විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

භූතයාගේ වරදානය


යුද හමුදා කපිතන් වරයෙක්, සැරයන් වරයෙක් සහ කෝප්‍රල් වරයෙක් මුලතිවු කැලේ මැදින් ගමන් කරමින් සිටියා. එක වරම සැරයන්ගේ කකුල බිම තිබුණු යමක වැදුනා. එය පොළොවේ වැලලීගිය භාජනයක් වැනි යමක් බව පෙනුන නිසා, බිම් බෝම්බ ඉවත් කරන විදිහට හාරලා ගොඩ ගත්තා. ටිකක් එහාට මෙහාට හරවලා බලනකොටයි තේරුනේ එය ඉතා පැරණි යුගයකට අයත් පහනක් බව. සැරයන් වරයා පහනේ තිබුණු පස් පිසදමන්නට පටන්ගත්තා විතරයි, දුම් වලාවක් සමග යෝධ භූතයෙක් පහනෙන් මතුවුනා. හමුදාවේ තුන්දෙනාම ගල් ගැහිලා ගියා. භූතයා කිව්වා බය වෙන්න එපා, මම මේ පහනේ භූතයා. කවුරුහරි අතේ මේ පහන තියනවනම්, මම එයාගේ සේවකයා. මා ළඟ වර තුනක් තියනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, ඒ නිසා වර තුනක් ඉල්ලන්න කියලා කිව්වා. කපිතන් කිව්වා, ‘සාජන්, ඔයාටනෙ පහන හම්බ වුනේ, ඒ නිසා ඔයා මුල්ම වරය ඉල්ලන්න, කෝප්‍රල්, නිලධාරියෙක් හැටියට මම ඔයාව කපාගෙන යන්න කැමති නැහැ, ඔයා ඊළඟ වරය ඉල්ලන්න. මම අන්තිම වරය ඉල්ලන්නම්’ කියලා. ඔන්න සැරයන් භූතයාගෙන් මෙහෙම ඉල්ලුවා. මාව ඇමරිකාවේ හවායි වෙරළට ගෙනියන්න. මට ලස්සන සුද්දියෝ දෙන්නෙකුත් ඕනේ මාඑක්ක දවස් කීපයක් ගත කරන්න. මෙහෙම කිව්වා විතරයි ‘පොහ්’ ගාලා සද්දයක් එක්ක සැරයන් අතුරුදන් වුනා. කෝප්‍රල් මෙහෙම ඉල්ලුවා මාව යවන්න ඩුබායි වලට. මට ඕනේ ලස්සන අරාබි කාන්තාවන් එක්ක කැසිනෝ ශාලා වල සැරිසරන්න. කොප්‍රලුත් ‘පොහ්’ ගාලා අතුරුදන් වුනා. කපිතන් තමන්ගේ ඉල්ලීම කරන්න හදනකොටම බල ඇණියේ අණදෙන නිලධාරියා, කපිතන් අතේ තිබුන ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් විමසුවා මොකද ප්‍රමාද කියලා. කපිතන් උඩ විසිවුනා. ‘හත් ඉලව්වයි, මල ජූලියයි, (ഹ്സ്വ്ക്ക ) යකෝ, අර බැල්ලිගෙ පුතාලා දෙන්නා දැන්මම ආපහු මෙතනටම ගෙනත් දියන්. අද රෑට ඔපරේෂන් එකක් තියනවා’. කපිතන් තමන්ගේ වරය ඉල්ලුවා.

Advertisements

Comments on: "භූතයාගේ වරදානය" (6)

  1. මේක අර පරණ කතාවේම එඩිට් එකක් නේද?? මොනා උනත් නියම කතාව !

  2. මේ කතාවත් හැම අතටම එඩිට් වෙනවා නේ

  3. පැරණි කතාවක් උනාට කියවන්න කැමති විදියට ලියා තියෙනවා.. පොඩ්ඩක් ඡේද වලට වෙන් කරලා ලිව්වානම් කදිමයි.

  4. නියමයි.

  5. විචාරක මහත්තයෝ,

    මේ වගේ සිල්ලර, විහිළු දාපුවම බොහොම වැදගත් ලිපි පළවෙන ඔබ තුමාගේ බ්ලොග් එක නිකන් හෑල්ලු වෙනවා කියලා වගේ හිතෙන්නැද්ද. මේක නිකන් සම්භාව්‍ය චිත්‍රපටියකට මල්ගස් වටේ දුවන සිංදුවක් දැම්මා වගේ තමයි මටනම් හිතෙන්නෙ.

    ඔය මට හිතුණ හැටි. තීරණය ඔබ සතුයි.

    ප.ළි. : දාන ඔක්කොම කියවන බවත් කියන්ඩ ඕනා..

  6. සූදානම්ව සිටිනු 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: