විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මේ කතාව ආරම්භ කරන්නට කලින් එක දෙයක් මතක් කල යුතුයි. මේ මගේ බ්ලොග් එකේ 50 වැනි ලිපිය. 2011 දෙසැම්බර් මස 15 වැනි දින ආරම්භ කල මේ බ්ලොග් අඩවිය ඉතා සුළු පිරිසකගේ හෝ අවධානයට යොමුවීම සතුටක්. එමෙන්ම මා, මේ කාර්යය කරගෙන යන්නේ තොරතුරු තාක්‍ෂණය ගැන පොත් පත් වලින් ලබාගත් දැනුමෙන් සහ පරිගණක අලුත්වැඩියාව පිළිබඳව උඩින් පල්ලෙන් කල විකාර පාඨමාලාවකින් පසුවයි. හැබැයි අදටත් මා හිතවතුන්ගේ පරිගණක අලුත්වැඩියා කරන අතර මෙතෙක් මට කරගැනීමට නොහැකි අලුත්වැඩියාවක් ඇවිත් නැහැ. (ලැප්ටොප් වලටනම් මෘදුකාංග දමනවා පමණයි. ඕනෙම එකක් තියනවා. දුර්ලභ මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගෙන තිබෙනවා.) බ්ලොග් අඩවි හැසිරවීම පිළිබඳව මා තවමත් දන්නේ බොහොම ටිකයි. ඉදිරියේදී දැනුම දියුණු කර ගන්න සියලු උත්සාහ දරනවා. මගේ වයස අනුව එය ටිකක් වෙහෙසකරයි. ඒත් චිත්ත ධෛර්යය නොසිඳෙන තුරු දිගටම කරනවා.

හොඳයි මාතෘකාවට බහිමු. අපි දන්නවා සාමාන්‍යයෙන් තුවක්කුවකින් වෙඩි තැබීමට නම් තුවක්කුව අතේ තියන පුද්ගලයාට තමන් ඉදිරිපිට භූමියේ ඇති ඉලක්කය පැහැදිලිව පෙනෙන්නට අවශ්‍යයි. හිතේ හෝදිසියට වෙඩි තැබුවොත්, එයින් සාර්ථක ප්‍රතිඵල අත්වන්නේ ඉතා කලාතුරකින්. දුර තිබෙන ඉලක්කයකට වෙඩි තැබීම සඳහා තුවක්කු වලට සවි කරන ලද විශේෂ දුරදක්න තිබෙන බව ඔබ දන්නවා. එමෙන්ම රාත්‍රී අඳුර විනිවිද පෙනෙන දෘෂ්ටි උපකරණ තිබෙන බවත් පසුගිය කාලයේ අපේ රටේ යුද තොරතුරු කියවූ ඔබ බොහොම දෙනෙක් දන්නවා.

අපි මොහොතකට හිතමු ඔබ ගොඩනැගිල්ලක පිටත බිත්තියක මුල්ලට මුවාවී සිටිනවා කියා. ඒ මුල්ලෙන් අනික් පස ඔබේ සතුරා සිටින බව ඔබ දන්නවා. නමුත් ඔබ බිත්ති මුල්ලෙන් හිස පොවා බැලුවොත් වෙන්නේ සතුරාගෙන් ඔබට ඔලුව කුඩු යන්නට වෙඩි පහරක් ලැබීමයි. ඔබ අතේ වාහනයක සයිඩ් කන්නාඩිය වැනි කන්නාඩියක් තිබේනම් එය සෙමින් යොමුකර සතුරා සිටින්නේදැයි බැලිය හැකියි. එපමණයි. හොඳයි ඔබට පුලුවන්නම් ඔබේ තුවක්කුවේ බටය වක්‍රාකාරව අංශක 90 කට නවා එයින් වෙඩි තියන්නට? ඒ උණ්ඩය තුවක්කු බටයේ වක්‍රය අනුව අංශක 90 ක නැම්මකට හැරී ගොස් බිත්තියට මුවාවී සිටින සතුරාට වදිනවා. දෙකොනින් හිනා යන කතාවක්නේ. අර අන්දරේ කැති තලය බිම සිටවා එයට වෙඩි තැබුවාම උණ්ඩය දෙකට කැපී ගොස් හේනේ හිටිය වල ඌරන් දෙන්නෙක් මරාපු කතාව වගෙයි. හැබැයි මේ විදිහට අංශක 90 ක කෝණයක සැඟවී තිබෙන ඉලක්කයකට හෝ තමන්ට වෙඩි නොවැදී සතුරාට වෙඩි තැබිය හැකි උපක්‍රමයක් ගැන මිනිසාට මුලින්ම අදහසක් පහල වූයේ අද ඊයේ නෙවෙයි. පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේදී තමයි මේ අදහස මුලින්ම එලියට ආවේ. එහිදී ඔවුන්ගේ අවධානය යොමු වුනේ තමන් සිටින යුද අගලෙන් ඉහලට හිස ඔසවන්නේ නැතිව ඉලක්කය බලාගෙන වෙඩි තැබීමයි. මෙහිදී ඔවුන් තම රයිෆලයට පෙරිස්කොප් එකක් (ඉස්සර සමහරු කිව්වේ චීනක්කන්නාඩිය කියලා) සවිකරගෙන තරමක් සතුටුදායක ප්‍රතිඵල ලැබුවා. ඕස්ට්‍රේලියානු අධිරාජ්‍ය හමුදා බලකායේ දෙවැනි බල ඇණියේ සැරයන් ‘විලියම් බීච්’ තමයි 1915 මැයි මාසෙදි මේ සොයාගැනීම කලේ.


මීළඟට, මේ සැඟවී සිට වෙඩිල්ල හරවා යැවීමේ උපක්‍රමයට අත ගැසුවේ ජර්මනියයි. ඒ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී. ඔවුන් කලේ සාමාන්‍ය ස්වයංක්‍රිය තුවක්කුවක බටය අගට, නැවුණු කොටසක් එක් කිරීමයි. එය තුන්පාද අට්ටාලයක සවි කර එහි යට සිට වෙඩි තැබුවා. හැබැයි ඉලක්කය එතරම් සාර්ථක නැහැ. මෙය විශේෂයෙන් යෙදෙව්වේ යුද ටැංකි ඇතුලත සිට පිටත නොපෙනෙන පෙදෙස් වලට වෙඩි තබන්නයි.
වර්තමානය වනවිට නවීන තාක්‍ෂණය එකතුකර අති සාර්ථක අවියක් නිපදවා තිබෙනවා. එය හඳුන්වන්නේ ‘කෝනර් ෂොට්’ (Corner Shot) යනුවෙන්. මෙහි නිර්මාතෘ හැටියට සැලකෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ලුතිතන් කර්නල් (ලුතිනන් නොවේ. නිවැරැදි වචනය ලුතිතන්) අමොස් ගෝලාන්. 1999 – 2000 කාලයේදී නිපදවූ මේ අවිය, භාවිතයට යොමු වුනේ 2003 පමණ සිට. අපේ හමුදාව මෙම අවිය පාවිච්ච්චි කරන්නේ නැහැ. මෙහිදී කර තිබෙන්නේ ඩිජිටල් කැමරාවක් දුර දක්නය ලෙස යොදවාගෙන, එමගින් ඉලක්කය ගෙන, අවියේ ඉදිරි කොටසේ සවිකර ඇති පිස්තෝලය හෝ බෝම්බ විදිනය, (Grenade Launcher) අවියේ පසුපස කොටසේ ඇති යාන්ත්‍රික අගුලෙන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන් වීදි සටන්, ගොඩනැගිලිවල සැඟවී සිටින සතුරන්ට පහරදීම, වැනි කටයුතු වලදී මෙය යොදාගන්නවා. චීනය, පාකිස්තානය, ඉරානය, දකුණු කොරියාව වැනි රටවල මේ අවිය බහුලව පාවිච්චි කරනවා.

Advertisements

Comments on: "අමුතු තාලේ ගිනි අවියක්" (22)

  1. හොඳ විස්තරයක්.. මෙහෙම දෙයක් ගැන ඇහුවමයි… ගොඩක් ස්තූතියි.

    // ඕස්ට්‍රේලියානු අධිරාජ්‍ය හමුදා බලකායේ දෙවැනි බල ඇණියේ //

    ඕක ඕස්ට්‍රියානු වෙන්ඩ ඕනා මගෙ හිතේ. එහෙමද ?

    • මම තොරතුරු ලබාගත් මාධ්‍යයේ තිබෙන්නේ (Australian Imperial Force – AIF) කියලා. මම වැරදිනම් නිවැරදි කරන්න. ‘නාකියා බුල් ගහනවා’ වෙන්න පුළුවන්.

      • මමත් ඒ හැටි දෙයක් දැනගන කිව්වා නෙමේ.. ඒත් මම අහලා තියනවා පළවෙනි ලෝක යුද්දෙට ඔස්ට්‍රියාවේ සම්බන්ධකමක් තියනවා කියලා. අනිත් එක, ඕස්ට්‍රේලියාව කවදාවත් අධිරාජ්‍යක් නෙමේ නේද.. ? ඒක අදටත් බ්‍රිතාන්‍යය කිරීටය යටතේ තියෙන්නේ මම දන්න විදිහට.

        • මමත් හිතන්නේ බ්‍රිතාන්‍යයට යටත්ව තිබුණු කාලේ තමයි ඔය විදිහට කියන්න ඇත්තේ. ඔබ අහලා තියනවද ඉස්සර අපිත් කියලා තියෙන්නේ ‘රෝයල් සිලෝන් ආමි’ කියලා. ඒ අපි සුද්දට යටත්ව හිටිය කාලේ.

      • පුංචි නිවැරදි කිරීමක් : මෙහි සදහන් වියයුත්තේ ඔස්ට්‍රියාව මිස ඔස්ට්‍රේලියාව නොවෙයි : පළමු ලොක යුද්ධය ඇතිවුනේ එංගලන්තය , ප්‍රංශය හා රුසියාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය සමග ජර්මනිය හා ඔස්ට්‍රියාවයි. ජර්මනිය හා ළගම නෑකම් තිබූ ඔස්ට්‍රියාව එකළ ප්‍රෂියාව නොහොත් හැපස්බර්ග් අධිරාජ්‍ය ලෙස යුරොපයේ බලවත්ව පැවතුනත් 1918 දි පළමු ලොක යුද්ධයෙ පරාජය සමගම බිදවැටුනා.

      • විචාරක කියලා තියෙන දේ හරි මම හිතන්නේ මහා බ්‍රිතාන්‍යයට ඕස්ට්‍රේලියාව අයිති නිසා තමයි ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යය හමුදාව කියලා හඳුන්වන්නේ….

        අර කලින් විචාරක කිව්වා වගේ ‘රෝයල් සිලෝන් ආමි’

  2. මෙතරම් කෙටි කාලයක් තුළ මෙතරම් ලිපි ගණනක් ලිවීම ගැන සතුටු වෙනවා…අනික් කාරණය ඒ ලිපි වලින් බොහොමයක් ඒවා දැනුමට යමක් එකතු කරන්න සමත් ලිපි…

    වැඩි පිරිසකගේ අවධානය යොමු කරගත හැකි ක්‍රමයක් තමයි සින්ඩිකේටර් කිහිපයකට අඩවිය එකතු කිරීම..මගේ බ්ලොගයේ ඇති සින්ඩිකේටර් වලට එකතු කර බලන්න..වැඩි පිරිසකගේ අවධානය යොමු වුනේ නෑ කියා මේක අත්හරින්න එපා දිගටම ලියාගෙන යන්න…ටිකෙන් ටික පිරිස එකතු වේවි..

    තොරතුරු තාක්ෂණය ගැන ඔබ ලබා තිබෙන දැනුම හා එය ලබාගත් ආකාරය අගය කරන්න වටිනවා.. පරිගණක උපාධියක් ඇති මටවත් පරිගණකයක් අලුත්වැඩියා කරගන්න බෑ.. 🙂

    ලිපිය නම් විශිෂ්ඨයි..දැනුමට අලුත් යමක් එකතු වුනා..

    පෙරිස්කෝප් එක කියන්නෙ සබ්මැරීන් එකක ඉඳන් ඉහළ බලන්න පාවිච්චි කරන උපකරණයම නේද?

    • හ‍රී, නොදන්නාකම කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැනේ, මම පුංචිකාලේ ඉඳලම කාර්මික පැත්තට බරයි. අදටත් ගෙදර තියන රූපවාහිනී, රේඩියෝ, ගෘහ විදුලි උපකරණ, අලුත්වැඩියා කරන්නේ මම. මේ සඳහා අවශ්‍ය මෙවලම් පවා මා ළඟ තියනවා. මම 1983 දී මගේ චූටි දුවට වාඩිවෙන්න ලස්ස්සන ලී පුටුවක් හැදුවා. ඒ වැඩත් ටිකක් පුළුවන්. හැබැයි මම විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක් නෙවෙයි. මගේ දැනුම වර්ධනය කරගත්තේ කියවීමෙන්, ඇහුම්කන් දීමෙන් සහ කරුණු සෙවීමෙන්, එකයි මම මගේ බ්ලොග් එක ‘අසමි දකිමි සොයමි’ කියලා නම් කෙරුවේ. මට පරිගණක පිලිබඳ න්‍යායාත්මක දැනුම නැති ඒක ගැන දුක් වෙනවා. සමහර පොත්වල තියන ගණිත සංකල්ප මට තේරෙන්නේ නැහැ. මම ඉගෙනගෙන තියෙන්නේ අංක ගණිතය පමණයි. (හැබැයි 1 ටී.බී. හාඩ් ඩිස්ක් එකක් උනත් ටක් ගාලා පාර්ටිෂන් කරලා දෙන්නම් කොළ කෑල්ලක ගාන හදලා. ඊයේ ආවා MSI MS 7095 P4MAM2-V කියන මදර් බෝඩ් ඒක තියන පරිගණකයක්. නැවත ෆෝමැට් කරලා වින්ඩෝස් දැම්මට පස්සේ නෝ සවුන්ඩ්. මගේ ළඟ තියන සොෆ්ට්වෙයා වලින් ඉන්ස්ටෝල් කරත් නෝ සවුන්ඩ්. ඉන්ටර්නෙට් එකේ ටිකක් ඔට්ටු වුනාම නොමිලේම ගත්තා මුළු මදර්බෝඩ් ඩ්‍රයිවර්ස් ඔක්කොම. ඒ වගේ වැඩ පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයේ තිබෙන තොරතුරු තාක්ෂණ ලිපි මම සෑහෙන්න කියවනවා. එයින් ලොකු දැනුමක් ලැබෙනවා.)

      මම සින්ඩිකේට් කියලා දන්නේ ‘ලාංකීය සිතුවිලි’ සහ ‘නිම්නය බ්ලොග් කියවනය පමණයි’. වෙනත් ඒවාට සම්බන්ධවෙන්න මට ඔබේ උදවු අවශ්‍යයි. ඔබ කියලා තිබුනනේ මගේ ලිපි වර්ගකරන්න කියලා ඒක කරන හැටි මම දන්නේ නැහැ. කරුණාකර කියාදෙන්න. කාගේ හරි සයිට් එකකට හෝ වෙබ් පිටුවකට ලින්ක් එක දීම සඳහා මම දන්නේ කොපි ඇන්ඩ් පේස්ට් විතරයි. අර ඔබ සිංහලෙන් දෙන්නේ ‘මෙතනින් යන්න’ කියලා. එය කරන හැටි මම දන්නේ නැහැ. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. එක්කෙනෙක් ඉතිහාසය සහ පුරාවිද්‍යාව අංශයෙන් උපාධියක්, පශ්චාත් උපාධියක්, එම්.එස්.සී උපාධියක් තියාගෙන තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දවස් පඩියට (මාසෙකට රු 10000 යි) වැඩ කරනවා. මැරුණත් මම එක දේශපාලන බල්ලෙක්ගෙ පස්සේ යන්නේ නැහැ. හැබැයි එයාට කොම්පියුටර් ඩිප්ලෝමා එකක් තියනවා මොකුත්ම දැනුමක් නැති. අම්මපා ඔවු. ගෙදර කොම්පියුටරෙන් ‘මූණු පොතට’ විරිත්ත විරිත්තා ඉන්නවා ගෙදර ආවම. අනික් දියණිය කොළඹ වයිද්‍ය විද්‍යාලයේ 4 වන වසරේ. එයාට ඔක්කොම පුළුවන් මොකුත් කරන්නේ නැහැ. ඒත් මුන් දෙන්නා නැත්නම් මට නින්ද යන්නේ නැහැ. මෙයාලව මම යුධ භූමියටත් හොරෙන් ගෙනිහින් තියනවා. මට පුතෙක් නැති අඩුව දැනෙනවා. මම කියලා තියෙන්නේ මා සතු විවිධ යාන්ත්‍රික මෙවලම්, අන්තර්ජාලයෙන් බාගත කරගෙන ඩී.වී.ඩී. වලට දමා ඇති, ලෝකයේ විශිෂ්ට ගනයේ චිත්‍රපටි, මා මියගිය දවසට ඒ වලටම දමන්න කියා. ඔබට පුලුවන්ද අන්තර්ජාලයේ මගේ පුතා වෙන්න?

      පෙරිස්කෝප් ඒක ගැන ඔබ කියා තිබුනුදේ හරි. ඊයේ ලිපිය ලියද්දී මම හිතුවා පෙරිස්කෝප් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හෙට අනිද්දම කරන්නම්.

      • ඔබතුමා ගැන ඇත්තටම ආඩර්‍මබරයි.වයසට යනකොට වයස හිතට අරගන වීහින් නාකිවෙන බලේන්නාකින්ට ඔබ ආදර්ෂයක්.(තරැණ නාකියා) එහෙම කියුවාට සොරි.ආදරයටයි කියුවෙ.අනේ අපි දැන් නාකියි කියලා මොබයිල් ෆොන් එකක්වත් පාවිර්‍චචි නොකරන පැන්සොන් ගත්ත වීධායක නිලධාරි මම දැකලා තියනවා. එහෙම ලෝකයක ඔබතූමා හෙන පොරක්.මම ඉගන ගත්තේ නැ.විහින් කාලකන්නි උනා.කර්‍ඩඩ තියා සීංහලත් බැ .එත් දැන් රජයේ දෙපාර්තමෙන්තූවල IT හෙර්‍ඩ විදිහට ඉන්න යාළු මල්ලිලා (අළුත් පරර්‍මපරාව) මට ගේනත් දෙනවා ලැප් හදලා දියන් කියලා.
        ඔයාට වැදගත් වෙයි කියලා හිතේන නිසා මෙ අහන්නේ කවදාහරි ලීනක්ස් පාවීර්‍චචි කරලා තියනවද.මම වින්ඩොස් භාවීතා කරන්නැ.hanthana linux තමයි මම භාවිතා කරන්නේ .වෙන කිසිම දෙයක් ඔන වෙන් නැ.වීනාඩි 25කින් සියල්ල සර්‍මපුර්න වෙනවා.ඩනිෂ්ක නවීන් මුලිකව ලාංකීක කංඩායමක් නිර්මාණය කරලා තියෙන්නේ පෙඩොරා අනුසාරයෙන්.නියමයි.

        මෙන්න ගිහිල්ලා බලන්න http://www.hanthana.org/ බාගන්න නර්‍ම බැරිවෙයි 3.7 gb තියනවා.සීයරටදේ සිරි සැපදේ කීයලා පාවිර්‍චචි කරලා බලමු.නාසා එකේත් භාවිතා කරන්නේ පෙඩොරා වල වර්ධනය කල os එකක්ලු.

        ඔබතූමා කැමතිනර්‍ම තැපල් කරන්න පුළුවන්. මාලග තියනවා සංස්කරණ කිහිපයක්ම. යාළුවන්ට ඩුවල් බුර්‍ට කරලා දෙමු.

        උදාහරණයකට කියන්නේ ඔෆිස්. මොබයිල් පාර්‍ටනර්. සීංහල කිර්‍ට. dvd රයිටර් අපිට ඔනකරන හැම දේයක්ම තියනවා හන්තානේ. විනාඩී 25කින් සියල්ල සර්‍මපුර්නයි.

        ලීපිනය කැමතිනර්‍ම මෙ නොර්‍මමරයට කොල් එකක් දිලා කියන්න.මම එවන්නර්‍ම.

        ඔයාගේ ලීපිවලින් දැක්ක ඔයා. ආසාවෙයි කියලා හිතපු නිසයි කියුවෙ .ඈණයක් යැයි නොසිතන්න.

        • මම උත්තර දෙන්නම් ඔයාගේ කමෙන්ට් එකේ අග ඉඳන් මුලට. කිසිම අකාරයකින් ඔබ ඇණයක් නොවේ. ඔබ මට සම්පතකි. කෝ වස්තුවේ ඔයා කියල තියන ටෙලිෆෝන් නොම්මරේ. ඒක තිබුනානම් මම කතා කරනවනේ. මම ලිනක්ස් ගැන කියවලා තියනවා. නමුත් කවදාවත් එයින් වැඩ කරලා නැහැ. මමත් වෙනම මැෂින් එකක් තියාගෙන ඉන්නවා, ඔය ‘සුකුරුත්තම් වැඩ ටැස් කොරලා බලන්න’ හැබැයි එකේ රන් වෙන එකක් නැහැ. 478 මදර්බෝඩ්, 512 ඩී.ඩී.ආර්. 1 රැම්, හැබැයි අයි.ඩී.ඊ. ඩී.වී.ඩී. රයිටරයක් ගහලා තියෙන්නේ. නියමෙට වැඩ.

          මා ගැන අගය කිරීම පිළිබඳව අපමණ පින්. ඔයා කියනවා හරියටම හරි. උපාධි සහතිකය තිබුන පලියට කිසිම ෆීල්ඩ් එකක වැඩ කාරයෙක් වෙන්න බැහැ. ප්‍රායෝගික දැනුම නැතුව. ඔයා දන්නවද අපි දෙවැනි ලුතිතන් කෙනෙක් හැටියට මුලින්ම ආමි එකට ආවම, බොහොමයක් දේවල් අහන්නේ කොප්‍රල්ලාගෙන්, සාජන්ලාගෙන්, සාජන් මේජර්ලාගෙන්. අනික පෙන්ෂන් ගත්තා කියන්නේ මැරුණා නෙවෙයිනේ. ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුනා. මමනම් හිතන්නේ එහෙමයි. ඔබ ලබාදුන් ලින්ක් එකේ ගොස් ඒ සයිට් ඒක බුක්මාක් කරගත්තා. නිවිසැනසිල්ලේ කියවා බලන්නම්. නැවතත් ඔබට බොහොම ස්තුතියි.

  3. කැමැත්තෙන්ම වෙන්නම්…මමත් ඒ හැටි දැනුමැත්තෙක් නෙමෙයි…පුලුවන් උදව්වක් කරන්නම්…ඔබ ඊමේල් පාවිච්චි කරනවා නම් hareenlaks@gmail.com ලිපිනයට මේලයක් එවන්න…

    පාවිච්චි නොකරනවානම් මෙතනම කියන්නකො..වෙන විකල්පයක් බලමු…. 🙂

    //‘මූණු පොතට’ විරිත්ත විරිත්තා ඉන්නවා ගෙදර ආවම.// 😀

    • ඔයාට බොහොම පින් හරී. ඔයාට පින් සිදුවන්නට මම ඔයාගේ බ්ලොග් එක ආධාරයෙන් තවත් සින්ඩිකේට් තුන හතරකට අයදුම් කළා. ඉක්මනින්ම ඊ මේල් එකක් එවන්නම්. මෙන්න අද උදේ මුන් දෙන්නා මගේ පර්ස් එකත් සුද්ද කරලා ෂොපින් ගියා. චූටි දුව එයාගේ ලැප් එක අප්සෙට් කරගෙන ඊයේ හවස ගෙදර ආවා. මුල ඉඳලා ෆෝමැට් කරගෙන පටන් ගනින්කෝ ඉතින්. සොෆ්ට් වෙයා තියන හින්දා හොඳයි. ඊ මේල් වලින් මම නොදන්නා දේවල් කියලා දෙන්න.

  4. “නර්මාලාප”

    තේරෙන්නේ නෑනෙ…

  5. මේකට කියන්නෙ **** කියල. මේක ගැන මමත් ආසාවට හොයල බැලුව. මෑතකදි පකිස්තානෙනුත් මේ හා සමාන අවියක් නිපදවල තිබුනා. ඔබතුමාගෙ අත්දැකීම් එකතු කරල අපේ යුද හමුදාව භාවිත කළ අවි සහ සන්නද්ධ රථ ගැනත් ලිපි පෙලක් පල කරන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි.

  6. “මේකට කියන්නෙ Corner Shot කියල.”

    සමාවෙන්න අස්ම්පූර්න කොමෙන්ටුවක් ඉහලින් පලවීම ගැන. පහල තියන ලින්ක් එකෙන් මේ අවිය ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන්.

    http://www.google.lk/url?sa=t&rct=j&q=corner%20shot&source=web&cd=7&ved=0CE4QtwIwBg&url=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D3RaubAtWZQM&ei=hn1UT_ymJ4qyrAeNg6D0Bg&usg=AFQjCNHfYilfYHfdyLPO_4GXJJUm8Q8VcA

    • ඔබ කිව්වා හරි. මේ අවියට වර්ෂන් කීපයක් තියනවා. පාකිස්තානයේ හදපු එකට කියන්නේ POF කියලා. ඇත්තටම මම හිතුවේ නැහැ මේ තරම් අවධානයක් මගේ ලිපියට ලැබෙයි කියලා. ‘කෝනර් ෂොට්’ ගැන විස්තර මම ගත්තේ ‘දේශීය සම්පත්’ වලින්. හැබැයි ‘නෙට්’ එකේ ගොඩක් විස්තර තියනවා. යුද්ධ ටැංකි වලට යන්න කලින්, අපි පාසල් ශිෂ්‍ය භටයන් ලෙස පාවිච්චි කරපු තුවක්කු ගැන කියන්නම්. බොහොම ස්තුතියි ඔබේ අවධානයට.

  7. http://sindiya.com/

    http://blogs.sinhalabloggers.com/

    ඔය දෙකටත් බ්ලොග් එක දැම්මනම් හොදයි නේද…
    මටත් මේ කොම්පීටර ජිල්මාට් වැඩිපුර තේරෙන් නෑ. එහෙමයි කියලත් ලොකු අඩුවක් නෑ වගේ, අල්ලාගෙන යනව…

  8. මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තේ අද. ඔබතුමාට ස්තුතියි 🙂

  9. මම චීනකන්නාඩියෙන් මුන බලන්න එපා කියන එකේ තේරැම දැනගත්තෙ අද ස්තුතිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: