විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ලේසි වැඩේ කෝකද?


මීළඟ ලිපිය පල කරන්නට පෙර මේ බ්ලොග් එක බලන සියලු දෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න ප්‍රශ්නය. ඉතා නවීන රයිෆලයක් ඔබ අතේ තියනවා. ඔබ එයින් වෙඩි තියන්නත් දන්නවා. ඔබ එක දවසක් දඩයමේ යනවා. ඔබ දකිනවා මීටර් 200 ක පමණ කඳු මුදුනක සිටින එළුවෙක්. ඔබ ඌට වෙඩි තියනවා. (වැදුනාද නැද්දැයි මා දන්නේ නැහැ) ඒ වගේම එම කඳු මුදුනේ ඔබ සිටින විට දකිනවා, කන්ද පාමුල සිටින එළුවෙක්. ඔබ ඌටත් වෙඩි තියනවා (පෙරසේම වැදුනාද නැද්දැයි මා දන්නේ නැහැ) මේ අවස්ථා දෙකෙන්, ඔබට වඩාත් පහසුවෙන් හා නිවැරදිව වෙඩි තැබීමට හැකිවන්නේ කන්ද පාමුල සිට කන්ද උඩටද? නැත්නම් කන්ද උඩ සිට කන්ද පාමුලටද? ඔබේ පිළිතුර කමෙන්ට් එකක් ලෙස ඉදිරිපත් කරන්න.

Advertisements

Comments on: "ලේසි වැඩේ කෝකද?" (19)

  1. මට නිකන් හිතෙනවා පාමුල සිට උඩට කියලා.. පල්ලෙහෑට ඉලක්කෙ ගන්ඩ නිකන් ටිකක් අමාරුයි වගේ..

  2. භෞතික විද්‍යාවත් අවි ගැන තියෙන කොඤ්ඤං දැනුමත් දාලා දෙන්න බලන්නම් උත්තරයක් හැබැයි හරිද දන්නෙ නෑ. මම හිතන හැටියට නම් සමාන්තර භූමියක ඉඳන් වෙඩි තියනවාට වඩා ඉහළ හෝ පහළ ඉලක්කයකට වෙඩි තියන එක අමාරුයි.

    මුලින්ම භෞතික විද්‍යාව ටිකක් දාන්නම්. අපි නිකමට හිතුවොත් වාතයෙන් බලපෑමක් නෑ කියලා ඕනෑම ස්කන්ධයක් තියෙන වස්තුවක් යම් උසක සිට පොළවට වැටෙන්න ගතවන කාලෙ සමානයි. උදාහරණෙකට මෙහෙම හිතමුකො. අපි වෙඩි තියනවා පොළවට සමාන්තරව. ඒ මොහොතේම වෙඩි තියපු උසේ ඉඳන් උණ්ඩයක් අත හරිනවා. මම දන්න භෞතික විද්‍යා න්‍යායන්ට අනුව නම් ඔය දෙකම එකම මොහොතේ පොළවේ ගැටෙනවා. උණ්ඩය යන දුර තීරණය කරන්නෙ තිරස් ප්‍රවේගය පමණයි. උණ්ඩයේ සිරස් චලිතය සිදුවෙන්නෙ ගුරුත්වයෙන්.

    තුවක්කුවෙන් පිටවන උණ්ඩය යන්නෙ ප්‍රක්ෂිප්තයක. ඒ කිව්වෙ කෙලින්ම ගිහින් වදිනවා නෙමෙයි උඩින් ගිහින් පාත් වෙනවා. මේ පාත්වීම සිදුවන්නෙ ගුරුත්වය යටතෙ. ඒකනෙ ටාර්ගට් එක ගන්න කලින් දුර නිශ්චය කරගන්න කියන්නෙ.

    අපි හිතමු එළුවයි මමයි ඉන්නෙ සමාන්තර බිමක මීටර් 200ක් දුරින් කියලා. එතකොට මම සමාන්තර බිමේ මීටර් 200ක් දුරින් තියෙන හරියටම ඉලක්කෙටයි තියන්නෙ එතකොට හරියටම වදිනවා.

    එළුවා උඩින් නම් ඉන්නෙ. මම පුරුදු පරිදි මීටර් 200දාලා තිබ්බොත් හා ඉලක්කෙටම ඇල්ලුවොත් එළුවට උඩින් වෙඩිල්ල යයි. මොකද මට එළුවාව පේන්නෙ මීටර් 200කින් උනාට පොළවේ එළුවාත් මාත් අතර සැබෑදුර ඊට අඩුයි. ගණිතයෙන් කිව්වොත් එළුවාත් මාත් කර්ණයේ දෙපැත්තෙ ඉන්න සෘජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් පොළවේ තියෙන සැබෑදුර තමා යට පාදය. මගේ තුවක්කුව අදාළ ඉලක්කෙට ලඟාවෙන්නෙ තිරස් පොළවෙ මීටර් 200ක් ගියාම නිසා එළුවගෙ ඔලුවට උඩින් උණ්ඩෙ යනවා. අනික ඉහළට තියද්දි ගුරුත්වයට එරෙහිව උණ්ඩය යන නිසා ඉලක්කය වැරදීමේ සම්භාවිතාව තවත් වැඩී.

    එළුවා පහළ හිටියත් වෙන්නෙ උඩ කිව්ව විදිහටම එළුවට උඩින් යෑම. මම හිතන්නෙ හොඳම වැඩේ ටාර්ගට් එක එළුවට වඩා පහළින් ඇල්ලීම. එතකොට එළුවට වදීවි.

    අන්තිමේ කියන්න තියෙන්නෙ උඩට තියෙන එක තමා අමාරු.

    මෙච්චර පණ්ඩිත උත්තරයක් දීලා වැරදුනොත් වහකන්න වෙන්නෙ.

  3. උඩට තියද්දී ටාගට් එකට පහලින් ඒම් කලයුතු බවත්, පහලට තියද්දී ටාගට් එකට ඉහලින් ඒම් කල යුතු බවත් දන්නවා… හේතුව පැහැදිලි කරන්න නිවැරදි අවබෝධයක්වත් මතකයක්වත් නෑ…

    කෙලින්ම අදාල නැතත් මේකත් බෙදාගන්න ආසයි… රයිෆල් ගැන කතාකරන හැමතැනකදිම මට මතක් වෙන, මගේ ආසම වෝ මූවි එකක ආසම ස්නයිපර් සීන් එකක්…

    • නියම ස්නයිපර් කෙනෙක් වෙන්න අවුරුදු කීපයක් යනවා. යුද හමුදා ස්නයිපර් පුහුණු පාසල තියෙන්නේ දියතලාවේ. එයින් ඉතා උසස් පුහුණුවක් ලැබෙනවා. මාලඟ තිබෙනවා ස්නයිපර් කෙනෙක් වීම සඳහා උපදෙස් පොතක් ඇමෙරිකාවේ ලියවුනු. එහි තියන පුහුණු ක්‍රම හරිම බරපතලයි. වීඩියෝ එකට ස්තුතියි. මේ වීඩියෝ එකට අදාළ ‘සේවින්ග් ප්‍රයිවෙට් රයන්’ චිත්‍රපටිය මගේ ඩී.වී.ඩී. එකතුවෙත් තියනවා. මම ඇත්තටම සතුරාව ස්නයිප් වන හැටි දුර දක්නයෙන් බලලා තියනවා.

      • Enemy at the gate බලල තියනවද?

        • මගේළඟ ඩී.වී.ඩී. එක තියනවා. මමම ඩවුන්ලෝඩ් කරගෙන රයිට් කරගත්ත එකක්. ලෝකයේ ශ්‍රේෂ්ඨ ගණයේ චිත්‍රපටි එකතුවක් මා සතුව තිබෙනවා. ඒ වගේ ශාස්ත්‍රීය කෘති කෙරෙහි කුඩා කාලයේ සිට අපව යොමුකළ දෙමාපිය, වැඩිහිටි, ගුරුවර, සියල්ලන්ට පින් දෙනවා.

  4. කදු මුදුන ඉන්න ඒලුවාට

  5. හිතේ මාර කෝපයක් ඇති වුනොත් හෝ පරාණ බයක් ඇති වුණොත් මිස මට නං වෙඩි තියන්න හැකි වේ යැයි මං හිතන්නේ නෑ.

    ඇයි අසරණ එළුවෙකුට වෙඩි තියන්නේ?

    පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
    ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා

    • “හිතේ මාර කෝපයක් ඇති වුනොත් හෝ පරාණ බයක් ඇති වුණොත් මිස මට නං වෙඩි තියන්න හැකි වේ යැයි මං හිතන්නේ නෑ.”
      ඔය දෙකම ඇති වෙලා ඇත්තටම වෙඩි තියන්න ඕන වෙලා පුරුදු නැතුව වෙඩි තිබ්බත් වෙඩි වදින එකක් නම් නෑ.

  6. මමත් හිතන හැටියට පහල ඉදන් උඩට ඉල්ලක්කයට තියන එක වඩා අමාරුයි. මොකද පහල ඉදන් උඩට තියද්දි උණ්ඩයේ වේගය බාල වෙනවා වැඩියි ගුරුත්වය නිසා. ඉහල ඉදන් පහල තියද්දි උණ්ඩයේ වේගය වැඩි විය යුතුයි පොතේ හැටියට. ඒ නිසා වේගය වැඩි උණ්ඩය ඉක්මනින් යන නිසා ගුරුත්වය නිසා උණ්ඩය පහතට යාම අඩු විය යුතුයි.

  7. If you have stuff like this you would hit bulls eye either way with 200m…

    But for the sake of holding nice I would choose uphill target…

    But if you use a Springfield 45 calibre stuff, it’s a different story…

  8. මම හිතන්නේ පහල ඉදන් උඩට වෙඩි තියන එක ලේසි වෙයි

  9. සම උසින් නොවන ඉලක්කයකට වඩා උසින් තියෙන හෝ පහලින් තියෙන අවස්ථා දෙකම අපහසු ඉලක්කයන්. නමුත් ඉලක්කය ඉහල තිබෙනවාට වඩ්ස ඉලක්කය පහල තිබෙන විට මදක් පහසුයි.

    සටනකදී කන්දක් උඩ සිටීම වාසි සහගතයි. කන්දක් උඩ සිටින සතුරා පරාජය කිරීම අපහසුයි.

    • ඔව් සම උසින් නොතිබෙන ඉලක්කයක් ගැනීම අපහසුයි. හැබැයි කන්දක් උඩ සිටීම ආරක්ෂාකාරී වුනේ දැන් තිබෙන නවීන ආයුධ සහ චන්ද්‍රිකා තාක්ෂනය එන්නට පෙර. දැන් හොඳමදේ බිංකුන්ඩෝ වගේ පොලොව ඇතුලේ හැංගීමයි.

  10. පහළට ..ඒකනේ උඩින් යන්නේ ..:D

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: