස්කරණය කොට, ඉදිරිපත් කර තියන ආකාරය දැක්කාම. ඒ පිළිබඳවා මාගේ ආචාරය පිළිගන්න.

    ජයම පතමි !!!

    • බොහොම ස්තුතියි සෙන්නා අදහස් දැක්වීම සහ අගය කිරීම පිළිබඳව. මා ඒ ඇගයීම ලබන්නේ මගේ මහන්සියේ ප්‍රමාණයට කියා හිතනවා. එක ලිපියක් වෙනුවෙන් පින්තූර සෙවීමට එක් දිනකුත්, ඒවා සංස්කරණය කර සිංහල වචන යෙදීමට එක් දිනකුත්, කරුණු සෙවීමට දින කීපයකුත්, පරිවර්තනය කිරීමට දින දෙකක් විතරත් යනවා.

      සෙන්නා. හරීගෙන් කිසිම තොරතුරක් නැහැ. අසනීපව සිටිබව දන්නවා. ඊ මේල් වලටත් පිළිතුරු නැහැ. ඔබට හැකිනම් සොයාබලන්න.

      • මමත් ගිහින් බැලුවා තවම අල්ලුත් පොස්ට් එකක් තිබුනේ නැහැ.

      • මාත් මේ කල්පනා කර කර හිටියේ හරී මොකද නිහඬ කියලා. ආරන්චි කර බලන්නම්..

      • මා ගැන සොයාබැලුවට ස්තුතියි!

      • ළඟම නෑයින් පවා උන්නද මලාද බලන්නැතිකොට බ්ලොග් අවකාසයෙන් හඳුනාගත් ඔබලා දක්වන සැළකිල්ලට කඳුලුත් ආවා..

        බොහොම ස්තුතියි!

        • මම හිතෙන් වින්ද වේදනාවට, ළඟ හිටියනම් දෙනවා එකක් අය ජීවිතේට අමතක නොවෙන්ඩ. ඇයි ගෙදර කෙනෙකුට කියලා එස්.එම්.එස් එකක් එව්වනම් වස් වදිනවද?

  9. ලංකාවේ ඉලක්කයට වෙඩි තබන අය ලෝක මට්ටමින් දක්ෂතාවය දක්වන්න ඉතා හපන්, පදක්කම් දිනාගන්නා අවස්ථා බොහොමයි. ලෝක මට්ටමින් පැවැත්වෙන බොහෝ තරඟ වලට එන්නෙ හමුදාවේ හා පොලීසියේ අය වෙන්නේ ඇයි දැයි වටහා ගත්තෙ මේ ලිපියේ ප්‍රතිචාර වලින්. සාමාන්‍ය ජනතාවට පුහුණු වෙන්න හැකියාවක් නැත්නම් ඔවුන් අතරින් බිහිවිය හැකි ඔලිම්පික් පදක්කම් දිනාගන්න හැකි තත්වයකට කවදාවත් එන්න අවස්ථාවක් නැතිවීම ගැන දුකයි. අනික් හැම විනාශකාරී වූවක් සේ ම ගිනි අවිය, ගිනි අවියක් වූ නිසා හානිකර නැති බව වටහා ගන්නා දිනයක් ඒවි යැයි පතනවා.

    • ගිනි අවි ගැන අපේ රටේ ආකල්ප වෙනස් කරවීමක් සඳහා, පෙරමග ගතයුතු පුද්ගලයන්, ඇස් කන් පියාගෙන ඉන්නා හැටි දුටුවාම, ඔවුන්ගේ පශ්චාද් භාගයට පා පහරක් දී, එලවා දැමීමට ඇත්නම් කියා සිතෙන වාර අනන්තයි. දැනට ලංකාවේ තිබෙන රයිෆල් සමාජයකට බැඳීමට නම් ධනවත්, ප්‍රභූ පැලැන්තියේ, යාන වාහන තිබෙන, ඉංග්‍රීසියෙන් කතා කරන, අයෙකු විය යුතුයි. ඔලිම්පික් තරග දක්වා ගිය ශ්‍රී ලාංකික වෙඩික්කරුවන්, කාරියන්, බොහොමයක් ඉදිරියට ආවේ ත්‍රිවිධ හමුදාවෙන්. එයින් බහුතරය ගැමියන්. ඒත් වෙඩි තැබීමේ තරග යනු මොනවාදැයි නොදන්නා අමන දේශපාලුවන් සහ උන්ට උපදෙස් දෙන කේවට්ටයන් සිටිනතුරු, අපේ කොල්ලන්න්ගේ කෙල්ලන්ගේ දක්ෂතා මොටවී ඔවුන් වෙඩි තබා මිනිසුන් මරණ ත්‍රස්තවාදීන් බවට පත්වීම තමයි අපේ කරුමය. සමහර දේශපාලකයන් හිතන්නේ වායු රයිෆලයක් කියන්නේ කාලතුවක්කුවක් වැනි අවියක් කියායි. මා කියන්නේ අත්දැකීමෙන්. අපේ ගැමි කොල්ලන් හමුදාවට බැඳී කරන තුවක්කු හරඹ දැක්කම අපි මවිත වෙනවා. දැන් ඒ ඔක්කොම ඉවරයි.

  10. තියරි ටික මෙතනින් අරන් පඩශෝ ටික යූ ටියුබෙන් අල්ල ගන්න ඕනේ 😀

    http://youtu.be/eOfr6hU5fic

    • 1997 දී රූ ගතකර ඇති මේ වීඩියෝවේ සිටින හොවාර්ඩ් ඩර්බි රිවෝල්වර් හරඹ ගැන වසර 17 ක පළපුරුද්දක් ඇති අයෙක්. මේ කොටස දකිද්දී මට මතක් වුනේ අපි පාසල් සිසුන් ලෙස එදා 1960 දශකයේදී නැරඹු කව්බෝයි චිත්රපටියි. ඒ චිත්‍රපටි සහ එහි තුවක්කු හරඹ මෙන්ම නළු නිලියන් ගැනත් ලිපියක් ලියන්නට බලාපොරොත්තු වෙනවා.

  11. අපේ ගමේ උන්න ලියවන පට්ටලේක වැඩ කරපු කොල්ලෙක්,,එතකොට වයස 19ක් විතර මූට කොහෙන්ද මන්දා පිස්තෝලෙක කැට්ලොග් එකක් හම්බෙලා,මූ පිස්තෝල කීපයක්ම හදලා විකුනලා තිබුනා,ඒ එක්කම ඒවා අහු වෙලා අවුරුදු ගානකට හිරේ ගියා,හිරෙන් එලියට ආවේ කුඩු කාරයෙක්,,දැන් කීප සැරයක්ම කුඩු වලට හිරේ ගියා…
    මූව පිස්තෝලා හදපු වෙලේම හිරේ නොයවා,,උගේ දක්ශතා පෙන්නලා,උගෙන් වැඩක් ගන්න තිබුනා නම් කොහොම පුද්ගලයෙක් වෙයිද,,මොකද අවු.19 පිස්තෝලයක් හැදුවා කියන්නේ ඌ නියම දක්ශතා තිබුනු එකෙක්

  12. පිස්තෝලයකින් නම් මාත් වෙඩිතියල තියනව. රිවෝල්වරයට වඩා ඒකෙ උණ්ඩ ප්‍රමාණය වැඩියි නේද? හොද මට්ටමේ පිස්තෝල ලංකාවෙ නං ලක්ෂ තුනට හතරටත් අලෙවි වෙනව.

    • සාමාන්‍යයෙන් රිවෝල්වරයක සිලින්ඩරයේ තිබෙන්නේ චේම්බර් හයයි. ඊට වඩා එකක් දෙකක් වැඩි ඒවත් තිබෙනවා. නමුත් චේම්බර් ගණන වැඩි කලොත් සිලින්ඩරය විශාල වීම නිසා රිවොල්වරයද විශාල වෙනවා. පිස්තෝලයක ඒ ප්‍රශ්නය නැහැ. අවශ්‍යනම් පතරොම් 30 ක් පමණ දාන මැගසින් එකක් ග්රිප් එකෙන් පහලටද සිටිනසේ සවිකළ හැකියි.

  13. මම මෙතෙක් කල් දැනසිටිය හැටියට රිවෝල්වරය= පිස්තෝලය.. මම හිතුවෙ පිස්තෝලෙට කියන සමාන වචනයක් කියලා..තුවක්කුව = රයිෆලය කියලත් හිතා හිටියනෙ..

    දැන් වෙනස තේරුනා.. තුවක්කුවක රයිෆලයකට වඩා පිස්තෝලයෙන් නිවැරදි ඉලක්කයක් ගැනීම අපහසු බවයි මට නම් හිතෙන්නෙ..
    ඒක හරිද?

    පිස්තෝලයෙන් වෙඩි තැබීමේදී එකින් එකට තැබිය යුතුයි නේද? එක දිගට වැලක් අරින්න බෑනෙ..

    විස්තරේ වගේම ඇනිමේෂන් එකත් පංකාදු පහයි..

    තව දෙයක්.. තනි අතින්ද අත් දෙකෙන්ද වෙඩි තිබීම වඩා හොඳ..?

    එකවර අත් දෙකෙන් පිස්තෝල දෙකක් අල්ලාගෙන වෙඩි තැබිය හැකිද?

    • ඔබ හරියටම හරි. අපි හිතන්නේ තුවක්කුවකට වඩා පිස්තෝලයෙන් වෙඩි තැබීම පහසුයි කියලා. නමුත් ඇත්ත ඒකෙ අනික් පැත්තයි. පිස්තෝලයෙන් හෝ රිවොල්වරයෙන් වෙඩි තබන්නේ අඩි 25 ක් 30 ක් තරම් දුරකට වුනත්, සෑහෙන පළපුරුද්දක් නැත්නම් ඉලක්කය වරදිනවා. හේතු:- 1. පිස්තෝලය බොහෝවිට අල්ලන්නේ තනි අතින්. නමුත් වඩා සාර්ථක වීමටනම් අත් දෙකෙන්ම ඇල්ලිය යුතුයි. මෙන්න මේ වගේ. 2. පිස්තෝලය අත් දෙකෙන්ම අල්ලාගෙන සිටියත් එහි ගැස්සීම ඉතා සියුම්ව සිදුවන නිසා උණ්ඩය ඉහලට යන්න බලනවා.

      පිස්තෝල සෑම විටම අර්ධ ස්වයන්ක්රීයි. ඒ කියන්නේ එක වෙඩිල්ලක් තියපුවාම ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරයට එනවා. නමුත් UZIUZI වැනි අවි පිස්තෝලය යන වර්ගීකරණයට ගැනෙන අතර සම්පූර්ණ ස්වයන්ක්රීයයි.

      අත් දෙකට පිස්තෝල දෙකක් අරන් එකවර 60 කට විතර වෙඩි තියන්නේ චිත්‍රපටි වල ඉන්න වීරයෝ පමණයි.
      මෙන්න මේ වගේ.

    • හැබැටම බැලුවේ වෙන කොහෙවත් තමා … hikz

  14. මෙය අර්ධ ස්වයංක්‍රිය කියන්නේ ඇයි?

    • සපූර්ණ ස්වයංක්‍රීය නම් ට්‍රිගර් එක මිරිකපු ගමන් පට පට ගාලා ඔක්කොම පතරොම් පත්තුවෙන්න ඕනේ. නමුත් මෙහිදී ට්‍රිගරය මිරිකන එක වරකදී එක පතරොමයි පත්තු වෙන්නේ. ඒ නිසා එය අර්ධ ස්වයංක්‍රීයයි.

  15. ලංකාවෙ ශුටිං ක්ලබ් හියනවද? එවයෙ සමාජිකත්වය හැමොටම ගන්න පුලුවන්ද?

  16. පසිදු ලක්ශාන් said:

    මට වයස 17.(හිච්චියෙක් නෙමෙයි ඈ…6..4…පොරක්..)අනුරාධපුර ඉන්නෙ.ඔයාලා මාව විශ්වාස කරන්න.මම පොසොන් එකට ගන්න ප්ලාස්ටික් පිස්තෝල වලින් හොදට වෙඩි තියන්න හුරැ වෙලා ඉන්නවා.අඩි 15 විතර දුරක ඉදන් මට 80% වඩා ඉලක්කය ගන්න පුලුවන්..අවශ්‍ය Skills මගෙ ඇගේ තියෙනවා…ඒ වගේම තමයි දුනු ශිල්පය..මට උපතින්ම පිහිටලා තියෙනවා.(අම්මලා දන්නෑ.හොරෙන් පුරුදු වෙන්නෙත්)..මට ඕන මගේ හැකියාව වැඩි දියුණු කර ගන්න…නමුත් මගේ ආශාව වෙනත් දෙයක්.Software Engineer වෙන්නයි ඕන.මට මගේ හැකියාව දියුණු කරගන්න උපදෙස්….වයසත් එක්ක තියෙන ගැටළු වලට විචාරක මාමා උදවු කරයි කියලා හිතනවා…මට කියන්න මීට වඩා විස්තර තියෙනවා.සිංහල Type කරන්න අමාරු නිසා ටිකක් කල් යයි…..(If you can’t see my mail address,I sent a request to you in FB.And try to help in FB or by E-mail.)

    • මේ ප්‍රතිචාරය මා දැක්කේ අදයි. බොහොම ස්තුතියි ප්‍රතිචාරයක් දැක්වීම ගැන.

      පුතාට මෙන්න මේ කරුණු වැදගත් වෙයි කියා හිතනවා. (අනුරාධපුරයේ හිටියත්, ඔබට දකුණු පළාතට නෑකම් ඇතිබව පෙනෙනවා)

      1 ප්ලාස්ටික් පිස්තෝලය කියා ඔබ අදහස් කලේ කුමක්ද? සෙල්ලම් පිස්තෝලයක්ද, එහෙම නැත්නම් විනෝද ක්‍රීඩා සඳහා පාවිච්චි කරන Paint Ball පිස්තෝලයක්ද? සෙල්ලම් පිස්තෝලයකින් හෝ paint ball පිස්තෝලයකින් වෙඩි තැබීමේ හැකියාව දියුණු කරගැනීම හොඳයි. නමුත් ඇත්තම පිස්තෝලයක් හෝ රිවෝල්වරයක් අතට ගත්තොත්, ඔබට, එහි බර, උණ්ඩ පිටවීමේදී ඇතිවන ගැස්සීම, පිස්තෝලය ක්‍රියාකරවීම සඳහා යෙදිය යුතු බලය, ආදිය නිසා, ඉතා දැඩි වෙනසක් දැනෙයි.

      2 දුනු ශිල්පය හොරෙන් පුරුදුවෙන්න අවශ්‍ය නැහැ. එය ඔලිම්පික් තරගවලට පවා ඇතුලත් ක්‍රීඩාවක්. එවැනි ක්‍රීඩාවකට සහභාගිවීම බොහොම හොඳයි. ලංකාවේ ඒ සඳහා සංගමයක් තියනවා.

      ඒ ගැන මෙන්න මෙතනින් තොරතුරු දැනගන්න පුළුවන්

      ඔබේ ජීවිතයේ යෞවනෝදයට පත්වීම සමග ඇතිවන වේගවත් සිතුවිලි නිසා පැනනැගෙන හැඟීම් සමුදායක් විනා, වෙනත් ගැටළු කිසිවක් ඔබට ඇතැයි මා සිතන්නේ නැහැ.

      ඔබේ අරමුණ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වීම නම්, වැඩි අවධානය යොමු කලයුත්තේ, ඒ සඳහා අදාළ විෂයය ධාරාව ඔස්සේ උසස් අධ්‍යාපනයට යොමුවීමයි.

      සාමාන්‍යයෙන් මා වත්පොත පාවිච්චි කරන්නේ, මගේ බ්ලොග් ලිපිවලට ප්‍රචාරයක් ලබාදීම සඳහා පමණයි. ඒ නිසා ඔබට යම් ගැටළුවක් ඇත්නම්,

      wmjgslsr@gmail.com යන ඊ මේල් ලිපිනයට පණිවිඩයක් එවන්න.

  17. අනර්ඝයි. ඔබේ දැනුම අපට බෙදා හැරීම ගැන ගොඩක් ස්තුතියි.ඔබේ මෙම වෙබ් අඩවිය හමුවුනේ අහම්බෙන්. ගිනි අවි පිළිබද සහ හමුදා ජීවිතයේ අත්දැකීම් පිළිබදව අපට සාමාන්‍යයෙන් දැනගන්න වෙන්නේ විකිපීඩියා හෝ අන්තර්ජාලය, චිත්‍රපට තුලින් පමණයි. නමුත් ඔබේ මේ වෙබ් අඩවිය නිසා අපට දැන් හැකිවී තිබෙනවා සැබෑ රණවිරුවෙකුගෙන්ම ඒ ගැන විස්තර අසා අවබෝධයක් ලබා ගන්න. එය ලංකාව වැනි රටක තරමක් විරල
    අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසාම ඔබ මේ කරන දේ වචන වලින් කියා නිමකල නොහැකි තරම් වටිනවා. තවත් ලිපි පලකරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා…………

    • බොහොම ස්තුතියි ඔබට මේ අඩවිය ඇගයීම ගැන. ඔබව සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්න. ඉදිරි කාලයේදී මෙවැනි ලිපි ලියවෙනවා. මේ අඩවියේ මෙවැනි ලිපි රාශියක් තිබෙනවා ඒවාත් කියවා බලන මෙන් ඇරයුම් කරනවා.

  18. […] මන්ත්‍රී වරුන් හට, සැහැල්ලු ගිනි අවි (රිවෝල්වර හෝ පිස්තෝල) ලබාදෙන බවත්, දැනටමත් එවැනි ගිනි අවි […]

  19. ගොඩ කාලයකින් කියවන්න ලැබුන හෙද ලිපි පෙලක්

  20. මට ඕන මේ වගේ ලස්සන පොඩි වායු පිස්තෝලයක් ගන්න. කොහෙන්ද ගන්න පුළුවන්? කියක් වගේ වෙයිද?

විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න