විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

හොඳ රවුටර් එකක්


පෙරේදා මා බිරිඳද සමග නගරයට ගියේ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමටයි. බිරිඳ බඩු මිලදී ගන්න අතර මට එකවර මතක් වුනේ, ‘සුපර් ග්ලූ’ නමැති මැලියම් ටියුබයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබෙන බවයි. මම ඒ අසල ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සලකට ගොඩ වැදුනේ, පොත් සාප්පු වල ඇති සුපර් ග්ලූ වලට වඩා හොඳ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසල්වල ඇති බැවිනි. ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලට පැමිණ සිටි මගේ අසල්වැසියෙක් මුණගැසුනේ ඒ අවස්ථාවේදීය. ‘හානේ මම අද. . . මහත්තයා හම්බවෙන්න ඒ පැත්තේ එන්නයි හිටියේ’ ඔහු මා දුටු විගසම කීය. ‘මොකුත් හදිස්සියක්ද?’ මම විමසුවෙමි. ‘නෑ නෑ හදිස්සියක්ම නෙවෙයි. ඒත් මට උපදේශයක් ඕනෑ. මට කියන්නකෝ හොඳ රවුටරයක් ගන්නේ කොහොමද කියලා’ ඔහු විමසීය. ‘රවුටර්නම් එක එකඑක ජාති තියනවා. ටෙලිෂොප් වලත් හොඳ මොඩල් තියනවා. පිට කඩවලත් තියනවා. හැබැයි පිට කඩේකින් ගන්නවානම් ඒ රවුටර් එක ටී.ආර්.සී. එකෙන් අනුමත කරපු එකක්ද කියලා දැනගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්න එනවා. අනික ඔයා අරන් තියෙන්නෙත් එස්.එල්.ටී. ඉන්ටර්නෙට් පැකේජ් එකක් නේද? ඒ නිසා ටෙලිෂොප් එකට යන එක තමයි හොඳ’. මම කිව්වෙමි. එතනින් එහා ඔහුගේ ප්‍රශ්න අනුව සිංගල් පොර්ට්, ෆෝ පොර්ට්, වයි ෆයි, ආදී විස්තර රාශියක් කතා කරන්නට සිදුවිය. ගොඩනැගිලි ද්‍රව්‍ය කඩේ මුස්ලිම් ජාතික මුදලාලි අපේ කතාව අතරට ආවේ මේ වේලාවේදීය. ‘මහත්තයා හොඳ රවුටර් තියනවා. ගෙදර වැඩට හොඳයි’ කියූ ඔහු ‘අන්ද පෙරිය රවුටර් කොන්ඩු වාංග’ කියා සේවකයකුට කීය. සේවකයාද වහාම රවුටරය ගෙන ආවේය.

                                                                                                                                                                                                මෙන්න රවුටරය.

අපි දෙදෙනාම තුෂ්නිම්භූතවී ඒ රවුටරය දෙස බලාසිට, කඩයෙන් එලියට පැන්නේ, කඩය තුලදී සිනාසීම සදාචාරවත් නොවන බව දැනුනු නිසාය.

Advertisements

Comments on: "හොඳ රවුටර් එකක්" (22)

  1. හික් හික්….. දාර ගාන රවුටර් 😀
    (ඕක කිව්වම මතක් උනේ අපේ training center එකට අලුතෙන්ම computers 10යි router එකයි tables 10යි එවනවා කියලා head office එකෙන් call එකක් දීලා, වැඩේ කියන්නේ අපේ principle ඒක එවෙලේ එතන හිටපු carpentry instructor ට කියලා ඔන්න හෙට head office එකෙන් බඩු වගයක් එනවා කියලා බඩු ටික කීවලු, එතකොටම වඩු සර් සවනක් පිනා ගිහින් කීවලු හප්පේ මම දැං කී වතාවක් රවුටරයක් ඉල්ලල ලියුම්ම යැව්වද මේ පාරනං වැඩේ ගොඩ කියලා)

  2. ඇත්තට මොකක්ද ඔය රවුටරෙන් කරන්නේ?

    • ඔයා හෙට අනිද්දට කාව හරි කැන්දන් එන්න ගෙයක් හදනකොට ඉගෙන ගන්න පුළුවන් රවුටරේ අගේ. මේකෙන් කරන්නේ විවිධ ලී, ලැලි, ආදියේ දාර, කානු, (පුලුක්) සහ විවිධ හැඩතල නිර්මාණය කිරීමයි. ගෙවල්වල ප්‍රධාන දොරේ ලස්සන හැඩතල, කැටයම් වගේ සකසා තියෙන්නේ මේ රවුටරයෙන්.

  3. මම එක. මෙ කතාව හිතලා ලියුවා නේද

    • අපූරු කියලා වචනයක් දන්නවනේ අපි. මගේ සිංහල ගුරුවරයා මට කියලා දුන්නේ, ‘අපූරු කියන්නේ අපූර්ව = පූර්වයේ = පෙර කාලයේ. අ = නොතිබුණු. කියන එකයි’ ඉතින් ඔබ මේ රසවින්දේ එවැනි අපූරු කතාවක්.

  4. මදැයි හොඳ රවුටර් එකක් බලන්න ආවා හි හි දැක්ක ගමන් මාව ඔල්මොරොන්දම් වුනා මේ මෙහෙම එකක් දැක්කමයි අළුත් යමක් ඉගෙන ගත්තා හි හි

  5. ඕක මරු රව්ටරේ.. Download, Upload බස බස ගාලා වැඩ..

    අපූරු කතාවක් බව පේනවා.

  6. ඒ රවුටරේ දැනං හිටියට මේ රවුටරේ ගැන දැනගත්තෙ අදයි!

  7. ඔය කම්පීතර රවුටරේ එන්න ගොඩක් කලින් තමයි ලී වැඩ රවුටරේ පාවිච්චියට ආවෙ. ඕකෙ ලොකු එක වෙච්චි “ඔවර්හෙඩ් රවුටර්” වගේම රොබෝ ටයිප් එකෙ ” CNC රවුටර්” කියල ජාතියකුත් අපි ගාවනං තියෙනව. මුදලාලි එහෙම දුන්නට හරි දැනුමක් නැතිව පාවිච්චි කරන්න ගියොත් අත පය නැතුව තමයි ඉන්න වෙන්නෙ.

  8. Great story for the New Year!! thanks.

  9. විසිතුරු | visituru said:

    සිනා බෝ වේවා!

  10. මං නම් ඉස්සෙල්ලා දන්නේ ඔය කඩේ තිබ්බ රව්ටරේ ,,

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: