විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


තලේබාන් කාරයෝ ලෝක කපටියෝ. මෙන්න මුන් අලුත්ම අවියක් නිපදවලා. උන් මේකට කියන්නේ ‘බැටළු රොකට් විදිනය’ ‘Sheep Rocket Launcher’ කියලලු. පේනවා නේද බැටළුවා බලාගෙන ඉන්න මරුමුස් විදිහ. දකිනකොටත් බයේ බෑ. හොඳ වෙලාවට එල්.ටී.ටී.ඊ කාරයෝ මේක ඉගෙන නොගත්තේ. ඉගෙනගත්තනම් යාපනේ පැත්තේ හිටිය එළුවෝ යොදවලා, මේ විදිහටම ‘එළු රොකට් ලෝන්චර්’ එකක් හදන්ඩ ඉඩ තිබුනා. බලන්ඩකෝ මේකා බැටළුවා කියලා නැහැ, හෙල්මට් එක එහෙම දාගෙන ඉන්න ලස්සන. මේකේ වාසි දෙකක් තියනවලු. මිනිසෙක් මේ වැඩේට යොදවන්න අවශ්‍ය නැතිවීම සහ රොකට් පුපුරලා බැටළුවා මැරුනොත් රොකට් බැටළු මස් කන්නට හැකිවීම. නව සොයාගැනීම් පිලිබඳ ගිනස් වාර්තාවකටත් යයිද දන්නේ නැහැ.

Advertisements

Comments on: "අලුත්ම ත්‍රස්තවාදියා" (16)

  1. අනේ පව් බැටලුවාට

  2. ඒත් ඕක ක්‍රියාත්මක කරන්නේ කව්ද ? බැටළුවද ? නැත්නම් රිමෝට්ද ?

    • කවුරු ක්‍රියාත්මක කලත්, මේක පිස්සු හැදිලා ආයෙත් හැදෙන කතාවක්නේ.

      • තරහා වෙන්ඩ එපා, මම මේ බ්ලොග් එකෙන් මේ වගේ දෙකයි පනහේ විහිළුවක් බලාපොරොත්තු වුනේ නැහැ.

        • අනේ මම තරහ නැහැ. මම හිතුවේ ඔක්කොමලා කියයි කියලා මේ වගේ විහිලු කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න කියලා. මේක ප්‍රහාරක හෙලිකොප්ටරයකට සවි කරන රොකට් ලෝන්චරයක් බව පහුගිය යුද්ද කාලේ පුවත්පත් ඡායාරූප වල නිතර තිබුනා.

      • ඔක්කොමල්ලා මංදා මම නම් රැවටුනා.

        ඉස්සෙල්ලම ඔය බැටලුවට දාලාතියන තොප්පිය දැක්කම මගේ බුද්ධිය මට කිව්වා, මේක බොරුවක් ඔහොම තොප්පි දානවද බැටලුවන්ට කියලා. ඒත් එක්කම මගේ හදවත කිව්වා, මේක විචාරක මහත්තයගේ බ්ලොග් එක, ඒකේ ඔය වගේ විහිලු දානවද කියලා. ඉතින් බුද්ධියට වඩා හදවතට තැන දීලා මම රැවටුනා..

        මට ඔය ආයුධ ගැන එතරම් දැනුමක් නැහැ. අනිත් එක ඔහොම දෙයක් නොවෙයි කියලා කියන්ඩත් බෑනේ ත්‍රස්තවාදීන් කරන දේවල් බලපුවාම.

        රැවටුවාට ස්තූතියි.. 🙂

        • මමත් පාඩමක් ඉගෙන ගත්තා. බලන අයගේ හිත නොරිදෙන විහිලු කරන්න.විවිධ අවි ආයුධ ගැන ඉදිරියේදී කියන්නම්

  3. ජෝක් එකක් නේද?

  4. සර්,බොහොම ස්තුතිය්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: