විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


පහේ පන්තිය භාර ටීචර් ළමයින්ට පැවරුමක් දුන්නා. හෙට එනකොට හැම දෙනාම තමන්ගේ දෙමවුපියන්ගෙන් හෝ වැඩිහිටියෙකුගෙන් කතාවක් අහලා ඉගෙනගෙන එන්න ඕනේ. ඒ වගේම ඒ කතාවේ අවසානයට මොකක් හරි ආදර්ශයක් ගන්නට පුළුවන් දෙයක් තියෙන්නටත් ඕනේ. ඔන්න ඉතින් පහුවදා එක එක ළමයා පන්තියේදී තමන් ඉගෙනගෙන ආව කතාව කියනවා. මුලින්ම ‘හිමාලි’ ගේ වාරය. මෙන්න හිමාලිගේ කතාව. අපේ තාත්තට ලොකූ කුකුල් කොටුවක් තියනවා. එකේ ඉන්න කිකිලියෝ බිත්තර ගොඩාක් දානවා. එක දවසක් අපේ තාත්තා බිත්තර ගොඩාක් ප්ලාස්ටික් බේසමක දාගෙන, ඒ බේසම අපේ ඩබල් කැබ් එකේ ඉස්සරහ සීට් එක උඩ තියාගෙන, පොලට අරන් ගියා විකුනන්න. අතරමගදී කැබ් එකේ ඉස්සරහ රෝදයක් පාරේ තිබුන වලකට වැටිලා ගැස්සිලා බිත්තර ඔක්කොම උඩින් ගිහින් කැබ් එකේ ඉස්සරහ වීදුරුවේ වැදිලා කුඩු වෙලා හරිම ජංජාලයක් වුණා.

ඉතින් මොකක්ද මේ කතාවෙන් ගන්න ආදර්ශය? ටීචර් ඇහුවා. ‘තමන්ගේ බිත්තර ඔක්කොම එක භාජනයක ගෙනියන්න එපා කියන එකයි ආදර්ශය’ පුංචි හිමාලි උත්තර දුන්නා. බොහොම හොඳයි. ටීචර් කිව්වා.

ඊළඟ කතාව කියන්න ආවේ ‘තරුෂි’. තරුෂි කියපු කතාව මේකයි. අපිත් ගෙදර කුකුල්ලු ඇති කරනවා. දවසක් මම බිත්තර ගොඩාක් රකින්න තිබ්බා. අනේ ඒ වුනාට එයින් දෙක තුනකින් විතරයි කුකුල් පැටවූ ආවේ. තරුෂි කිව්වා.

ඉතින් මොකක්ද ඒ කතාවෙන් ගන්න ආදර්ශය? ටීචර් ඇහුවා. බිත්තර ටික රකින්නත් කලින් කුකුල් පැටවූ ගනින්න උත්සාහ කරන්න එපා කියන එකයි ආදර්ශය. තරුෂි උත්තර දුන්නා. බොහෝම හොඳයි, ටීචර් කිව්වා.

ඊළඟ වාරය සිරිපාලගේ. හොඳයි සිරිපාල මොකක්ද ඔයාගේ කතාව? ටීචර් ඇහුවා. ටීච, මේ කතාවත් එයින් ගතයුතු ආදර්ශයත් මට කියලා දුන්නේ අපේ තාත්තා. අපේ සෑම් අංකල්, පහුගිය යුද්ද කාලේ, එයාගේ හෙලිකොප්ටර් එක පදවාගෙන, එල්.ටී.ටී.ඊ. කෑම්ප් එකක් උඩින් යද්දී, එල්.ටී.ටී.ඊ. එකෙන් වෙඩි තියලා හෙලිකොප්ටර් එක එල්.ටී.ටී.ඊ කාරයෝ සීයක් ඉන්න කෑම්ප් එකකට කඩාවැටිලා.

‘දෙයියනේ’ . . . . . . .කියලා හුස්මක් ඉහළට ගත් මුළු පන්තියම ගල් ගැහිලා කතාව අහනවා. ඉතින් ඉතින්, ටීචර් කිව්වා. ඉතින් ටීච, හෙලිකොප්ටරේ කඩා වැටුනට සෑම් අංකල්ට කිසිම තුවාලයක් වෙලා නැහැ. ඒ වගේම එයාගේ මැෂින් තුවක්කුවයි, ලොකු කැළෑ පිහියයි, විස්කි බෝතලෙකුයි තිබිලා තියනවා කිසිම හානියක් නැතුව. අංකල් සෑම් ගුඩු ගුඩු ගාලා කටට තියාගෙන මුළු විස්කි බෝතලේම බිව්වලු. ඊළඟට ‘පුලුවන්නම් වරෙල්ලා’ කියාගෙන පැන්නලු එල්.ටී.ටී.ඊ. කාරයෝ මැද්දට. පැනලා මැෂින් තුවක්කුවෙන් වෙඩි තියාගෙන තියාගෙන ගියාලු වටේටම. එල්.ටී.ටී.ඊ. කාරයෝ හැත්තෑවක් මැරිලා වැටුනලු එතනම. පතරොම් ඉවර නිසා මැෂින් තුවක්කුව පැත්තකට විසි කරලා, සෑම් අංකල් ගත්තලු ලොකු කැළෑ පිහිය අතට. ඒකෙන් කොටාගෙන කොටාගෙන ගියාලු තව එල්.ටී.ටී.ඊ. කාරයෝ විස්සකට, පිහිය තලේ මිටෙන් ගැලවෙනකල්ම. ඊළඟට හිස් විස්කි බෝතලේ ගලක ගහලා කඩලා එකෙන් ඇණගෙන ඇණගෙන ගියාලු ඉතුරු එල්.ටී.ටී.ඊ. කාරයෝ දහදෙනාම මැරෙන්ඩ. සිරිපාල කතාව අවසන් කළා.

ඉතින් මොකක්ද මේ කතාවෙන් ගන්න ආදර්ශය? ටීචර් ඇහුවා. ‘සෑම් අංකල් කාපු බීපු වෙලාවට කියන කතා ගණන් ගන්න එපා කියන එකයි ආදර්ශය’ සිරිපාල කිව්වා.

Advertisements

Comments on: "අංකල් සෑම් යුද්ධ කරපු හැටි" (10)

  1. හැබැයි ඔය ෆොටෝ එකේ ඉන්නේ අන්කල් සෑම් කෙනෙක්ද අන්කල් අයිවන් කෙනෙක්ද?
    කතාව නම් මීට කලින් අහල නෑ, ලගින් යන එකක් වත්.

  2. සෑම් අංකල් අතේ පත්තු උනු නයෙක් ඇරලා තියෙන්නේ

  3. ‘සෑම් අංකල් කාපු බීපු වෙලාවට කියන කතා ගණන් ගන්න එපා කියන එකයි ආදර්ශය’

    හි…හි..නියම කතාවක් හිනා කාල පණ ගියා…

  4. පට්ට කතාව…
    මම මේක උස්සලා ෆේස්බුක් ස්ටේටස් එකක් විදියට දාගත්තට අමනාපයක් නෑ නේද….

    ජය වේවා…..

  5. ඒක හරි. කාපු බීපු වෙලාවට කියන කතානෙ!

    ඕකත් මාර excuse එකක් අපේ රටේ නේද?

  6. හුඟක් කාලෙකින් හිනා උනා.ස්තූතියි.තව ලියන්ඩ.

  7. ෂාහ් ඇතිවෙන්න හිනා උනා හික් හික්

  8. අන්කල් සෑම් කිව්වාම මම මුලින් හිතුවේ ඇමරිකාව ගැන කතාවක් කියලා 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: