විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


අපේ පුංචි ජනාවාසයේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති සමිතියේ සාමාජික පවුල්වල අය පසුගිය නිදහස් දවසේ ජාතික නිදහස සමරමින් ත්‍රිකුණාමලයේ සංචාරයක නියැලුනා. මේ සංචාරයේදී ත්‍රිකුණාමලයේ වරාය සහ නාවික හමුදා කෞතුකාගාරය නරඹන්නටත් අපට අවස්තාව ලැබුනා. නාවික හමුදාව විසින් සංචාරකයන් සඳහා බෝට්ටු සේවයක් පවත්වාගෙන යනවා. රුපියල් 100 ක් ගෙවීමෙන් පැයකට ආසන්න කාලයක් ත්‍රිකුණාමල වරායේ සංචාරය කරන්නට ඉඩ ලැබෙන අතර බෝට්ටුවේ ඇති ශබ්ද විකාශනයෙන් සියලු විස්තර සංචාරකයන්ට කියාදෙනවා. ඇත්තවශයෙන්ම නොවරදවාම යායුතු සංචාරයක් ලෙස මේ බෝට්ටු සවාරිය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම වැදගත් ස්ථානයක් තමයි නාවික හමුදා කෞතුකාගාරය. දෙවැනි ලෝක යුද සමයේ පටන් වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ නාවික හමුදා ඉතිහාසය මෙහිදී දැකිය හැකියි. පසුගිය කාලයේ මහජනතාවට විවෘත නොවුණු මේ ස්ථානය අද නිදහසේ නරඹන්නට හැකියි. ඔබත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරතවන්නේනම් මේ ස්ථාන නරඹන්නට අමතක කරන්න එපා. මා ලබාගත් ඡායාරූප සමහරක් මේ සමග ඉදිරිපත් කරනවා.

Advertisements

Comments on: "ත්‍රිකුණාමලයේ සවාරියක්" (3)

  1. මේ කාල තුවක්කුවෙත් රයිෆ්ලින්ග්ස් තියනවා නේද? ඒ ඇයි?

    • එතන පෙන්නා තිබෙන කාලතුවක්කුව රිකොයිල්ලස් ගන් කියන වර්ගයේ එකක්. ඉදිරියේදී එන ලිපියක විස්තර කියන්නම්.

  2. තව ටික දවසකින් ලංකාවට ගිහින් යාපනේ පැත්තේ සවාරියක් යන්න හිතන් ඉන්නවා මේ ඔත්තුව හරි වැදගත්.
    කෝරලේ වලව්ව

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: