විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


පොඩි කතාවක් මතක්වුනා. හැබැයි මෙහෙම කතා ලියපු ගමන් ‘සෙනා‘ ගෙන් බැනුම් අහන්න වෙනවා. තරහ නැහැ නේද සෙනා? දන්නවා නේද ‘ජාතික මහජන එෆ් එම්’ එක? දන්නේ නෑ?. . . . . අයියෝ. . . . . . ඔය රේඩියෝ එක ටියුන් කරගෙන යන්නකෝ. එතකොට අහුවෙයි ඒක. ඉතින් මේකයි කතාව. පුංචි බාලදක්ෂයෝ පිරිසක් යුද පෙරමුණට ආසන්න ප්‍රදේශයක පිහිටි විශාල හමුදා කඳවුරක් බලන්න චාරිකාවක යෙදෙන්න සූදානම් වුනා. දවස් දෙකක (පැය 48 ක) මේකට හොඳ ප්‍රචාරයක් දෙන්න බාලදක්ෂ සංගමයට ඕනේ වුනා. ඉතින් දන්නවනේ ඔය එෆ් එම් චැනල් වේලි වේලි ඉන්නේ මොනවහරි අලුත් දෙයක් නැතුව. ජාතික මහජන එෆ් එම් ප්‍රවෘත්ති අංශයේ කට්ටිය හැමදාම ලොක්කන්ගෙන් බැනුම් අහනවා උණු උණු දේවල් නැහැ කියලා. ‘බලනවකො අර ‘කබර හම එෆ් එම්’ එකේ, එතකොට ‘අපි ගහ උඩ එෆ් එම්’ එකේ, මේ ඊයේ පෙරේදා පටන් ගත්ත ‘උනහපුලු ඇස එෆ් එම්’ එකේ පවා යනවනේ හොට් හොට් නිවුස්, තමුසෙලට තමයි බැරි. අඩු ගණනේ දෙනවා පොඩි ලයිව් කවරේජ් එකක්වත් මේ බාලදක්ෂයන්ට’ ලොක්කා නියෝග කළා.

ඔන්න ඉතින් අර, ඕනේ එකටයි එපා එකටයි හැමදේටම හොට දාන, ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතිකය තිබුනොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න, කන්නාඩි දාන කෙනෙකුව ඉන්ටර්වීව් කලොත්, ‘ඔබතුමා කන්නාඩි දාන්නේ ඇස් දෙකටමද? වැනි ගොන් ප්‍රශ්න අහන, ඕනෙම ප්‍රශ්නෙකට ‘අනිවාර්යයෙන්ම’ කියලා අසන්නන්ට උත්තරේ දෙන, නිවේදිකාවක්, මේ බාලදක්ෂ පිරිස අර කඳවුරට ගිය මොහොතේ සිට, දුරකථන මගින් තමන්ගේ චැනල් එකට සජීවීව සම්බන්ධ කරගත්තා.

දැන් මෙයා ‘එකසිය ගානට’ අර බාලදක්ෂයන් එක්ක කතාව. හරියට බාලදක්ෂයෝ කොයි මොහොතේ හරි කොටින්ට අහුවෙයි වගේ. මේ සංවාදය අහගෙන හිටිය, ඒ බලප්‍රදේශය භාර ජෙනරල්, බාලදක්ෂ පිරිස අසලට ආවා. දැන් බාලදක්ෂයන් සමග ඉන්න ගුවන් විදුලි නියෝජිතයා මහා ජයග්‍රාහී ලීලාවෙන් කිව්වා (අපි කියමුකෝ නිවෙදිකාවගේ නම ‘පැදුරුමලී’ කියලා.)   පැදුරූ . . .පැදුරූ . . . මොහොතක් ඉන්න, දැන් අපි සමග ‘දොඩමලු වෙන්න’ (දොඩමලු වෙන්න ජෙනරල් බීලද දන්නේ නෑ උදේ පාන්දරම) මේ ප්‍රදේශය භාර ජෙනරල් තුමා විශේෂයෙන්ම පැමිණ සිටිනවා ඔබට පුළුවන් මේ මහා ව්‍යාපෘතිය (අනේ ආතේ. . .පැය 48 ක් ගතවන සංචාරය) ගැන එතුමන්ගේ අදහස් විමසන්න. මෙහෙම කිව්වා විතරයි, නිවේදිකාව පටන් ගත්තා ප්‍රශ්න අහන්න හරියට අර, හැමදාම කැඩිලා වතුර ගලන කොලොන්නාවේ පයිප්පෙ වගේ.

මෙන්න නිවේදිකාව සහ ජෙනරල් අතර ඇතිවූ සංවාදය.

නිවේදිකාව:- ජෙනරල් තුමනි, මේ කුඩා බාලදක්ෂයන්ට ඔබතුමාලා මොනවද කියලා දෙන්නේ?

ජෙනරල්:- ඔව්, අපි කියලා දෙනවා කඳු නගින්න, ටාසන් වගේ කඹේ එල්ලිලා යන්න, ඔරු පදින්න, වෙඩි තියන්න.

‘වෙඩි’ කියන වචනය ඇහුනා විතරයි නිවේදිකාව පැන්නා රිටි පනින ඔලිම්පික් ක්‍රීඩිකාවක් වගේ.

නිවේදිකාව:- වෙඩි තියන්න උගන්වනවා? එය තරමක් භයානක දෙයක් නේද?

ජෙනරල්:- මමනම් එහෙම හිතන්නේ නැහැ. ඔවුන් සෑම විටම පුහුණු උපදේශකයන්ගේ අධීක්ෂණය යටතේයි ඉන්නේ.

නිවේදිකාව:- නමුත් ඔබ හිතන්නේ නැද්ද මෙය කුඩා ළමයින්ට පුහුණු නොකළ යුතු කෲර සහ අනතුරුදායක ක්‍රියාවක් බව?

ජෙනරල්:- මටනම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. ඔවුන් තුවක්කුවකට අත තැබීමටත් පෙර අපි ඔවුන්ට ආරක්ෂාකාරී බව සහ විනය ගැන කියා දෙනවා.

නිවේදිකාව:- නමුත් ඔබ අනාගතේ ඔවුන්ව මිනීමරුවන් බවට පත්කිරීමේ මූලික පුහුණුව නේද මේ දෙන්නට යන්නේ?

ජෙනරල්:- මේ බලන්න නෝනා, ගණිකාවක් වීම සඳහා අවශ්‍ය දේවල් ඔබට උපතින්ම පිහිටා තිබෙනවා, නමුත් ඔබ ගණිකාවක් නෙවෙයි කියා මාහිතනවා, මම හරි නේද?

නිවේදිකාව:- ඔව් අසන්නනි, අපේ දුරකථන සංවාදයට තාක්ෂණික දෝෂ නිසා බාධා එල්ල වුනා. දැන් සවන්දෙන්න අමරසිරි පීරිස් ගේ ළඳුනේ ගීතයට.

Advertisements

Comments on: "ජෙනරල්ගේ රේඩියෝ ඉන්ටර්වීව් එක" (23)

  1. අපොයි..අපොයි විචාරක මහත්තයගෙ හිත රිදිලද මංදා මම කියපු එකට… අපෝ නැහැ මම තරහා නැහැ.. 🙂

    මේක මම දන්න විදිහට ඇත්ත කතාවක්.. එහෙම නේද ?

    • අනේ මගේ හිත රිදුනේ නැහැ සෙනා. ඔබ මගේ බ්ලොග් එකට ලබාදී තිබුණු ලකුණු කැපෙන බව හිතපු නිසානේ එහෙම කිව්වේ නේද? මේ කතාව ඇත්තද කියන්න මම දන්නේ නැහැ. මේ වගේ කතා ‘ආමි කාරයෝ’ දන්නේ (නඩුව කරවන්නා = නඩු කාරයා, පොලීසිය කරවන්නා = පොලිස් කාරයා, ආමි එක කරවන්නා = ආමි කාරයා) මෙහෙමයි. යුද පුහුණුව කියන්නේ පහසු දෙයක් නොවන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් අමාරු පුහුණුවක එක පියවරක් අවසන් කලාම, වෙහෙස නිවාගන්නටත්, සිත්වල ඇතිවන කෝපය, අසහනය, නුරුස්නා බව නැති කරන්නටත්, පුහුණුවන්නන් අතර සාමූහික බැඳීම වර්ධනය කරන්නටත්, මේ වගේ කතා කියනවා. එතනින් එහා ඒ ගැන හිතන්නේ නැහැ. මෙහි ලියන්නට බැරි එවැනි කතා සිය ගණනක් තියනවා, ඇහුවොත් බඩවැල් එලියට එනතුරු හිනායන. ඒවා එක්ක තියලා බැලුවම දැන් ඔය සමහර බ්ලොග් වල පලවෙන කතා මොන විකාරද කියලා හිතෙනවා. මොකද අපි දන්නා කතා වලින් සමහරක් ඇත්තම ඇත්ත ඒවා නිසා. තවත් දෙයක්. අපේ කුහක සමාජයේ සමහර අමු කුණුහරප කතා ඉංග්‍රීසියෙන් ලිව්වම දිනපතා ඉංග්‍රීසි පත්තර වලත් පල වෙනවා. සිංහලෙන් ලිව්වොත් ලියපු එකා කුදලාගෙන ගිහින් රිමාන්ඩ් කරනවා.

  2. “ගණිකාවක් වීම සඳහා අවශ්‍ය දේවල් ඔබට උපතින්ම පිහිටා තිබෙනවා” ඒ මොනාද?

  3. සෙනා කියපු තැන ලින්ක් එකක් දෙන්න තිබ්බා…

  4. මරු කතාව,නිවේදිකාවට මොනා උනාද දන්නේ නෑ පස්සේ,, මාරයගේ බ්ලොග් කමෙන්ට් එකේ වගේ කතා දැන ගන්න ආසයි,,පුලුවන් නම් ඒ වගේ ඒවත් ලියන්න

  5. මම ඔබ තුමාගේ blog එක හැමදාම කියවනවා. හැමදාම කියන්නේ ඔබතුමා post එකක් දාපු හැමදාම. මා ඉතා කැමති blog කිහිපයකින් එකක් තමයි ඔබගේ blog එක. මන් කැමතියි දැන ගන්න ඔබ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ ක්‍රියාන්විත වල යෙදී ඇත්දැයි දැන ගන්න. යුධ හමුදා නිලධරියෙකු ලෙස සරත් ෆොන්සෙකා මහතා ට හමුදාව තුල තිබුන ගෞරවය කෙසේ දැයි දැන ගන්න. පුළුවන් නම් ඔහු ගැන post එකක් දාන්න.

    • එතුමාත් මමත් එකම රෙජිමේන්තුවේ (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව) හොඳට කරුණු ගලපාගෙන පොස්ට් එකක් දාන්නම්.ක්‍රියාන්විත තොරතුරු ඉදිරිපත් කිරීමට පෙර, නීතිමය පැත්තත් බලන්න වෙනවා අනිවාර්යයෙන්ම.
      බ්ලොග් එක අගය කිරීම පිළිබඳව බොහොම ස්තුතියි.

      • ක්‍රියාන්විත ගැනම නොවුනත් ඔබ සරත් ෆොන්සෙකා නැමති හමුදා නිලධාරියා දකින්නේ කොහොමද කියල දැන ගන්න කැමති. ජනාධිපති අපේක්ශක සරත් ෆොන්සෙක නෙමෙයි. ජෙනරාල් සරත් ෆොන්සෙකා ගැනයි මම දැන ගන්න කැමති.
        ස්තූතියි.

  6. නියම කතාව ජෙනරල් කියල තියෙන්නෙ.

  7. මෙහෙම කතාවක් උසාවියකත් වුණා කියලා අහලා තියෙනවා. ස්ත්‍රී දූෂණයක් කරන්න පුලුවන් උපකරණ තමන් සතුව තියෙන නිසා ඒකටත් දඬුවම් කරන්න කියලා විත්තිකාරයා කිව්වලු 🙂

  8. /*ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතිකය තිබුනොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න*/

    මෙහෙම තමයි අද ඔය රස්සාව කරන වැඩිදෙනා හිතන් ඉන්නෙ 🙂

  9. හසිත කියපු උසාවි කතන්දරේ නම් මමත් අහල තියනවා. දොඩමලු කියන කොට මතක් වුනේ ඒක චැනල් එකක සාකච්ඡාවකට ආපු මහත්මයකුට නිවේදිකාව කියල තියනවා ” එහෙමනම් අපි දොඩමලු වෙමුද” කියල. ඒ ආපු අමුත්තා කෙලින්ම කිව්වලු “මට දොඩමලු වෙවී ඉන්න වෙලාවක් නෑ. අහන්න තියන දෙයක් අහන්න” කියල.
    මේකත් ඇත්තක් ද කියල දන්නේ නෑ.

  10. ක්සැන්ඩර් said:

    අඃ.. මේ කතාව මට අහුවුනේ දැන් නෙව.. කමක් නෑ.. පංකාදු උත්තරේ දීල තියෙන්නේ. දැන් ඉන්න සමහරුන්ට ඔහොම උත්තර නොදී බෑ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: