විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ සුළඟ එනු පිණිස චිත්‍රපටිය, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවසර දී නැත. 2005 වර්ෂයේදී තිරගතවූ මේ චිත්‍රපටිය සඳහා IMDb වර්ගීකරණයේ 6.2 ක් ලැබී ඇත. මෙම චිත්‍රපටියේ කොටස් පහත දැක්වෙන පුරුක ඔස්සේ නැරඹිය හැකිය.
http://www.youtube.com/results?search_query=sulanga+enu+pinisa+
එමෙන්ම පහත දැක්වෙන පුරුක මගින් මෙම චිත්‍රපටිය ටොරන්ට් ගොනුවක් ලෙස බාගත කිරීමටද හැකිය.
[kat.ph]sulanga.enu.pinisa.aka.the.forsaken.land.2005
කෙසේ වෙතත් මේ චිත්‍රපටිය නරඹා ඇති අයට, ඒ ගැන අදහස් රැසක් හුවමාරු කර ගැනීමට ඇතැයි සිතන අතර, මට මේ චිත්‍රපටිය නැරඹීමට ලැබුනේ ඉතා මෑතකදී බැවින්, ඒ ගැන අදහස් දැක්වීමට සිතුවෙමි. මෙතෙක් මෙය නරඹා නැති අයට කිවයුත්තේ, මෙය, කිසිසේත් පවුලේ අය එකට සිට නැරඹිය නොහැකි චිත්‍රපටියක් මෙන්ම, සදාචාරය ඉහලින් අගය කරන අඹුසැමි යුවලකට පවා, නැරඹීමේදී යම් අපහසුතාවක් ඇතිවිය හැකි බවය.
මෙය කතාවක් කියන චිත්‍රපටියක් නොවේ. අධ්‍යක්ෂ වරයා කිසියම් සමාජ තලයක් නිරීක්ෂණය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් උකහාගත් සිද්ධි මාලාවක් තිරය මත පතිත කිරීමකි සිදුවන්නේ. ඒ සඳහා ඔහු අපවෙත කැඳවාගෙන එන චරිත නිදහස්ව හා ස්වාධීනව හැසිරෙන බවක් පෙනෙයි. එහෙත් අනාදිමත් කාලයක සිට සමාජය තුල සැඟවී කෙරෙන ගනුදෙනු මෙතරම් එළිපිට, මෙතරම් කෙලින්, මෙතරම් නිර්භීතව, ඉදිරිපත් කිරීම, අපගේ සංස්කෘතික මිනුම් දඬු කඩා බිඳගෙන යන්නක් වූ බැවින් මේ චිත්‍රපටියට ලංකාව තුල ප්‍රදර්ශන අවසරය නොලැබුණු බව පෙනෙයි. මවිසින්ම ගණන් බලා ඇති ආකාරයට, මේ වනවිට මම, සිංහල චිත්‍රපටි 150 ක් පමණද, ඉංග්‍රීසි චිත්‍රපටි 300 ක් පමණද, හින්දි චිත්‍රපටි 100 ක් පමණද, නරඹා ඇත්තෙමි. ඒ හැර වෙනත් විදේශීය භාෂා වලින් නිපදවූ චිත්රපටිද නරඹා ඇත්තෙමි. මේ චිත්‍රපටි තුල ජනප්‍රිය, සම්භාව්‍ය, මෙන්ම හඩු චිත්‍රපටිද ඇත. ඒ චිත්‍රපටි අතර මේ චිත්‍රපටියට සුවිශේෂී ස්ථානයක් හිමි නොවන බව මුලින්ම කිවයුත්තේ මෙවැනි ආකාරයේ බටහිර චිත්‍රපට රැසක් මා නරඹා ඇති බැවිනි.
මෙහි මුලින්ම මා දකින විශේෂත්වය වන්නේ රූප රචනයයි. මා දැක ඇති බටහිර චිත්‍රපටි වල ඇති රූප රචනා කලාව මනාව උකහාගෙන නිසි සංකලනයකින් යුතුව ඉදිරිපත් කර ඇති අතර, සාමාන්‍ය සිංහල චිත්‍රපටියක දක්නට නොලැබෙන තාක්ෂණික ගුණාංග ද ඇතුලත්ව තිබේ. ඒ ගුණාංග මට සිහිපත් කරවූවේ මා නරඹා ඇති උසස් බටහිර චිත්‍රපට කීපයකි. අදාළ දර්ශනය තුලම තමන්ද සිටින බව ප්‍රේක්ෂකයාට දැනෙන තරමට මෙහි රූප රචනය හා සංස්කරණය ඉහල මට්ටමක පවතී. (මා මෙය නැරඹුවේ පුළුල් තිර රූපවාහිනියකිනි. එය මා විසින්ම අන්තර්ජාලයෙන් බාගත කරගත් පිටපතකි. සිනමා තිරයක නරඹන්නට ශ්‍රී ලාංකිකයන්ට තව කොපමණ කලක් බලා සිටින්නට වේදැයි නොදනිමි.)
සෑම සමාජ තලයකම, සඟවාගත්, නැතහොත් සීමා කළ, එසේත් නැත්නම් ප්‍රසිද්ධියේ කතා බහ නොකරන, කරුණු තිබේ.

 

පෙරදිග සමාජයේ, විශේෂයෙන් එසේ එළිපිට කතා නොකරන්නේ, ලිංගික චර්යාව පිලිබඳ කරුණුය. ඒවා එලියට එන්නේ සණ්ඩු සරුවල් වන අවස්ථාවන්හිදී පමණි. මේ චිත්‍රපටියේදී ඒ කරුණු කෙලින්ම ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා විසින් කෙසේ බාරගනීද යන්න දැනගත නොහැක්කේ, එය බහුතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා විසින් නරඹා නැති බැවිනි. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළහොත්, හුදු ලිංගික දර්ශන නැරඹීමෙන් කාමුක තෘප්තියක් බලාපොරොත්තු වන්නන්ගෙන්, සිනමාහල පිරෙන බව නම් කිව හැකිය. සම්මතයට පටහැනි ලිංගික චර්යා නොමැති සමාජයක්, ලොව කොතැනකවත් නැත. අනාගතයේ ඇතිවන්නේත් නැත. එහෙත් පෙරදිග සමාජය ආගමික ශික්ෂණය කෙරෙහි ඇති නැඹුරුවත්, සාම්ප්‍රදායික චර්යා පාලනය පිලිබඳ අනුගමනය කිරීම් නිසාත්, ඉවසා වදාරන කරුණු, මෙලෙස උලුප්පා දැක්වීම, අනුමත වේයැයි සිතීම උගහටය. එය කුහක කමක්ය යන තර්කයේ පැවැත්ම ඇත්තේ 50 ට 50 මට්ටමේය.

අවසාන වශයෙන් සාමාන්‍ය ශ්‍රීලාංකිකයකු ලෙසද, හිටපු යුද හමුදා නිලධාරියකු වශයෙන්ද අදහස් කීපයක් දක්වමි.
  • යුද්ධය පැවති සමයේ, එයට මැදිව සිටි සිංහල ගමක සිදුවන මෙවැනි සිදුවීම්, සටන් බිමෙන් එහාපැත්තේ තිබුණු දෙමල ගම්මාන වල සිදු නොවූවායයි, අධ්‍යක්ෂ වරයා සිතන්නේද?
  • සිංහල දෙමල ජාතීන් දෙකම සම්මිශ්‍රණය කොට මේ නිර්මාණය කලානම් ප්‍රේක්ෂක ග්‍රහණය මීට වඩා වැඩිවීමට ඉඩ ඇති බව අධ්‍යක්ෂ වරයා නොසිතන්නේද?
  • යුද හමුදාව හුදෙක් තම අධිපතිවාදය ගම්මුන් වෙත පටවාගෙන සිටි අතර යුද්ධය වෙනුවෙන් කල කිසි දෙයක් නැති බවත් අධ්‍යක්ෂ වරයාගේම වචන වලින් කිවහොත් ‘බඩු ගැහීම’ හැර වෙනත් යමක් නොකළ බව, ප්‍රේක්ෂකයාට හැඟෙන පරිදි මේ නිර්මාණය කිරීම, එක අතකට අසාධාරණ බව නොසිතේද?
  • ග්‍රාමාරක්ෂක භටයා යනු, යුද හමුදාවේ ගැරහීමට පරිභවයට ලක්වන, යුද හමුදාවේ ඔනෑ එපාකම් ඉටු කිරීමට බැඳී සිටින ප්‍රවේනි දාසයෙක්ය යන සම්පූර්ණයෙන්ම වැරදි අදහස අධ්‍යක්ෂකගේ ඔලුවට දැම්මේ කවුද?
  • යුද හමුදාව ග්රාමාරක්ෂකයන් ලවා මිනී මැරවූ බව කවුරුන් විසින් අධ්‍යක්ෂ වරයාට දුන් ‘ගොන්පාට්’ අදහසක්ද. (මරන්නට අවශ්‍යමනම්, මරන්නට කිසිම හමුදාවක් පැකිලෙන්නේ නැත. නොමරුවොත් සිදුවන විනාශය බරපතල නිසා. ඒ සඳහා ග්රාමාරක්ෂකයකු ලවා පොල්ලෙන් ගැස්සවීමට වඩා ‘දියුණු ක්‍රම’ යටත්පිරිසෙයින් තුනක්වත් අධ්‍යක්ෂවරයා දන්නවා ඇත.)
  • සිනමානුරූපී සංකේතයක් ලෙස ගමේ සැරිසරන යුධ ටැංකිය මගින් හමුදා අධිපතිවාදය පෙන්වූවත්, දැන්කාලයේ මේ චිත්‍රපටිය මෙහි පෙන්වූවානම්, ත්‍රිවිධ හමුදාවේ කීදෙනෙක් මෙය බලා හූ කියයිද? හේතුව තනි යුද්ධ ටැංකියක් කිසි විටකත් මුර සංචාරයේ යෙදීම යුධ ටැංකි යෙදවීම පිලිබඳ මූලික න්‍යාය බිඳ දැමීමකි. එමෙන්ම ග්‍රාමාරක්ෂක භටයා පැළඳ සිටින නිල ඇඳුමේ ‘ලෙනියාඩ්’ එක ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නාහ සන්නද්ධ බලකායට අයත් එකකි. ග්‍රාමාරක්ෂක භටයන් අඳින වෙනම ලෙනියාඩ් එකක් තිබේ. යුද හමුදා භටයන් ඇඳ සිටින නිල ඇඳුම්ද සමහර විට පෙනෙන්නේ එල්. ටී. ටී. ඊ. නිල ඇඳුම් මෙනි. යුද හමුදාවෙන් උපදෙස් ගැනීම තම තත්වයට මදිකමක් යයි අධ්‍යක්ෂවරයා සිතුවාද?
  • අධ්‍යක්ෂවරයා බොළඳ මනොලෝකයක  සිටින්නකු බව පෙන්වන එක් සිද්ධියක් වන්නේ, හෙලිකොප්ටරයක ගමන්කිරීම, දෙයියෙකු තමන් සමග ගුද ලිංගික සංසර්ගයේ යෙදීම (චිත්‍රපටියේ දෙබස ලෙස ඇත්තේ මා මෙහි ලිවීමට අකමැති කුණුහරුපයකි)  තරම් සැපක් යයි සොල්දාදුවා ග්‍රාමාරක්ෂකයාට කීමයි. අධ්‍යක්ෂවරයා මේ මෝඩ සිතුවිල්ලට ආවේ කොහෙන්ද? ඔබ යටත්පිරිසෙයින් සොල්දාදුවන් කීප දෙනෙකු සමගවත් සාකච්චා කලාද? යුද සමයේදී හෙලිකොප්ටරයේ යාම කිසිසේත් සතුටක් නොවේ. හෙලිකොප්ටර ප්‍රධාන වශයේ යොදාගත්තේ,
  • 1. හදිසි ආධාර, අහාරද්‍රව්‍ය, ප්‍රවාහනය.
  • 2. නිවාඩු යන/එන සෙබළුන් කෙටි දුර ප්‍රවාහනය. (මිසයිල් තර්ජන මැද මේ ගමන යාම අධ්‍යක්ෂවරයා කියන අහවල් සැප දෙන්නක් නොවේ.)
  • 3. තුවාල ලැබූ සොල්දාදුවන් ක්ෂේත්‍ර රෝහල් වෙත ගෙනයාම සඳහාය. සොල්දාදුවන් හෙලිකොප්ටරවල හෝ ගුවන් යානාවල ගියේ විනෝද ගමන් නොවේ. ඇත්ත දන්නෝ දනිති. අධ්‍යක්ෂ වරයා එතනදීනම් හමුදාවට එල්ල කර ඇත්තේ සමාව දිය නොහැකි අපහාසයකි.
  • චිත්‍රපටියේ ඇති දර්ශන වලට අදාලව නිරුවත් සහ ලිංගික සංසර්ගය දැක්වෙන දර්ශන ඇතුලත් කිරීම සාධාරනයි සිතිය හැකි වුවද වයසක ග්‍රාමාරක්ෂක භටයා නිරුවත් කරන්නේ කුමකටද?
Advertisements

Comments on: "‘සුළඟ එනු පිණිස’ නැරඹුවාද?" (7)

  1. mama oka baluwa. mamath film pissek. namuth meka balala avasaanaye manasa thula his bawak misa kisiwak ithiri novuni

  2. මමත් ඔය චිත්‍රපටිය නැරඹුවෙමි. ඒ අතර වරින වර ස්පීකර් වැඩකරනවාදැයි බැලීමටත් කම්පුටර් එක ස්ටක් වී ඇත්දැයි චෙක් කිරීමට සිදුවිය. ඒ චිත්‍රපටයේ සමහර දර්ශනවල තිබූ දිගු නිහැඬියාවත් එකම රූපරාමුව බොහෝ වෙලාවක් අල්ලාගෙන සිටීමත් නිසා.

    උදාහරණයකට අර ලොරි මාරුවෙන තැන මවුස් එකෙන් මොනිටරයට ගහන්න හිතේ. ඔය චිත්‍රපටි තේරුම් ගැනීමට තරම් මම පරිණත නැතිව ඇති. නමුත් මගේ ආකල්පය නම් ඔය චිත්‍රපටියේ ගත යුත්තක් නැත.

    ප.ලි. : ඔබ මාගේ බ්ලොගයේ දැමූ ප්‍රතිචාරය ඔස්සේ ආවෙමි. දිගටම එන්නම්..

  3. හරී අයියගේ බ්ලොග් එකට දාලා තිබුනු ලින්ක් එකක් දිගේ ආවේ…මම නම් මේ ෆිල්ම් එක බලලා නෑ හැබැයි මේක ගැන ලියැවුනු විචාර කියෙව්වා ඇති වෙන්න මට ඒවා කියෙව්වාම හොයාගෙනවත් බලන්න හිතුනේ නෑ මොකද විකෘති කාමය ලේබලය අලවලනේ තිබුනේ අක්ෂරයට කලා වගේ….මේවා එක්ක බැලුවාම ගාමණි,බඹර වලල්ල කියන ෆිල්ම් සෑහෙන්න දියුණුයි කියලා හිතෙනවා ලංකා සිනමාවට ඕනේ ඒ වගේ ඒවා මිසක් හින්දි කොපි නෙමෙයි…මාතා බලන්නත් යන්නයි ඉන්නේ ඒක දැනට බිහිවුනු හොඳම ෆිල්ම් එක වේවි…..

  4. මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඔබට ස්තූතිවන්ත වෙමි. දැන් මං කැමතියි මගේ අදහසත් කියන්න.

    සිනමා කෘතියක් හරහා නිර්මාණකරුවෙකු මතු කරන සෑම දෙයක්ම අපට ඒ අයුරින්ම යථාර්ථය සමඟින් සංසන්දනය කළ නොහැකියි. ඊට හේතුව ඔහු හෝ ඇය තම පරිකල්පනය මෙහෙයවා සමහර අවස්ථාවන් වල දී යථාර්ථයෙන් පිට පනිනා බැවිනි. විශේෂයෙන්ම එය යථාර්ථවාදී රීතියෙන් පිට පනින විට මේ තත්ත්වය කෙසේවත් උචිත වන්නේ නැත. මගේ අදහස අනුව සුළඟ එනු පිණිස ‍ෆිල්ම් එකත් සහමුලින්ම යථාර්ථවාදී රාමුව තුළ පවතින්නක් නොවේ. මෙම නිර්මණය ලංකාවේ එළිදැක්වුණු අවධියේ දී සමහර මෙරට විචාරකයින් පැවසුවේ මින් ලාංකේය ගම විකෘති කර ඇති බවයි. මගේ අදහස නම් ඔහු විසින් තම චිත්‍රපටය තුළ ඉදිරිපත් කර ඇත්තේ ලාංකේය ගමකට වඩා තම පරිකල්පනය තුළින් මවා ගත් ගමකි. එබැවින් අපි සැබෑ ගම සහ චිත්‍රපටයේ ඉදිරිපත් කරන ගම සංසන්දනය කිරීම එතරම් උචිත නොවේ. එමෙන්ම අදාළ නිර්මාණයේ එන සමහර සිදුවීම්, චරිත, දෙබස් ආදිය සැබෑ ලොව තුළ නොමැති යැයි සමහර විටෙක හැඟී යන්නේ ද මෙම නිර්මාණය යථාර්ථවාදී රාමුව තුළම නොපිහිටන බැවිනි. හේමසිරි ලියනගේ ගේ චරිතය විකාර රූපී ස්වරූපයක් ගැනීම මීට එක් නිදසුනකි. එමෙන්ම චිත්‍රපටයේ එන යුද්ධ ටැංකිය මා ද දකින්නේ සංකේතයක් වශයෙනි. එබැවින් එය සැබෑවටම සිදු නොවේ යැයි තර්ක කිරීම එතරම් උචිත නොවේ.

  5. මේ චිත්‍රපටිය නරඹලා ටික කලක් වෙන නිසා කතාව නම් එච්චර මතක නැහැ. කොහොම නමුත් අධ්‍යක්ෂවරයා සෑම සිද්ධියකින්ම කිසියම් ගැඹුරින් ඇති දෙයක් මතුකරන්න උත්සහා කරපු බව පේනවා. ගහක කොළයක් වැටීමෙන් පවා ඒ තත්වය ඇති කිරීමට ඔහු උත්සහ ගෙන ඇති බවයි පේන්නේ

  6. මට වෙලාව නැති උනත් මේකට ප්‍රතිචාරයක් දෙන්න හිතුවා. මමත් ගණන් කරන්න බැරි තරම් ෆිල්ම් ගොඩාක් බලපු කෙනෙක්. 2007 සිට මේ දක්වා සියලුම බටහිර චිත්‍රපටි නරඹලා තියෙනවා එත් මම බලපු නිසරුම චිත්‍රපටි තියෙන්නේ සිංහල. එක කියන්නත් ලජ්ජය්. කළු සුදු චිරපටි නම් තිය්නෙනවා ගොඩක් ලස්සන සිංහල ඒවා. එත් මෑතකදී මම ලස්සන එකක් දැක්කෙම නෑ. හබි, ගාමණී, අබා, සුරිය අරණ වගේ, අරුතින්, හෝ පින්තූර අතින් හෝ වෙනත් යමක් නිසාවෙන් හොඳ චිත්‍රපටි බැලුවා. අපිට ජාත්‍යන්තර තලයට යන හොඳ චිරපටි කරන්න බැරි හේතුව තමිය් අපේ සම්ප්‍රදාය අමතක කිරීම. අපි අපේ දේ බටහිර කෝණයෙන් බලලා චිර්ත්රපටි බැලුම තමය රහ නැත්තේ. කට්ටියටම බලනවානම් ලස්සනම චිත්රපටි දෙක තුනක් MALENA, THE READER, PERFUME. (මේ වගේ විවිද මාතෘකා ගැන කලින් කල අප හමුවට ගෙන එම ගැන විචාරක මහත්තයට තව පාරක් ස්තුති වන්ත වෙනවා.)

    • The Reader, Perfume, කියන චිත්‍රපටි දෙකම මගේ ඩී.වී.ඩී. එකතුවේ තියනවා. ජාත්‍යන්තරය සමග බද්ධවුණු චිත්‍රපටි ලෙස මම දකින්නේ කොයි මිනිහාටත් පොදු මාතෘකා කතා කිරීමයි. ඔබ බලලා ඇති The Sparrows චිත්‍රපටිය. මම කියන්නේ අන්න ඒ වගේ චිත්‍රපටි තමයි ජාත්‍යන්තර කියන්නේ. සුළඟ එනු පිණිස චිත්‍රපටියේ සමබරතාවක් නැහැ. හමුදාවේ අය (කාටත් තේරෙන බාසාවෙන් බඩු ගැහුවා තමයි. නමුත් ඒකම කොර කොර හිටියේ නැහැ.)පවත්වාගෙන ගිය ලිංගික චර්යා පමණක් උලුප්පා දැක්වීම උචිත නැහැ. අපේ සමාජය හුරුවී තිබෙන්නේ හංවඩු ගැසීමට මිසක් හංවඩු මැකීමට නෙවෙයි. හෙලිකොප්ටරයෙන් යාම දෙය්යික්‌ පුකේ අරිනවා වගේ කියන්නේ උන්මත්තකයෙක්. අපි අවුරුදු ගානක් සොල්දාදුවන් සමග හෙලිකොප්ටර් වල ගියා. ඒක ජොලි ගමනක් නෙවෙයි. මේ අද්‍යක්ෂ වරයා හුදු අපහාස මුඛයෙන් සොල්දාදු මනස ගැන අන්දෝසංසාරයක් නැතුව යොදපු බහු බූතයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: