විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  හමුදා සේවයේදී ඉහලින් එන අණ පිළිපැදීම අනිවාර්යයෙන් කලයුතුයි. නැතිනම් ගෙදර යා යුතුයි. සොල්දාදුවෙකුට තමන් ළඟම සිටින අණදෙන්නා වන්නේ තමන් අයත් භට ඛණ්ඩයේ, (Platoon) තමන් අයත් පේලියේ, (Section) (ඛණ්ඩයකට පේලි තුනක් තිබේ.) අණදෙන්නා හෙවත් පෙළ අණ දෙන්නාය. (Section Commander) පෙළ අණදෙන්නා ලෙස කටයුතු කරන්නේ කෝප්‍රල් වරයෙකි. එක්තරා බලඇණියකට අයත් ඛණ්ඩයක, තරමක් දාර්ශනික දැනුමක් ඇති පෙළ අණදෙන්නෙක් සිටියේය. ඔහු තමන් යටතේ සිටින සොල්දාදුවන්ට යම් කරුණක් පැහැදිලි කරදෙන්නේද දාර්ශනික විලාශයෙනි.


උදාහරණයක් වශයෙන් ටී 56 තුවක්කුව ගැන උගන්වනවිට ඔහු පාවිච්චිකරන්නේ මෙවැනි වදන්ය. ‘සමස්ත මානව ඉතිහාසයම වෙනස් කිරීමට තරම් හේතුවූ මේ ප්‍රබල අවිය පරිහරණයේදී, මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳවද තමාලා සිතා බැලිය යුතුයි’. ඉතින් මේ දාර්ශනික වචන නොතේරුනොත් සොල්දාදුවන්ට වෙන්නේ විවිධ දඬුවම් වලට යටත් වෙන්නටයි. මේ නිසා ඔහු සමග පරිස්සමෙන් ගනුදෙනු කිරීමට ඔහු අණදෙන පෙළෙහි සොල්දාදුවන් අධිෂ්ඨාන කරගත්තා.


මේ කාලයේදී අලුත් සොල්දාදුවෙක් ඒ පෙලට එක්වුණා. කෝප්‍රල් වරයා ඔහු තමන්ගේ දැඩි අධීක්ෂණය යටතේ තබාගත්තා. දිනක් මහ කැලයේ සතුරු භූමියට ආසන්නව කඳවුරු බඳින්නට සිදුවුනා. මෙවැනි අවස්තාවලදී ඈතට පෙනෙන ලෙස විශාල කූඩාරම් සවි කරන්නේ නැහැ. සතුරාට පෙනෙන නිසා. ඒ වෙනුවට කරන්නේ සොල්දාදුවා තම පිටේ ගෙනයන ලොකු මල්ලේ තිබෙන ඝන ඉටිරෙද්දක් වැනි පොලිතීන් රෙද්දෙන්, පොළොවේ සිට අඩි දෙකක් පමණ උසට සිටිනසේ පල දෙකක කුඩා කූඩාරමක් සකසා ගැනීමයි. (මේ සමග ඇති ඡායාරූපය බලන්න.) මෙය හඳුන්වන්නේ ‘බිවැක් = Bivak’ යන නමින්. මෙය එක සොල්දාදුවකුට පමණක් සුදුසු වුනත්, මේ සඳහා ගන්න විශේෂ රෙදි හිග වූ විට දෙන්නෙක් එක කූඩාරමේ ඉන්නවා. එයින් ආරක්ෂාවද තහවුරු වෙනවා. ඉතින් අපේ අර කෝප්‍රල් එදා බිවැක් එකේ හිටියේ තමන්ගේ අධීක්ෂණය යටතේ ඉන්න සොල්දාදුවාත් සමගයි. ‘පරිසරය නිරීක්ෂණය කරනු, තමන් නිරීක්ෂණය කරනදේ හොඳින් අවබෝධ කරගනු, අවබෝධ කරගත් දේ නිවැරදිව මට වාර්තා කරනු,’ මේ තමයි එදා අපේ කෝප්‍රල් තමන්ගේ ගෝලයාට දුන්න උපදෙස්. මහ රෑ දෙකට විතර සොල්දාදුවා තමන් අසලම නිදා සිටින කොප්‍රල්ව අවදි කළා. කෝප්‍රල්, කෝප්‍රල්, කොප්‍රල්ට මොකක් හරි අමුත්තක් දැනෙනවාද? සොල්දාදුවා ඇහුවා. ‘නිශ්ශබ්දවනු’ කෝප්‍රල් කිව්වා. මම මොහොතක් නිරීක්ෂණය කරනතෙක් සිටිනු, හ්ම්ම්ම්ම් . .. . . පරිසරය බොහෝදුරට නිහඬයි. සතුරාට අපව නිරීක්ෂණය කරන්න හොඳ අවස්තාවක්, අහස පැහැදිලියි. තරු කෝටි ගණනක් දිස්වෙනවා. අන්තරීක්ෂය දක්වා නිරීක්ෂණය වෙනවා. කෝප්‍රල් සොල්දාදුවාට කියාගෙන ගියා. කෝප්‍රල්, පොඩ්ඩක් ඉන්නකෝ සොල්දාදුවා බාධා කළා. මට කොප්‍රල්ට වාර්තා කිරීමට දෙයක් තියෙනවා. දැන් ඔය කෝප්‍රල් කියපු මොන රීක්ශයද මම දන්නෑ. එච්චර හොදට අහස පෙනෙන්නේ කෝප්‍රල්, කවුදෝ අපේ බිවැක් එක ගලවාගෙන ගිහින්.

Advertisements

Comments on: "කොප්‍රල්ගේ ‘බිවැක්’ එක" (5)

  1. හි..හි…මරු වැඩේ..සොල්දාදුවා නියමෙට පරීක්ෂාවෙන් ඉඳලා තියෙනවා..

  2. මේ කතාව මම කලින් අහලා තියනවා.. ඒත් ඔබගේ ඉදිරිපත් කිරීමේ ව්ලාශය අපූරුයි.. මේක අපේ හමුදාවේ සිද්ධවෙච්ච දෙයක් නෙමේ කියලා මම හිතනවා..

    • මේක විවිධ භාෂා වලින් ලෝකය පුරා යන කතාවක්. සිංහල වර්ෂන් එකක් තිබුනේ නැහැ. මට හිතුනා ඒ අඩුව පුරවන්න. කමෙන්ට් එකට ස්තුතියි.

  3. හමුදාවක මේ නිල පිළිබදවත් පොඩි දැනුමක් ආවා..හික්ස් කෝප්‍රල් එතකන් තේරිලා නෑ බිවැක් එක නෑ කියලා

    • ඔබ ලංකාවේ ඉන්න කෙනෙක් නම්, ඔබ හඳුනන යුද හමුදා සාමාජිකයකු අත ඇති, යුද හමුදාවෙන් නිකුත් කල දින පොත බැලුවොත්, එහි මුල්ම පිටුවල, ත්‍රිවිධ හමුදාවේම සියලුම නිලයන් අඳින නිල ලාංඡන සහ එක් එක් නිලය හඳුන්වන නම දක්වා තිබෙනවා.
      ඔබට අවශ්‍යනම් සම්පූර්ණ විස්තරයක් කරන්නටත් පුළුවන්. කමෙන්ට් එකට ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: