විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මගේ අන්තර් ජාල සම්බන්ධතාව ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතිනි. එය හෝම් අන්ලිමිටඩ් නමින් සුප්‍රසිද්ධ (කුප්‍රසිද්ධ?) පැකේජයයි. පසුගිය මාස කීපය තුල, අවස්ථා ගණනාවකදී, මට මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ඉතා අඩු බව දැනුනි. මේ අත්දැකීම මුලින්ම විඳි අවස්ථාවේ සිට, පසුගිය මාස කීපය තුල වරින්වර, ටෙලිකොම් අමතා දෝෂ වාර්තා කිරීමෙන් පසු තරමක් සතුටුදායක තත්ත්වයට පත්විය. නමුත් පසුගිය සතියේ සිට මා මෙතෙක් අත්විඳි අතිශයින් අප්‍රියජනක අත්දැකීමට මුහුණදීමට සිදුවිය. ඒ අත්දැකීම වන්නේ මගේ බ්ලොග් අඩවියට ඇතුලත් කිරීම සඳහා පින්තූර අප්ලෝඩ් කිරීමට නොහැකි වන තරම් වේගය අඩුවීමයි. මා තාක්ෂණික තොරතුරු යටතේ පල කර ඇති ‘අපේ කාලයේ තුවක්කු 4 ඉතිරි කොටස’ නමැති ලිපියෙහි පලකිරීම සඳහා සූදානම් කරගෙන සිටි පින්තූර කීපයක් අත්හැර දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් එම ලිපිය අසම්පූර්ණ බවකින් යුක්තව පල කිරීමට සිදුවිය.

පසුගිය සිකුරාදා (20 වැනිදා) රාත්‍රියේ මා නිතර බලන වෙබ් අඩවි බොහොමයකට යාමට උත්සාහ කලත් දිගු කාලයක් බලාසිටීමට සිදුවුයේ අන්තර්ජාලයේ වේගය එතරම්ම පහත වැටී තිබුණු බැවිනි. රාත්‍රී 11 ට පමණ බලද්දීද කිසිදු වෙනසක් නොවුයෙන් ඒ වෙලාවේදීම පැමිණිලි කලෙමි. සුපුරුදු පරිදි කලින් පුහුණුකර ඇති තාක්ෂණික හා කාර්යාලයීය ශබ්දකෝෂයේ වචන වලින් පිළිතුරු ලද අතර පැමිණිල්ලේ යොමු අංකයද ලැබුණි. දැනට විනාඩි 45 කට පමණ පෙර (2012 අප්‍රේල් මස 22 වැනිදා රාත්‍රී 9.40) මා කල පැමිණිල්ල වෙනුවෙන් ගත ක්‍රියාමාර්ගය විමසීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් නව කෙටි අංකය වන 1212 ඇමතුවෙමි. යටිකයට කිසිවක් නොඇඳ, අයිස් කැටයක් මත වාඩිවී සිටින අවස්ථාවකදී, තරුණියක් කතාකරන ලීලාවෙන් පටිගත කල, මග පෙන්වීමේ පණිවිඩය අවසානයේදී තාක්ෂණික නිලධාරියකු සම්බන්ධ කරගැනීමේ භාග්‍යය (භාග්‍යය?) උදාවිය.

ඔහු මුලින්ම කතාකලේ මාගේ පැමිණිල්ල ගැන අන්දොසන්සාරයක් නොදන්නා ආකාරයටය. මම ‘කොම්පියුටර් ඛාන්’ කෙනෙකු බවත්, ඒ නිසා මට ‘මොත්තය’ දැමීමෙන් පලක් නොවන බවත්, ඉතා කල්පනාවෙන් තෝරාගත් වචන වලින් ඔහුට පැහැදිලි කර දුන් අතර, මගේ ඇමතුම සම්බන්ධ සියලු තොරතුරු ඔහුගේ පරිගණක තිරයේ දිස්වන බවත්, ඊට කලින් කල පැමිණිල්ලේ විස්තර ක්ෂණයකින් ඔහුට ඒ තිරයේම දැකගත හැකි බවත්, මේ දුරකථන සංවාදය පටිගතවන බව මා දන්නා බවත්, වැඩි දුරටත් ප්‍රකාශ කලෙමි. ඉන්පසු මා විමසුවේ මගේ කලින් පැමිණිල්ල සබැඳිව ගත් ක්‍රියාමාර්ගයයි. එයට ලද පිළිතුර වුයේ මගේ ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයට එය වාර්තා කර ඇති බවයි. යක්ෂ සේනාධිපතියා මා හිසට වඩිද්දී, එය වළක්වාගෙන, තරමක් තද ස්වරයෙන් මා ප්‍රකාශ කලේ, ඔහු සමග වාද කිරීමෙන් පලක් නොවන බවත්, මෙසේ සබඳතා වේගය අඩුවීමට හේතු දක්වනලෙසත්, නැතහොත් මේ පටිගතවන සංවාදය ප්‍රධාන විධායක නිලධාරියාට අසන්නට සලස්වන ලෙසත්ය. තවද, මා ලබාගෙන සිටින වර්ගයේ පැකේජය ලබාගෙන සිටින සියලුදෙනාටම මේ ඉරණම අත්වීමට හේතුව කුමක්ද යන්නත්, එසේ සබඳතා වේගය අඩුකර ඇතිබව අන්තර්ජාලයේම පලවී ඇතිබව ඔහු දන්නේද යන්නත් විමසුවෙමි.

බලලා මල්ලෙන් එලියට පැන්නේ ඒ මොහොතේදීය. හෝම් අන්ලිමිටඩ් පැකේජය ලබාගෙන සිටින සියලු දෙනාගේම වේගය, බාගත කරගැනීමේ දත්ත ප්‍රමාණය ගිගා බයිට් 20 – 25 ඉක්මවුපසු, වේගය 64 kbps දක්වා අඩු කරන බවත්, නැවත එය නියමිත වේගය වන 512 kbps තත්වයට පත්වන්නේ, ඊළඟ බිල්පත් සැකසීමේ දිනයේ සිට බවත්, ඔහු ප්‍රකාශ කළේය. කොහොමද ටෙලිකොම් මොලේ? ඉන්පසු මා විමසුවේ, මෙය ඉතා බරපතල ලෙස, අදාළ අන්තර්ජාල සබඳතාවය පිලිබඳ ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන්නේද යන්නත්, මේ සබැඳිව නීති මගින් ක්‍රියා කිරීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති බව නොදන්නේද යන්නත්ය. ‘සර් ඒ ගැනනම් මට මොකුත් කියන්න බැහැ, මෙන්න මේ අංකයෙන් කාර්යාලයීය වේලාවන් තුලදී අපේ සී.ආර්.ඕ. ට කතා කරන්න’ කියා ඔහු, 0112348002 යන අංකය ලබා දුන්නේය. අදාළ නිලධාරියාගේ නම ‘චින්තක’ බවද ඔහු කීවේය. (චින්තක වේවා, ‘චිතක’ වේවා, ‘ජින් තක’ වේවා අපට කමක් නැත. අපට අවශ්‍ය අන්තර්ජාල සබඳතා ගිවිසුමේ ප්‍රකාර වේගයයි)දැන් අපි කුමක් කරමුද? නීතිය සෑහෙන තරම් වල් වැදී ඇතිබව රට දෙස බලද්දී පෙනෙයි. මෙතනත් මොකක් හෝ නීති සූත්තරයකින්, තම ගඳ ගහන කුණු ප්‍රතිපත්ති නමැති නිරුවත වසා ගැනීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් උත්සාහයක් දරා ඇතිබව පෙනෙයි. නමුත් ඒ නිරුවතේ විශාලත්වය, අර පුංචි සූත්තර කෑල්ලෙන් වැසීමට නොහැකි තරම් බව, ඔවුන්ට නොපෙනෙයි. නැතහොත් නොපෙනුනාසේ සිටියි. ඒ නිරුවතේ කුණු ගඳ අන්තර්ජාලය පුරා හමන බව නොසිතයි. නැතහොත් එසේ සිතන්නට තරම් හරිහමන් ජන්ම ලක්ෂණ ඔවුන්තුල නැති බවකුයි පෙනෙන්නේ. මුන්ට කොටන්ඩ ගොන් කවඩි වත් නැති හැටි.

මේ සබැඳුම් දෙකටත් අවධානය යොමු කරන්න.

http://shevanthanotebook.blogspot.com/2011/12/slt-broadband-online-petition.html

http://www.hackrish.blogspot.com/2012/01/blog-post.html

Advertisements

Comments on: "ටෙලිකොම් එකේ හෙළුව හෙළිවුණා" (32)

  1. බාධා වීම් තිබුනත් මගේ ඔය තරමටම නම් අඩුවෙලා නෑ , පරණ අයට එහෙම කරනවා නම් ටිආර්සී එකට පැමිනිලි කරන්න පුලුවන් . මම නම් දැන් ඉස්සරටත් වඩා ඩවුන්ලෝඩ් කරනවා මුන්ට පුලුවන් ලබ්බක් කරගන්න කියලා . ටෙලිකොම් ගන්නවට වඩා ගොඩක් හොඳයි ලංකා බෙල් ගන්න එක . එහෙමත් නැත්නම් මොබයිල් කනෙක්ශන් එකකුත් නරක නෑ

  2. ඔය සීමාව කාලයක් තිස්සේ තිබුනා මම දන්නා තරමින්. තමන් අවශ්‍ය ප්‍රමාණයෙන් අළුත් නොවී ඉල්ලන හැම එකාටම දීමට යාමෙන් ටෙලිකොම්, මොබිටෙල් (මා භාවිතා කරන ඒවා) අවහිරතා ඇති වීම වලක්වා ගන්නට උන් කරන්නේ මේ දේයි.

    • දැනට මාස හයකට පමණ උඩදී මට අහම්බෙන් ලැබුනා ‘ඩයලොග්’ හඳුන්වාදීමේ (Mobile Broadband) පැකේජයක්. එහි ක්‍රමය මෙයයි. අසීමිත බාගැනීමේ පහසුව. බාගත කිරීම ගිගා බයිට් 2 දක්වා වේගය 1 Mbps. බාගත කිරීම ගිගා බයිට් 2 ඉක්මවූ පසු වේගය 512 Kbps දක්වා අඩුවෙනවා. සියලු බදු ඇතුළුව මාසික ගාස්තුව රු 610 යි. හොඳට සංඥා තිබේනම් ‘වෙඩි වගේ’ වැඩ. මම මේ පැකේජය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන මගේ දියණියට දුන්නා. මගේ ගෙදරට ඩයලොග් සංඥා අඩුයි.

      • මමත් පවිර්‍චචි කරන්නෙත් 2gb එක තමයි . හැබැයි 2gb පැන්නට පස්සේ 110—-70kbps බහිනවා. එතකොට එපා වෙනවා. එ පැකේජ්එකත් දැන් දෙන්නැලු’

        • ඒ පැකේජ් එක දැන් දෙන්නේ නැහැ. මමත් බැලුවා තව එකක් ගන්න. මගේ දියණිය මාසෙකට 10 GB වලට වඩා බාගන්නවා. එතරම්ම වේගය අඩු වෙන්නේ නැහැ.

  3. අන්ලිමිටඩ් පැකේජය මිළදී ගැනීමට යාමේදී, මටනම් ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කළා. මේක කොච්චර දුරට සාධාරණ වැඩක්ද කියලා මටනම් හිතා ගන්ඩ බෑ. ඔබ දුන්නු පලමු සබැඳියේ පළමු කමෙන්ට් එකේ ඒ පිළිබඳ විස්තරයක් තියනවා දැක්කා.

    ප.ලි ; ( මෙයට අදාල නොවේ )

    ඔබ දුන්නු පළමු සබැඳිය මගින් සම්බන්ද වන බ්ලොග් අඩවිය මඟින් බ්ලොග් ලිපි සොරකම් කොට පල කරන බවට හිතවත් බ්ලොග් කරුවකු විසින් දැනුවත් කොට තිබූ බවද ඔබගේ දැන ගැනීම උදේසා සටහන් කරමි.

    විස්තර මෙතනින්.

    http://sinhalaya-lokayata.blogspot.com/2012/04/blog-post_08.html

    • දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි.

      • @ සෙන්නා ,

        එහෙම චෝදනාවක් තිබුනා තමා.. මට මතක හැටියට මිනිහා කිව්වා තමුන්ගෙ ලිපි නෙමෙයි දාන්නෙ අනිත් අයගෙ ඒවලින් හොඳ ඒවා කියලා.. ඒ වුනාට ඇත්ත කතෘගෙ ලිපියට සබැඳියක් නොදා දාන එක නම් කැත වැඩක්..

        අනික තමයි එළකිරියෙ ඊමේල්වල හිටු කියලා බ්ලොග් පෝස්ට් හුවමාරු වෙනවා.. කතෘ කවුද කියලා නෑ.. මම නම් කරන්න බ්ලොග් එක දන්නවානම් ඒකෙ ලින්ක් එක එවපු කෙනාට යැවීම..

        වැඩි දෙනෙක් අතරට ප්‍රවෘත්තිය යන එක ඇත්ත වුනත් මහන්සිවෙලා ලියන මනුස්සයාට අසාධාරණයක් වෙනවා කියලයි මට හිතෙන්නෙ.. මම නම් හොඳ ලිපියක් දැක්කොත් ඒකෙ කොටසයි යවන්නෙ.. ඉතිරියට ලින්ක් එක දානවා..

  4. ලංකාවෙ කස්ටමර් සර්විස් ගැන නම් කතා කරලා වැඩක් නෑ… උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙ වහල්ලු කියලා.. උන්ගෙ සල්ලි දෙලා අපි බඩු අරන් වගේ..

    මගේ කනෙක්ෂන් එක Etisalat .. බිල ගෙවල තියෙද්දිත් කපනවා.. කෝල් කරලා තමයි ගොඩ දාගන්න වෙන්නෙ.. ඒ කෝල් කරාමත් ඇඩ් යනවා බරටම.. ෆෝන් එක අල්ලලා පොලොවේ ගහන්න හිතෙන්නෙ..ඒත් මගේම ෆෝන් එක නිසා නිකා ඉන්නවා..පෞද්ගලික ඒවලත් තත්වය ඕකයි..

    මගෙ IP එකෙන් සයිට් වගයක් බ්ලොක් වෙලා හදන්න සතිගානක් ගියා.. කෝල් කරන්න කරන්න අපිට තව කාලය අවශ්‍යයි කියනවා..

    කොහොමත් ටීවී එකේ යන ඇඩ්වලින්ම හිතෙන්නෙ නැද්ද උන් හිතන් ඉන්නෙ මිනිස්සු මෝඩයෝ කියලා බව..

  5. ඔය ක්‍රමය අද ඊයේ තියෙන දේයක් නොවේ දැන් බොහෝ කලක් ඉදන් තමයි තියෙන්නේ. SLT ගැන ඉතින් කථා කර වැඩක් නැති නිසා ​​හොදම දේය තමයි තමන් කොයි තරම් ප්‍රමාණයක් භාවිතා කර ඇත්ත ද යන්න කල් තියා දැන ගැනිම. අනික තමයි ඔබ සැම මාසයකම භාගත කිරිම් වැඩි​යෙන් කර ඇති අයෙක් බව තමයි මට නම් තේරෙන්නේ. මොකද එහෙම අයට තමයි Unlimited වුනත් 25Gb ගිය පසු ඉබෙම ඇතිවන තත්වයකට ඔබේ පැකේජය පත් කර තිබිම. මොනවා වුනත් පැය 24 පුරාම ඉතින් online ඉන්න පැකේජයක් දැනට නම් ලංකාවේ නැ. අනික තමයි අපට අවශ්‍යය විටදි පමණක් අන්තර්ජාලය භාවිතා කිරිමට ඔබට සිදුවනවා. ඔබ දිගටම ඔය පැකේජයේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම නිකමට වගේ පුරැදු වෙන්න මාසයකට 25GB වලට අඩුවෙන් භාවිතා කරන්න. එවගේම එය ටිකක් විතර හුරැ වු විට ඔබට පුළුවන් අලුතින් හදුන්වා දි තිබෙන webfamily පැකේජයට මාරැ වෙන්න. මමත් ලගකදි ඉදන් එම පැකේජයට මාරැ වි තමයි ඉන්නේ. අනික උපරිම හොද වේගයක් තියෙනවා. සැම දේයම කළමණාකරනය කර ගැනිම තමයි වැදගත් වෙන්නේ. දැනට තිබෙන ඔබගේ ක්‍රමයේදි පුළුවන් torrent පමණයි හරියට භාගත කරන්න පුළුවන් වෙන්නේ.

  6. තමන් භාවිතා කර ඇති ප්‍රමාණය දැන ගැනිම සදහා මෙතනින් පුළුවන්

    http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp ඉන් පසු කරන්න තියෙන්නේ ඔබගේ ADSL ID ක වන @ සලකුණට පෙර තිබෙන කොටස හා ADSL password එක ලබා දි ඉන් පසු ඔබගේ පැකේජය තොරා ගන්න පුළුවන් ඉන්පසු බලන්න පුළුවන් කොයිතරම් භාවිතා කර තිබෙද කියලා

  7. මේක සාමන්‍ය දෙයක්. ඕකට කියන්නෙ fair usage policy කියල. මොකද අසීමිත බාගත කිරීම් වලින් අන් පාරිභෝගිකයන්ට වෙන අසාධාරනය සලකලයි ඕක කරන්නෙ.

    ඔබට අසීමාන්තික බාගත කිරීමක් අවශ්‍යනම් ඒ සඳහා වාණිජමය පැකේජයකට යා හැකියි.

    මේක ලංකාවෙ විතරක් කරන දෙයක් නෙමෙයි.
    http://www.broadbandchoices.co.uk/broadband/fair-usage-broadband.html

  8. මම හිතන්නෙ, ඔයා ෆෙයාර් යුසෙජ් පොලිසි එක ගැන දන්නෙ නෑ වගෙ. ඒක ඇප්ලයි කලෙ ගිය අවුරුද්දෙ ඉදල. හැබැයි පරණ අයට ඕක අදාල නෑ.

    • මම මේ පැකේජ් එක ගත්තේ 2009 මාර්තු 3 දින සිට. මේ තරම් වේගය අඩු වුනේ මුල් වතාවට. මම පරණ කෙනෙක්ද අලුත් කෙනෙක්ද කියලා දැනගන්නේ කොහොමද?

  9. සහෝ ටෙලිකොම් එකට බැනල වැඩක් නෑ බනින්න ඕන අපේ හරක්ම ඡන්දය දීපූ හාල්පාරුවන්ට විදුලි සංදේශ සාධාරණ භාවිතා පනත ගෙනාපු කුළු හරක්ට ….දේශපාලන හැත්තට

  10. මම නම් ඩයලොග් 2gb භාවිතා කරන්නේ 2gb පැන්නට පස්සේ ඉතින් බඩ ගානවා වගේ තමා හැබැයි අනන්ලිමිටඩ් නිසා ගානක් නෑ කොහොමත් යන්තම් යන්ත්ම් 10gb විතර පාවිච්චි කරනවා ඒකෙන්… පර්ස් එකට ලේසියි එහෙම

  11. කස්ටමර් කෙයා ගැන කියවෙන මේ විහිළුව රසවිඳ සිත පහදවාගන්න 🙂

    Why I’d rather be punched in the testicles than call customer service

    • ඇත්තටම ඔබ කලේ ලොකු උදව්වක්. ඇතිවනතුරු හිනාවුනා. බොහොම ස්තුතියි. පුළුවන් වුනොත් ඒවා යවනවා ටෙලිකොම් එකට.

  12. මම දන්නා තරමින් මෙම සීමා කිරීම කලක පටන් පවතී ක්‍රමයයි , මම දැනට ජිවත් වෙන රටෙත් සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතාවයත්ගොඩාක් වේගවත්, ADSL සම්බන්ධතාවයේ වේගය 7MBPS , සීමා රහිත කියල තිබුනට කොන්දේසි වල තියෙනවා සතියකට 50 GB වලට වඩා වැඩි උනොත් ඊළගට ඩවුන්ලෝඩ් කරන හැම MB 1කටම යම් මුදලක් ය කරනවා.
    මම කිව්වේ මගේ අත්දැකීම්.

    මේ තියෙන්නේ මම කියන කනෙක්ෂන් එකේ විස්තර

    http://casa.vodafone.it/internetetelefono/

  13. අපිටනම්(ගෙදරට)ඔය ප්‍රශ්ණය තාමඔහොමමයි

  14. සාධාරණ පාරිභෝගික ප්‍රතිපත්ති යටතේ කිසියම් පාරිභෝගිකයෙක් කිසියම් සීමාවක් [මට ඒක නම් මතක නැහැ] ඉක්මවලා භාගත කිරීම් කරලා තියෙනවා නම් එයාව සීමා කරන්න ටෙලිකොම් එකෙන් කටයුතු කරනවා කියන එක මටත් ටික කාලෙකට කලින් දැනගන්න ලැබුණු එකක්.

    කරන්න දෙයක් නැහැ ඉතින් කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ කිව්වලු 🙂

    • මම ගිය සතියේ ඇහුවම පාරිභෝගික උපකාරක සේවයේ නෝනා කෙනෙක් කිව්වා ඊළඟ මාසේ පටන් ගත්තම වේගය ආපහු නියමිත ප්‍රමාණයට එනවා කියලා ඒ වුනාට තවම නැහැ. මම හිතන්නේ නෝනා කිව්වට තවම මාසේ මාරුවෙලා නැතුව ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: