විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


.303 සුළු යාන්ත්‍රික තුවක්කුව පිළිබඳව ඔබ ලබාගත් මූලික දැනුම සහ විවිධ ප්‍රශ්න විමසීමෙන් තහවුරු කරගත් දැනුමත් උපයෝගී කරගනිමින් අපි කොටස් වලට ගැලවූ තුවක්කුව යලි සවිකර වෙඩි තියන්නටයි දැන් සූදානම් වෙන්නේ. මේ තුවක්කුවට කියන නමෙහි කිසියම් පරිවර්තන දෝෂයකුත් තියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Light Machine Gun කියන නම සුළු යාන්ත්‍රික තුවක්කුව කියා තමයි මුල් අවධියේදී පරිවර්තනය වී තිබෙන්නේ. නිවැරදි නම විය යුත්තේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව යන්නයි. හරියට අර ‘සිඟර් singer’ මහන මැෂිමේ නම’ සිංගර්’ කියා ලිව්වා වගේ තමයි.

හොඳයි එහෙනම් දැන් තුවක්කුව ආපහු සවි කරමු නේද? මතකද අන්තිමට ගැලවූ කොටස? එතනින් තමයි පටන්ගන්නේ. මුලින්ම තුවක්කුව ගැලවීමට දනගසාගත් ආකාරයටම දන ගසා ගන්න. අපි අන්තිමට ගැලෙව්වේ පිස්ටන් එක. හොඳයි දැන් පිස්ටන් එක බොඩි ග්රූප් එක ඇතුලට යවන්න. දෙපැත්තේ පීලි දෙකක් වගේ ග්රූව්ස් දෙකක් තියනවා. ඒ දිගේ පසුපසට යවන්න. ‘චක්ස්’ හඬකින් එය සවිවෙනවා ඇහෙයි. ඊළඟට බයිපොඩ් ග්රූප් එක අරගෙන බොඩි ග්රූප් එක ඉදිරිපසින් සවිකරන්න. නියමිත ස්ථානයට ආවම එය හිරවී නවතිනවා. දැන් බයිපොඩ් එක දිගාරින්න. බයිපොඩ් එක පොළොවට තබා බොඩි ග්රූප් එක වම් අතින් අල්ලාගෙන බට් ග්රූප් එක අතට ගන්න. එහි දෙපැත්තේ පීලි වැනි ග්රූව්ස් දෙකක් තිබෙනවා. ඒ දෙක බොඩි ග්රූප් එකේ ඇති එවැනිම ග්රූව්ස් දෙක සමග සමපාතව තබා සෙමෙන් ඉදිරියට තල්ලු කරන්න. සම්පූර්ණයෙන් ඉදිරියට ගියවිට ඒ කොටස් දෙකඩ ‘චක්ස්’ ශබ්දයෙන් සවි වෙනවා. දැන්, එලියට ඇදී තිබෙන බොඩි ලොකින් පින් එක බුලට් එකකින් තද කරන්න දකුණු පැත්තට. බැරල් එක අතට ගන්න. එය බොඩි ග්රූප් එකේ ඉදිරිපස කොනට තබා පසුපසට තදකර ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ දිශාවට බැරල් නට් කැච් එක කරකවන්න. බැරල් එක හොඳින් ලොක් වනතුරු කරකවන්න. හරියට සවි වුනානම් ෆොසයිට් එකත් රියර් සයිට් එකත් එකම තලයක පිහිටනවා. දැන් තුවක්කුව පතරොම් නොදමා කොක් කර ට්‍රිගරය මිරිකා බලන්න. ප්‍රශ්නයක් නැතිව පිස්ටනය වැඩ කරන්නේනම් තුවක්කුව නිවැරදිව සවිවී ඇත. එසේ නොවුනොත් මුළු තුවක්කුවම නැවත ගලවා සවි කලයුතුයි.

  හොඳයි, දැන් අපි සූදානම් වෙන්නේ තුවක්කුවෙන් වෙඩි තැබීමටයි. මුලින්ම අපි මැගසින් එකකටවත් පතරොම් පුරවාගතයුතුයි. හිස් මැගසින් එක පෙනෙනවා නේද? එහි කට පැත්තේ මතුපිට කොටසට කියන්නේ ප්ලැට්ෆෝම් එක කියලයි. තුවක්කුව ගැලවීමට දණ ගසාගත් ආකාරයටම දණ ගසාගෙන, මැගසින් එකේ ප්ලැට්ෆෝම් එක උඩට සිටිනසේ, එහි කට පැත්ත උඩට හරවාගන්න. ඔබ මැගසින් එක අල්ලාගත යුත්තේ ඔබේ වම් අතින්. මැගසින් එකේ වක්‍රයේ කුඩා පැත්ත ඔබේ සිරුර පැත්තටත්, වක්‍රයේ විශාල පැත්ත සිරුරට විරුද්ධ පැත්තටත් සිටිනනසේ. ඔබේ වම් අතේ මහපට ඇඟිල්ල මැගසින් එකේ කුඩා වක්‍රය පැත්තෙනුත් ඉතිරි ඇඟිලි හතර විශාල පැත්තෙනුත් සිටිනසේ අල්ලාගන්න.

දැන් පතරොම් පහක් හයක් පමණ ඔබේ දකුණු අතේ මිටට ගන්න. එම පතරොම් වල බුලට් පැත්ත ඔබේ සිරුර පැත්තට සිටිනසේ අල්ලගන්න.බයවෙන්න එපා, මැගසිනයට පතරොම් පුරවද්දී, ඒවා ප්ලැට්ෆෝම් එකට තදවුනාට පුපුරන්නේ නැහැ. දැන් ඔබ දැනගසාගෙන සිටින කකුලේ කලව මත, මැගසින් එකේ කට පැත්තට විරුද්ධ පැත්ත තබා, කට පැත්තට ඉතාම ආසන්නයෙන්, වම් අතින්, පෙර කියාදුන් පරිදි මැගසින් එක අල්ලා ගන්න. දකුණු අතේ ඇති එක පතරොමක්, ප්ලැට්ෆෝම් එක මත තබා, දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්, යටට තද කරන අතර වම් අතේ මහපට ඇඟිල්ලෙන් එය ඉදිරියට තල්ලු කරන්න. මෙය හරියට ඉගෙන ගත්තාම යන්ත්‍රයක් මෙන් වේගයෙන් පතරොම් පිරවීම කල හැකියි. රාත්‍රී කාලයේදී මෙය තනියම කිරීමට දක්ෂතාවය ඇතිකිරීම සඳහා, සොල්දාදුවන්ගේ ඇස් බැඳ මෙය කරවනවා. ඔවුන් අති දක්ෂ ලෙස එය කරනවා. ටී 56 මැගසිනය පුරවන්නෙත් මේ ආකාරයටමයි.

පතරොම් පිරවූ පසු මැගසිනය පෙනෙන හැටි දැක්කනේ? දැන් අපි මැගසිනය තුවක්කුවට සවි කල යුතුයි. ඊට පෙර සේෆ්ට්ය් ලිවරය ‘එස්’ තැනට දමන්න. දැන් තුවක්කුවට පසුපසින් බිම දිගාවී පුරවාගත් මැගසිනය වම් අතට ගෙන දකුණු අතින් මැගසින් ඕපනින් කවර් එක අරින්න. එය කරන්නේ එම තහඩු කොටස බැරල් එක දෙසට තල්ලු කිරීමෙන්. දැන් මැගසිනය මැගසින් විවරයට තබා තද කලයුතුයි. එවිට ‘ක්ලික්’ හඬින් එය සවිවනවා. සොලවා බලන්න හරිද කියා.  හැබැයි මතක තියාගෙන හොඳින් බලන්න මැගසිනයේ කුඩා වක්‍ර පැත්ත බැරල් එක දෙසට සිටිනසේ තිබිය යුතුයි. නැත්නම් මැගසිනය සවි වන්නේ නැහැ.

  දැන් අපි පතරොම් පිරවූ මැගසිනය තුවක්කුවට සවිකර අවසන්. මීළඟට කලයුත්තේ වෙඩි තැබීමේ දුර සකසා ගැනීමයි. කවදාවත් ඔහේ නිකම් වෙඩි තියන්නේ නැහැ. තුවක්කුව පරීක්ෂා කිරීමට වෙඩි තැබුවත් කිසියම් ඉලක්කයක් තිබිය යුතුයි. අපි හිතමු අපි වෙඩි තියන්නේ යාර 200 ක් ඈත තිබෙන ඉලක්කයකට කියා. ඔබට පෙනෙනවා අති කොහොමද බැක් සයිට් ඩ්‍රම් එක කරකවා සකස් කරගන්නේ කියා. දුර යාර 200 නම් 2 ඉලක්කමටත් 300 නම් 3 ඉලක්කමටත් ආදී වශයෙන් යාර 1200 දක්වා සකස් කල හැකියි.

  දුර සකස් කර ගැනීමෙන් පසුව පමණයි සේෆ්ටි ලිවරයට අත තබන්නේ. ආරක්ෂාව ගැන සොල්දාදුවකු එතරම්ම සැලකිලිමත් වියයුතුයි. දැන් අපි තීරණය කල යුතුයි අපි වෙඩි තියන්නේ කුමන ක්‍රමයටද කියා. තනි උණ්ඩ ලෙස වෙඩි තබනවානම් අපි සේෆ්ටි ලිවරය ‘ආර්’ ස්ථානයට යොමු කල යුතුයි. බර්ස්ට් (burst) හෙවත් ස්වයන්ක්‍රීයව පොකුරු උණ්ඩ වෙඩි තබනවානම් ‘ඒ’ ස්ථානයට සේෆ්ටි ලිවරය යොමු කල යුතුයි. මතක තබාගන්න. ‘ඒ’ ස්ථානයට දමා වෙඩි තියනවනම් වෘෂභ රාජයකුසේ දිගටම ට්‍රිගරය තද කරගෙන නොසිටිය යුතුයි. එයින් සිදුවන්නේ මුළු මැගසිනයම තත්පර ගණනකින් අවසන්වීම පමණයි. ට්‍රිගරය මිරිකීම පාලනයක් ඇතිව කිරීමෙන් වරකට උණ්ඩ එකක්, දෙකක්, තුනක්, කීපයක්, වෙඩි තැබීමට තරම් දක්ෂයකු වීමට පුළුවන්.

දුර සැකසු වහාම කලයුතු ක්‍රියාව වන්නේ කොකින් හැන්ඩ්ල් එක, එක වරම වේගයෙන් පසුපසට ඇද ඉදිරියට තල්ලු කිරීමයි. හෙවත් තුවක්කුව ‘කොක්’ කිරීමයි.එවිට තමා මැගසිනයේ ඇති පළමුවැනි පතරොම තුවක්කුවේ චෙම්බරයට ඇතුළු වෙන්නේ.

 දැන් තුවක්කුව වෙඩි තැබීමේ ඉරියව්වට ගත යුතුයි. මා මුලින්ම ඔබට පෙන්වන්නේ බිම දිගාවී වෙඩි තැබීමේ ඉරියව්වයි. ඉන්පසු වෙනත් ඉරියව් දක්වනවා.

  ඉලක්කය ගැනීමේදී පහත දැක්වෙන කරුණු සම්පූර්ණ විය යුතුයි. තමන්ගේ ඉලක්කය දෙස බලන ඇස, බැක් සයිට් එකේ සිදුර, ෆෝසයිට් එකේ මැද තිබෙන ෆෝසයිට් බ්ලේඩ් එක, ඉලක්කය, එකම සරල රේඛාවක පිහිටිය යුතුයි.

වෙඩි තැබීමෙන් පසු කලයුතු ක්‍රියාව වන්නේ ඉලක්කයට වැදුනේද යන්න නිරීක්ෂණය කිරීමයි. ඉන්පසු තමන්ගේ ඉරියව්ව සහ තුවක්කුවේ පිහිටීම සීරු මාරු කර ගැනීමෙන් ඉලක්කයට වෙඩි තැබීම සාර්ථක කරගත හැකියි.

ඔබ දැනගත යුත්තේ තවත් එක කරුණක් පමණයි. ඒ තමයි මේ තුවක්කුවේ ක්‍රියාකාරිත්වය. මේ තුවක්කුව ගෑස් ඔපරේටඩ් Gas Operated නමැති වර්ගයටයි අයිතිවන්නේ. එහිදී සිදුවන්නේ පත්තුවෙන පතරොමෙන් තුවක්කු බැරලය තුල ඇතිකරන අධික වායු පීඩනය මගින් තුවක්කුවේ පිස්ටනය ක්‍රියා කරවා එමගින් ඊළඟ පතරොම චෙම්බරය තුලට යැවීමයි.

මේ රූප සටහන අධ්‍යයනය කිරීමෙන් ඔබට තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පිලිබඳ අවබෝධයක් ලැබෙනු ඇති.

ඔබට බොහොම ස්තුතියි ඉවසීමෙන් හා අවබෝධයෙන් යුතුව මේ තුවක්කුව පිලිබඳ කරුණු අධ්‍යයනය කිරීම පිළිබඳව.

තවත් තුවක්කුවකුත් රැගෙන නැවත ඔබ හමුවීමට එන්නම්.

Advertisements

Comments on: "අපේ කාලයේ තුවක්කු 4 ඉතිරි කොටස" (12)

  1. ඇත්තටම හුගක් වටින බොහොම දෙයක්. ඔබ හමුදා නිළධාරියෙක්ද? (Dog Tags දැකලා ඇහු‍වේ)

  2. නිතර මේ පැත්තෙ එනනිසා commennt කලේ post එක කියෙව්වෙනම් නෑ. පස්සෙ කියවලා comment කරන්නම්කෝ

  3. ඔන්න ඒකෙනුත් වෙඩි තිබ්බා..

  4. ලිපිය කියවනකොට තුවක්කුවක් තිබ්බ නම් මරු.. මේ වගේ ලිපි පෙළක් සිංහල බ්ලොග් වල දැක්කමයි. විශිෂ්ඨයි,,,,

  5. අර්‍මමො දැර්‍මමා . මම හරි ආසයි අප්පා මෙවුවට. සීයළු ආරක්ෂක අංශවල ඉහල පහල නිළයන්ව මීතූරන් නැදෑයන් ඉදලත් හැබැයි කවදාවත් හමුදාවට යන්න හිතූන් නැ. කරැමෙද මන්දා. සමහරක් විට යන්ත්‍ර වලට තියන ආසාව වෙන්ටෑ

  6. // ඔබ මැගසින් එක අල්ලාගත යුත්තේ ඔබේ වම් අතින්. //

    මේක වමත් කරුවන්ටත් එලෙසම අදාලද ?

  7. MG42 කියන්නෙත් මේ හා සමකාලීන අවියක් නේද, මීලගට යුධ ටැංකි ගැන විස්තරයක් කරොත් අගෙයි.

    • MG 42 බ්‍රෙන් තුවක්කුවට වඩා අලුත්. එය ජර්මන් නිෂ්පාදනයක්. 1942 දී තමයි විශාල වශයෙන් නිපදවීම අරඹා තිබෙන්නේ. එය මැගසින් නොව පතරොම් වැල් යොදන තුවක්කුවක්. (Belt Fed) ඔබේ උනන්දුව අගය කරනවා. යුද්ධ ටැංකි ගැනත් ලියන්නම්.
      MG 42

  8. 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: