විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


අප ජීවත්වන ලෝකය පාලනය කරන ස්වභාව ධර්මයේ බලවේග වලට, අප සැම, සෑමවිටම යටත්ව සිටිනවා. ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් වනවා මිස, එය වෙනස් කරන්නට යාම විනාශයට මුලයි. ගුරුත්වාකර්ෂණය යනු ස්වභාව ධර්මයේ එවැනි වෙනස් කල නොහැකි බලවේගයක්. අප පොළොවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී ගුවනට නැග්ගත් අප උපදවාගත් බලය කවදා හෝ අවසන් වෙනවා. එවිට ආපසු අපව පොලොව වෙත ඇද ගන්නවා ගුරුත්ව බලයෙන්. තුවක්කුවකින් පිටවන වෙඩි උණ්ඩයක් පවා මේ ස්වභාව ධර්මයේ නීති රීති වලට යටත්. අපි සාමාන්‍යයෙන් මේ මහ පොලොව මත දකින විවිධ වස්තූන් අපේ ඇස විසින් හඳුනාගන්නේ සියයට සියයක් නිවැරදිව නොවේ. සමතලා භූමියක අප ඈතින් දකින වස්තුවක් වෙත ඇති දුර නිශ්චය කිරීම බොහෝවිට සාර්ථක වුනත්, කඳු මුදුනක ඇති වස්තුවක් වෙත හෝ කඳු මුදුනක සිට පහල භූමියේ ඇති වස්තුවක් වෙත හෝ දුර නිශ්චය කිරීමේදී, අපේ ඇස දෘෂ්ටි මායාවන්ට හසු වෙනවා. ඒ නිසා අප වෙඩි තැබීම සඳහා ගන්න ඉලක්ක බොහෝවිට වැරදීයාමට ඉඩ තිබෙනවා.

 තුවක්කුවකින් පිටවන උණ්ඩයක් එය පිටවූ මොහොතේ පටන්ම ගුරුත්වාකර්ෂණය විසින් පොලොව දෙසට ඇදගනිමින් පවතිනවා. මේ නිසා එය ගමන් කරන්නේ අප සිතා සිටිනාවක් මෙන් සරල රේඛාවක නොවේ. ක්‍රමයන් පොලොව දෙසට පහත් වන වක්‍ර රේඛාවක් දිගෙයි උණ්ඩය ගමන් කරන්නේ. මේ නිසා ඉලක්කයක් ගැනීමේදී මේ වක්රතාව (tajectory) ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි.

මේ හේතු නිසා අපි සෑම විටම ඉලක්කයක් ගැනීමේදී, තුවක්කුව ඉලක්ක කලයුත්තේ, ඉලක්කයට මදක් ඉහලින් සිටින ආකාරයටයි. වම් පැත්තේ ඇති රූපය බලන්න. එහි මැද කොටසේ ඇත්තේ පොළොවට සමාන්තරව වෙඩි තැබීමේදී කලයුතු නිවැරදි පිළිවෙතයි. වෙඩි තබන්නාට ඉලක්කය පෙනෙන ආකාරය කොළ පාටින්ද, තුවක්කුවේ බටය යොමු කලයුතු ආකාරය නිල් පාටින්ද, උණ්ඩයේ ගමන් මග රතු පාටින්ද, පෙන්වා තිබෙනවා. නිල් පාටින් පෙන්වා ඇති ආකාරයට ඉලක්කය නොගෙන, කොළපාටින් දක්වා ඇති ආකාරයට ඔබ ඉලක්කය දකින විදිහටම තුවක්කුව යොමු කලොත් අර එළුවාගේ පාමුල ඔබේ උණ්ඩය වදිනවා. එවිට එළුවා හිටියාටත් වඩා හොඳින් (අපිට පස්ස පැත්තද පෙන්නා) දුවනවා. කඳු මුදුනක සිට පහල දෙස හෝ පහල භූමියේ සිට කඳු මුදුන දෙස බැලීමේදී අප දෘෂ්ටි මායාවකට හසුවෙනවා. ඒ නිසා අප මතක තබාගත යුතුයි, ඒ අවස්ථා දෙකේදීම, ඉලක්කය තිබෙන්නේ අපි හිතනවාට වඩා ආසන්නයෙන් බව. උදාහරණයක් වශයෙන් ඔබ හිතනවානම් ඉලක්කය තිබෙන්නේ මීටර් 200 ක් දුරින් කියා, ඔබ රයිෆලයේ දුර සැකසීමේ ඇණය කරකැවිය යුත්තේ මීටර් 170 ක පමණ දුරකට වෙඩි තබන ආකාරයටයි. එමෙන්ම ඉලක්කයට වඩා ඉහලින් සිටිනසේ තුවක්කුව අල්ලන කෝනයද සමතලා භූමියකදී වෙඩි තබනවිට එසේ ගන්න කෝණයට වඩා වැඩි විය යුතුයි.

දැන් බලන්න දකුණු පස ඇති රූපය දෙස. එහි පෙන්වා තිබෙන්නේ, වෙඩි උණ්ඩයක් තුවක්කුවෙන් පිටවූ පසු, ගුරුත්වාකර්ශනයට හසුවීම නිසා, ක්‍රමයෙන් එය පොළොවට පහත්වන ආකාරය. එහි පෙන්වා දෙන්නේ තත්පරයකට අඩි 3200 ක වේගයෙන් තුවක්කුවකින් පිටවන උණ්ඩයක් යාර 400 ක් දුර ගමන් කරන විට අඟල් 30 ක පමණ ප්‍රක්ෂිප්ත පථයක ගමන් කරන බවයි. ඉතින් දැන් ඔබට වැටහෙන්නට ඇති වෙඩි තැබීමත් විශේෂයෙන් ප්‍රගුණ කලයුතු ශිල්පයක් බව.

ප්‍රශ්නයට පිළිතුරු දුන් සියල්ලන්ට හද පත්ලෙන්ම ස්තුති කරන අතර නිවැරදි පිළිතුර ලෙස තේරුනේ හරී ලබාදුන් පිළිතුරයි. එය සියලුම න්‍යායාත්මක කරුණු තාර්කිකව පදනම් කර ගනිමින් ඉදිරිපත් කර තිබුනා. හරී, තෑග්ග හැටියට .303 රයිෆලයක් එවන්නද? සමහර අය අනුමානයට ලබාදුන් පිලිතුරුත් හොඳයි.

පසුව එකතු කිරීම. හරී මතක් කරලා තිබුනා මගේ අවසාන ප්‍රශ්නයට පිළිතුර දීලා නැහැ කියලා. ඇත්තටම මම හිතුවේ අර දෘෂ්ටි මායාව ගැන කිව්වම සියලු දෙනා තෙරුම්ගනියි කියලා උත්තරේ. හොඳයි, මේකයි. නැවත කියනවානම්, කන්ද පහල සිට උඩටත් උඩ සිට පහළටත් වෙඩි තැබීම එකසේ දුෂ්කරයි. හේතුව අර මා විස්තර කල දෘෂ්ටි මායාව හෙවත් දුර නිශ්චය කිරීමේදී ඇතිවන තත්වය. සහ ප්‍රක්ෂිප්ත වෙනසේ ඇති විශාලත්වය. දැන් හරිද හරී?

Advertisements

Comments on: "ලේසි වැඩේ කෝකද? මෙන්න උත්තරේ" (14)

  1. සංතෝසයි මගේ උත්තරය හරි උත්තරය විදිහට තේරීම ගැන…

    ඒත් ප්‍රශ්නය මේක නේද?
    “මේ අවස්ථා දෙකෙන්, ඔබට වඩාත් පහසුවෙන් හා නිවැරදිව වෙඩි තැබීමට හැකිවන්නේ කන්ද පාමුල සිට කන්ද උඩටද? නැත්නම් කන්ද උඩ සිට කන්ද පාමුලටද?”

    මේ ප්‍රශ්නයට උත්තරයක් මේ ලිපියේ නෑ වගෙයි.. මම හිතන්නෙ ඒ ගැන කිව්වොත් හොඳයි..

    තෑග්ග එවන්නනම් බැරිවෙයි නේද? ගෙවල් පැත්තෙ එන්නද අරගෙන යන්න… 🙂
    වාහනයකුත් ගන්න වෙනවා හයර් එකට.. බස් එකේ ගේන්න බෑනෙ…

    • මම යාලුවෙකුගේ වාහනයක් කතා කර ගත්තා..

      කවදා විතර ආවොත් ගෙනියන්න පුලුවන් වෙයිද?..

      පොලීසියෙන් අවුලක් වෙන එකක් නෑනෙ…

  2. අහෝ ! පහුගිය ලිපිය මග හැරුනි. නිවැරදි පිළිතුරට එයා රයිෆලයක් දෙනවා නම් මමත් කොහොම හරි උත්සාහයක් දරමි.. හික් හික්,,,,
    ඇත්තටම එයා රයිෆලයක් යනු මගේ සිහිනයකි… ඔබතුමා දන්නා විදියට ටිකක් හොද එකක් කීයක් විතරද??

    • ‘එයා’ රයිෆලයක් දෙනවානම් ‘මෙයා’ දෙන්නේ මොනවද ඇහුවලු. පුදුම භාෂාවක් තමයි සිංහල කියන්නේ නේද? එයාර් රයිෆල් හෙවත් වායු තුවක්කු දැන් ඕනෑම කෙනෙකුට මිලදී ගත හැකියි. සාමාන්‍ය එකක් රු 12000/- ක් පමණ වෙනවා. බොහෝ ප්‍රදේශවල ගොවිජනසේවා මධ්‍යස්ථාන වලත් විකුණන බව ආරංචියි. මේ සඳහා බලපත්‍රයක් අවශ්‍ය නැහැ. ඔබට ගෙවත්තේ හෝ වගා බිමක් තියනවානම් එය රිලවුන්, දඬු ලේනුන්, (දඬු ලේනා ජාතික සත්වයා. ඇල්ලීම, කූඩු වල දමා ඇති කිරීම, මැරීම, තහනම්) වවුලන් වැනි සතුන්ට රිදෙන්න පහරක් දී එලවන්න පුළුවන්. වායු රයිෆල් වලට යොදන උණ්ඩ වලට කියන්නේ ‘පෙලට්ස්’ පෙලට්ස් 500 ක් පමණ තියන පෙට්ටියක් රු 900/- ක් පමණ වෙනවා.

  3. පොලවට සමාන්තරව වෙඩි තියනවට සාපෙක්ශව අනිත් දෙවිදිහම අමාරුයි කියලා තේරුනා. ඒත් ඒ දෙක සාපෙක්ශව ගත්තම වඩා ලේසි මොකක්ද කියලා කිව්වොත් හොඳයි. මම හිතන්නේ ඔබේ ප්‍රශ්ණෙත් ඒකයි.

    හරීට තුවක්කුව දෙනවනම් අපිට උණ්ඩයක්වත් දෙන්ඩ.. හිහ් 🙂

    • උඩ ඉඳලා පහලට වෙඩි තැබීම තමයි සෙනා වැඩිය අමාරු. දෘෂ්ටි මායාව නිසා දුර නිශ්චය කරගැනීම වඩාත් අවුල් වෙනවා. ඒ වගේම තමයි තුවක්කුව පහලට යොමු වුනාම තුවක්කුව හරියට ග්‍රහණය කරගැනීමත් ටිකක් දුර්වල වෙනවා.ඔබට උණ්ඩයක් දීමනම් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ගිනි අවි නීති යලි සලකා බැලීමක් කරන්නට දැන් කාලය හරි. හැබැයි මිනිස්සු ඇත්තටම මිනිස්සු වගේ හැසිරෙනවානම් තමයි ගිනි අවි නීති යලි සලකා බැලිය යුත්තේ. මේ ළඟදී අපේ පැත්තේ අර ග්‍රීස් යාකා ආවා කියලා මහා කෑගැහිල්ලක් වුනා මහ රෑ. මා ළඟ බලපත්‍ර සහිත ගිනි අවියක් තිබුනත් මම පාරට පාන්නේ හොඳ උදලු මිටක් අරගෙනයි. හැම විටම ආයුධ ඉස්සර කිරීම අවශ්‍ය නැහැ. අන්තිමට ඒ කෑගැහිල්ල අනියම් පෙම්වතෙක් ගේකට රිංගන්නට යාමක් බව හෙළි වුනා.

  4. වෙඩි තියන එකත් හිතන තරම් ලේසි නැහැනේ 🙂

  5. බ්ලොග් එක ඇහැ ගැහෙනකොට පරක්කු වැඩී…. අවුලක් නෑ මම කැමති Desert Eagle එකකට… එයින් එකක් තෑ‍ග්ග කරල පස්සෙ තව ප්‍රශ්නයක් අහන්න… 🙂

  6. ෂා මරු පොස්ට්1 මාත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි…

    දිගටම මෙවගේ පොස්ට් දාන්න

  7. ඔය දෘෂ්ටි මායාව කියල කියන්නෙ, මට හිතෙන විදිහටනම් මෙහෙමයි; තිරසට විදින බුලට් එකක් නියම ඉලක්කයෙන් පහලට යන දුර ප්‍රමාණය තීරණය වෙන්නෙ ඉලක්කයට තියන තිරස් දුරත් එක්කයි. තිරසට යන්න ගතවෙන කාලය t ට දාල සිරසට s=u.t+1/2 (at^2) දැම්මම පහලට යන දුර ලැබෙනව, මෙතන u=0. (සෙන්ටිමීටර ගානක් තමයි පහලට යන්නෙ) . ඒ දුර එතකොට තීරණය වෙන්නෙ තනිකරම තිරසට පියාසැරි කාලයත් එක්කයි. නමුත් පහලට වෙඩි තබනකොට උණ්ඩය ඉලක්කයෙන් පහලට යන්න එහි පිටවුම් ප්‍රවේගයේ සංරචකයකුත් උදවු වෙනව, මෙතනදි නම් u=0 වෙන්නෙ නෑ. (මීටර් ගානක් උනත් පහලට යන්න පුලුවන්) . එතකොට guess කරන්න ටිකක් අමාරු ඇති. (කන්දක් උඩට තියනකොට ප්‍රවේග සාංරචකයේ කොටසක් පහලට යන එක නවත්තනව)
    එහෙම නේද? 😀
    වෙඩි තියලනම් නෑ… ඒත් theory එකත් එක්ක හිතුවම පහලට වෙඩි තියන එක වඩාත් අමාරු ඇති කියල හිතනව.

    • ලිපිය පලවී සෑහෙන කලකට පසුව එය කියවා ඔබ දක්වන ලද මේ න්‍යායාත්මක අදහස් අතිශයින් අගය කරන අතර ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ දක්වා ඇති අදහස් නිවැරදියි. ඊට අමතරව වායුගෝලයේ තත්වය, සුලන්ගේ දිශාව ආදියත් බලපෑම් එල්ල කරනවා. ආලෝකය නිසා තමටි බොහෝවිට දෘෂ්ටිය සීමාවීමෙන් ඉලක්කය ගැනීම අපහසු වන්නේ. සාමාන්‍යයෙන් සොල්දාදුවන්ට වෙඩි තැබීම පුහුණු කිරීමේදී මෙතරම් ගැඹුරු න්‍යායාත්මක කරුණු වලට නොයන්නේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම එතරම් ඉහල නැති නිසා. ඔවුන්ට පුහුණුවෙදී කියලා දෙන්නේ ඉහල සිට පහලට වෙඩි තැබීමේදී ඉලක්කය ඈත්වී පෙනෙන බවත් උණ්ඩය ඉක්මනින් පහතට යොමුවීමට ඉඩ ඇති නිසා ඉලක්කයෙන් ටිකක් ඉහලට අල්ලා වෙඩි තබන ලෙසත් පමණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: