විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයට අයත්, ආනමඩුව ප්‍රදේශයේ පිහිටි, පරමාකන්ද රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසට අයත් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. කොළඹ සිට පැමිණෙන අයෙකුට මෙහි ළඟාවීමට ඇති පහසුම ක්‍රමය වන්නේ හලාවත පසුකොට බංගදෙනියෙන් දකුණට හැරී, පල්ලම හරහා, ආණමඩුවට පැමිණීමයි. අනුරාධපුර පෙදෙසින් එන්නේනම් පහසු මාර්ගය වන්නේ ගල්ගමුවට පැමිණ ආණමඩුවට ලඟාවීමයි. කුරුනෑගල හරහා එන අයට කුරුනෑගල පුත්තලම ඒ 10 මාර්ගය ඔස්සේ මෙහි ලඟාවිය හැකිය. ආනමඩුව නගරයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ පුත්තලම දෙසට ගියවිට, මේ රජමහා විහාරයට යන මාර්ගය පෙන්වන පුවරුව දැකිය හැකිය. විහාරය පිහිටා තිබෙන්නේ ඒ හන්දියේ සිට කිලෝමීටර් 2.4 ක් දුරිනි. ඕනෑම වාහනයකට විහාර භූමියටම යාහැකි ලෙස මාර්ගය නිමවා ඇත.

මේ සිද්ධස්ථාන භූමිය පුරා ඉපැරණි කාලයට අයත් විවිධ බෞද්ධ නිර්මාණ රාශියක් දැකිය හැකිය. මෙහි ඉතිහාසය දුටුගැමුණු රජතුමන්ගේ කාලය දක්වා දිවෙන බව සඳහන් වෙයි. දුටුගැමුණු රජතුමන්ගේ දසමහා යෝධයන්ට අයත් නන්දිමිත්‍ර යෝධයා මේ ප්‍රදේශයට ආසන්න පල්ලම ප්‍රදේශයේ අයකු බව සඳහන් වෙයි.

මෙම විහාරස්ථානය පිලිබඳ සියලු තොරතුරු තෝනිගල සෙල්ලිපියෙහි සඳහන් වෙයි. මෙම විහාරස්ඨාන භූමිය අති විශාල පර්වත පන්තියක විහිදී තිබීම විශේෂත්වයකි. එම පර්වත පන්තිය, ශ්‍රී ලංකාවේ වයඹ අඩතැනි කලාපයේ පිහිටි ශේෂ කඳු පන්තියක් ලෙස හැඳින්විය හැකිය.

මේ පර්වත පන්තිය තරණය කල හැකි ගල් කුළු මෙන්ම තරණය කල නොහැකි ගල්කුළු රාශියකින් සමන්විතය.

මෙම විහාර භූමියෙහි ඉපැරණි බෝධීන් වහන්සේ නමක් සහ චෛත්ය රාජයාණන් වහන්සේ නමක්ද විහාර මන්දිර දෙකක් ද දැකිය හැකිය.

බොහොමයක් නිර්මාණ වල පෙන්නුම් කරන්නේ මහනුවර යුගයේ විහාර කර්මාන්තයන්හි ලක්ෂණය.

මෙම විහාර මන්දිරයෙහි මහනුවර යුගයේ සම්ප්‍රදායට අයත් චිත්‍ර වලින් අඳින ලද වෙස්සන්තර ජාතකය දැක්වෙන බිතු සිතුවමක්ද තවත් සිතුවම් රාශියක් සහ අලංකාර පිළිම ගෙයක්ද දැකිය හැකිය.

පර්වත සමූහයේ එක මුදුනකට නැගීම සඳහා පටු ගල්පඩි පෙළක් ඇති අතර එහි නැග්ම අඩි 200 ත් 300 ත් අතර වේ. සීග්‍ර බෑවුම් ස්වභාවයට ආසන්න නැග්මකි.

ගල් පඩි දිගේ නැග මුදුනට පිවිසි විට, තවත් ඉපැරණි බුදුගෙයක් දැකිය හැකි අතර, එය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

   මේ පර්වත පන්තිය හුදෙකලාව පිහිටීම නිසා, මෙහි සිට අවට විශාල ප්‍රදේශයක ස්වභාව සෞන්දර්යය විඳ ගැනීමට අවස්ථාව උදාවෙයි.

ප්‍රධාන පර්වත පන්තිය පාමුල එයට යාබදව පිහිටි තරමක් උස ගල් තලාවකි. එහි පාමුල අලංකාර ස්වභාවික පොකුණකි. ඊට ඉහලින් ඊට වඩා ඉතා කුඩා එවැනි පොකුණු කීපයකි. ගල්තලාවේ උසම ස්ථානයේ චෛත්යයක් සහ මලසුනක් දැකිය හැකිය.

මෙම විහාරස්ථානයේ ඇති එක්තරා සෙල්ලිපියක්, දිවයිනේ වෙනත් කිසිදු බෞද්ධ සිද්ධස්තානයක නැති කරුණක් ඇතුළුකර කොටා ඇත. එනම්, මේ අසල වැවෙන් අල්ලන මාළු සඳහා, ධීවරයන්ගෙන් අයකරන බදු මුදල් මෙම විහාරස්ථානයේ උන්නතිය සඳහා යෙදවිය යුතු බවය.

මේ විහාරස්ථානය ඇතුළු සමස්ත පුදබිම නොපමාව සංරක්ෂණය කලයුතු බව පැහැදිලිවම පෙනීයයි. විහාරාධිපතින් වහන්සේ පැවසු කරුණු අනුව, මේ සිද්ධස්ථානය කෙරෙහි තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවධානය යොමුවී නැති බව පෙනෙයි.

අපි මෙහි යනවිට සමස්ත විහාරස්ඨාන භූමියද, අවට පරිශ්‍රයද, කඳු මුදුනද, පොකුණ සහිත සුවිසල් ගල් තලාව පිහිටි ප්‍රදේශයද, වෙසක් උත්සවය වෙනුවෙන් වෙළෙඳුන්ට බදු දී තිබුණි. ඒ හේතුවෙන්ම සිදුවන දැඩි පරිසර විනාශය හද කම්පා කරවනසුලුය. අපද්‍රව්‍ය බැහැර කිරීම වෙළෙඳුන් විසින්ද වන්දනාකරුවන් ඇති බහුතරය විසින්ද කරනු ලබන්නේ සිත්පිත් නැතිසේය. මේ තත්වය වහාම පාලනය නොකලොත් මහා පරිසර දූෂණයක් සිදුවනු නොඅනුමානය. වන්දනාකරුවන්ට ප්‍රමාණවත් තරම් වැසිකිලි කැසිකිලි පහසුකම් නැති නිසාද පරිසර හානි සිදුවේ.

 

Advertisements

Comments on: "පරමාකන්ද රජමහා විහාරය වඳිමු" (21)

  1. මේත් පරමාකන්ද ගැන ලියවුණු ලිපියක්. ඒ වගේම මාත් ඒ ගැන දක්වපු අදහස් ඒ ලිපියේම ඇති

    http://lokayekonaka.blogspot.com/2012/03/01.html

  2. වැදගත් විස්තරයක්.අදයි මම ඒ පන්සල ගැන දැනගත්තේ.ඒත් ඒ දේ විනස වෙගෙන යන එකනම් දරාගන්න බැහැ.

    • මම මේ විහාරස්ථානය ගැන මුලින්ම දැනගත්තේ 2006 වසරේදී පුත්තලම කඳවුරේ සේවය කරද්දී. එදා මගේ හිත තදින්ම ඇදීගියා මෙතනට. මේ වෙසක්දාට පහුවදා මම ගෙදර අයවත් අරගෙන ගියා මෙතන වැඳපුදා ගන්නට. නමුත් සිදුවන පරිසර හානිය දැක්කම දැඩි වේදනාවක් ඇතිවෙනවා.

  3. මේ ලිපිය දැක්කහම හිතට සතුටක් වගේම දුකකුත් දැනුනා. අපේ මුතුන් මිත්තො කළ හපන්කම් සහ අපේ පරම්පරාව කරනා නොපනත්කම් දෙකම මෙතනින් පෙන්නලා තිබෙනවා. කෙදිනක හෝ මෙහි යන්නට ඉටා ගතිමි. මහවෙදනා.

    • දුක විතරක් නෙවෙයි කලකිරීම ඇතිවන පින්තූරත් මා ලබාගත්තා. හුඟක් දුරට හිතලා, ඒවා නොදා ඉන්න තීරණය කළා.

  4. මම නම් තවම ඔය විහාරෙට ගිහින් නෑ. යන්න වටින තැනක් බව නම් හැගෙනව. ස්තුතියි නොදන්න ස්ථානයක් ගැන විස්තර ගෙනාවට.

    • මම මුලින්ම ගියේ රාජකාරි කටයුත්තකටයි. මෙවර වෙසක් දිනට පසුදින තමයි වන්දනා කරන්න ගියේ. මේ ස්ථානය සහ ඒ අවට ප්‍රදේශයේ පින්තූර 63 ක් මම ලබාගත්තා. එයින් තෝරාගත් කීපයක් මේ ඉදිද්රිපත් කර තිබෙන්නේ.

  5. මෙය භාර හිමිනම අණමඩුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි වරයෙක්. මෙම හිමිනම මුදලට ඇති අශාව නිසා වෙළෙන්දන්ට විහාරභූමිය තුලත් ඉඩකඩ බදුදෙමින් හා විශාල කොන්ක්‍රිට් ගොඩනැගිලි ඉදිකරමින් ඉපැරණි සුන්දරත්වය විනාශ කරමින් සිටිනවා.

    • මා සමග කතාකල අවස්ථාවේදී නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා තමන්වහන්සේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු බව. උන්වහන්සේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර කිසියම් මත ගැටුමක් තිබෙන බවත් පැහැදිලි වුනා.

  6. ශිඃ අපේ හැත්ත ගිය තැන වනසනවා.. කවදා මේ වසල ගති අයින් කරලා හදලා ගන්ඩද මංදා..

    ස්තූතියි මේ ගැන කිව්වට විචාරක මහතාණනී. මමත් මේ පන්සල ගැන ඇහුවමයි ඔය.

    එතකොට මිරිදිය ධීවර කර්මාන්තය ඉස්සර පන්සලෙනුත් අනුමත වෙලා තියනවා.. දැන් මේ හාමුදුරුවො සිවුර උස්සන කෑගැහුවට.

    • හාමුදුරුවෝ මට කිව්වේ මෙහෙමයි. සෙල්ලිපියේ තියෙන්නේ රාජ නියෝගයක්. ඒ නියෝගයෙන් කියන්නේ ධීවරයින්ගෙන් අයකරගන්නා බදු මුදල් පන්සලේ නඩත්තුව සඳහා ලබාදිය යුතුයි කියන එකයි. ඒ අනුව පන්සල එය අනුමතකලා කියන්න සාධක නැහැ. කරන්නත් ඇති නොකරන්නත් ඇති. රජ්ජුරුවන්ගේ නියෝගයට ඉහලින් ගියේ නැහැනේ කවුරුවත්. දැනුත් එහෙම නේද?

    • @ Senna

      රජ කාලේ විහාරයකට නඩත්තුව සඳහා දෙයක් පවරද්දී ඒවා සිදු කරපු විධිමත් ක්‍රමවේදයක් තිබිලා තියෙනවා.

      ඒකේදී විහාරයට ඉඩමක් ගමක් පූජා කරනවා නම් ඒ ගම විහාර ගම් කියලා හැඳින්වුවා වගේම ඒ ගමේ වාසය කරපු මිනිස්සු ගමේ ඉඩම්වලින් ලැබෙන අස්වැන්නෙන් රජතුමාට ලබාදිය යුතු කොටස අදාළ විහාරයට ලබාදුන්නා. වැවක් පූජා කළා නම් ඒ වැවේ ආදායමත් ඉහත විදිහටම අදාළ විහාරයට ලබාදුන්නා.

      ඒ වගේමයි ඒ කටයුතු අධීක්ෂණයට කප්පියකාර මණ්ඩලයක් එහෙමත් නැත්නම් ගිහි පුද්ගලයින්ගෙන් සමන්විත භාරකාර මණ්ඩල පැවතිලා තියෙනවා

  7. මම වැඩකරන පැත්තටත් ලඟයි. ඒ කිට්ටුවම මගෙ යාලුවෙක් ඉන්නවා ඉඩ ලැබුනම ගිහින් බලන්න ඕන

  8. ආනමඩුවෙ මිත්‍රයෙක් ඉන්නවා ගියහම බලන්න යන්න ඕන.

  9. වෙලාවක යන්න ඕනෙ බලන්න..

    විස්තරයට ස්තුතියි!

    කුණු ප්‍රශ්නය නම් විශාල ප්‍රශ්නයක් වේගෙන එන්නෙ.. පාලකයො ඇහැ කන් පියන් හිටියොත් ස්භාවික සුන්දරත්වය නැතිවෙලා විතරක් නෙමෙයි ජාතියම ලෙඩ වෙලයි නවතින්නෙ..

    මම නම් කොහෙහරි තැනකට ගියාම කුණුදාලා එන්නෙ නෑ.. ටොෆී කොළේ පවා ගේනවා.. නැත්නම් නියමිත ස්ථානෙකට දානවා..

    හැබැයි යාලුවෙක් මට කිව්වා යන පාරෙවත් ටොෆී කොළයක් දාන්න එපා කියලා.. උන්දෑ ටොෆී ගෙනත්දීලා කොලෙත් අරන් යනවා..:)

  10. අපේ රටේ කොතන ගියත් සිත නිවා ගන්නට හැකි ස්ථාන කොතෙකුත් තියනව මෙ වගේ ස්ථාන පිළිබඳව මෙහෙම දැනුවත් කිරීමත් ලොකු පිනක් දැනුම දුන් ඔබට ස්තුතියි
    මම
    කටානේ – ඩයස් කිරිආරච්චි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: