විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මම මුලින්ම යුද පුහුණුවට ගියේ 1981 වසරේදී. අපේ කණ්ඩායම 150 ක් විතර හිටියා. දියතලාවේ කඳවුරේ තමයි පුහුණු වුනේ. සමහර අයට ලැබෙන නිල ඇඳුම් ඇඟට හිර වැඩියි. සමහර අයට ලැබෙන ඒවා මහා බාච්චු ඇඳුම්. දවසක් ඒ වගේ විසාල ඇඳුමකුත් ඇඳගෙන තමයි මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් සරඹ පිටියට ආවේ. එක පුහුණු උපදේශකයේ එයා දිහා බලල ඉතා වැදගත් විදිහට (හිනා නොවී) කිව්වා, “හා ‘සරලාබායි’ ත් ඇවිල්ල ඉන්නේ ට්‍රේනින් වලට” කියලා.

එක දවසක් අපි දවස පුරා කඳු වලයි, කැලෙයි, බඩගාලා, සටන් පුහුණුව ලබලා, සරාගොයියලා වගේ තුවක්කුත් කරේ තියාගෙන ආපහු කඳවුරට එනවා. දියතලාවේ වන වදුලු වල තියන රසවත් ඇඹුල් පෙර කඩාගෙන කමින් තමයි අපි ආවේ. කඳවුරට ආසන්න වෙනකොට අපි දැක්කා, සුදුම සුදු සුන්දර තරුණ කාන්තාවක්, රතුපාට හිරට හිරේ ගවුමක් ඇඳගෙන, නිතඹ ලෙලවමින් මිහිකත සනහමින්, හංස ලීලාවෙන් ගමන් කරනවා. මට නොදැනීම මගේ අතේ තිබුන ඇඹුල් පෙර ගෙඩියක් නියපිටින් පැන, උඩින්ම ගොස්, ඇගේ සැලෙන ලෙලෙන නිතඹේ වැදුනා. අපේ කණ්ඩායමේ අය හඬනගා සිනාසුනත් අයගේ මුහුණේ ඉරියවු වල කිසිදු වෙනසක් වූයේ නැහැ. කඳවුරට පැමිණි අපි ජලස්නානයෙන් පසු රාත්‍රී අහාරයට පෙර යමක්ද කර, අහාරයෙන් පසු නිවස්නයට ආවා. රාත්‍රී 10 ට පමණ, පුහුණු උපදේශකයන් පැමිණ, අපේ නිවස්නයේ දොරවල් වලට තඩිබාමින්, මහා හඬින් කෑගැහුවා සියලු දෙනා වහාම සම්පූර්ණ යුද ඇඳුමෙන් (යකඩ හිස්වැස්ම, පිටේ එල්ලන ලොකු මල්ල ආදී බර ඇඳුමක්) (F.S.M.O. = Field Service Marching Order) සැරසී සරඹ පිටියේ පෙළ සාදන ලෙස. ඉන්පසු පාඨමාලාව බාර ප්‍රධාන උපදේශක තුමා පැමිණ අප ඇමතුවා, “පුංචි මහත්වරු අද වීරක්රියාවක් කරලා තියනවා, අපේ රෙජිමේන්තු විධායක අධිකාරිගේ (මුළු රෙජිමේන්තුවේම විනය හා පරිපාලනය භාර නිලධාරියා Regimental Adjutant) බිරිඳ, පාරේ යනවිට, නොහොබිනා විහිළුවක් කර තිබෙනවා, ඔච්චර අමාරුවක් තියනවනම් අයිනකට ගිහින් . . . . . . . . . . . . .(අම්මෝ ඒකනම් අහන්ඩ එපා) හොඳයි, මම විනාඩියක් දෙනවා වැරැද්ද කල කෙනාට ඉදිරියට එන්ඩ. එවිට ඔහුට පුළුවන් ඒ මැඩම් හම්බවෙලා සමාව ගන්ඩ” නමුත් අපි අත්දැකීමෙන් දන්නවා සමාව ගැනිල්ල කොහොම වෙතත් ඔක්කොම බඩු පැක් කරගෙන පහුවදා උදේ ගෙදර යන්ඩ පුළුවන් කියලා. අපි සද්ද නැතුව හිටියා. ඊළඟට ප්‍රධාන උපදේශක තුමා පුහුණු උපදේශක වරුන්ට නියෝග කරා අපිට දඬුවම් සරඹ (Pack Drill) කරවන ලෙස. දියතලාවේ සීතල රත් වුනේ එදා. අපිට ඒ කාලයේ පුහුණුව සඳහා ලැබුනේ දැන් තියන T 56 අවියට වඩා හුඟක් බර .303 රයිෆලය . අපිව අරන් ගියා පාරට. පිටේ මලුවල බර වැඩිවෙන්ඩ ගල් දැම්මා, රයිෆලය අත්දෙකෙන් උඩට උස්සගෙන දුවන්ඩ කිව්වා, පහුවෙන අයව පිටුපසින් එන ට්‍රක් එකකින් හප්පනවා යට නොවෙන ගානට. ඊළඟට විවිධ පිනුම් ගැස්සුවා, සෑහෙන දෙනෙක් වමනේ දැම්මා, ඊටත් පස්සේ ඇහුවා දැන්වත් ඇත්ත කියන්ඩ කියලා. අපේ වීර කොල්ලෝ නෙවෙයි කට හෙල්ලුවේ. අන්න නියම සමගිය. පාන්දර වෙනකල් වද දීලා අපිව අතෑරියා. අපරාදේ කියන්ඩ බෑ, අපේ කට්ටිය, ආපහු නිවස්නයට එනගමන්, මට හොඳ උපහාර උළෙලක් පැවැත්තුවා හොඳම වචන වලින්.

Advertisements

Comments on: "නිල ඇඳුමෙන් සිටි කාලේ" (9)

  1. අපේ කෑම්ප් එකකත් එකෙක් අහු වුනානෙ ලයිට් ඕෆ් කරාට පස්සෙ බාස්කට් එකකට ගගහ සිංදු කිය කිය ඉඳලා..තුන්සීයකට විතර පෝරියල් එක සෙට් වුනා…වෙන ඉස්කෝලවල ප්ලැටූනුත් එක්කම..ඒත් එකෙක් නෙමෙයි ඌව පාවා දුන්නෙ..පාන්දර වෙනකන් ඩිප්ස් පොසිශන් තමයි..

    ප.ලි: ලිපි ටික වර්ග කළා නම් හොඳයි කියලා හිතනවා..එතකොට එකම ජාතියෙ ලිපි එක දිගට කියවාගෙන යන්න පුලුවන්…

  2. සමඟිය බලය වේ.

    උවමනාවෙන් වැරැද්ද කළේ නැහැ නොවැ. වැරැද්දට පෙළඹෙව්වානේ 🙂

  3. ලංකාව මිනිස්සු මෙ වගේ සමගියක් අනිත් වැඩ වලටත් යොදා ගන්නවා නම් ලංකාව මෙලහට ලොවෙත් නැ

  4. මම නම් ඉපදිලත් නෑ ඔබ තුමා නිල ඇඳුම අදිද්දි ඒත් එක කාලෙකදි මගෙත් හීනයක් මේක . ඒත් මොකක්ද කරුමෙකට මම කෙල්ලෙක් වෙලානෙ ඉපදුනෙ . මට ඔක්කොම විහිලු කරන්නෙ මම බඩේ ඉද්දි අම්ම ඉදල තියෙන්නෙ කෑම්ප් එකක් ලඟ කියල . ඇත්තම කතාව නම් ඒක එහෙම්ම තමයි . 😀

    • දුවේ, ඔයා එකපාරටම කමෙන්ට් පහක් ගහලා. ඉතින් මම ඒ හැම එකකටම උත්තර දෙන්න මේ කමෙන්ට් එක තෝරාගත්තා. මුලින්ම කියන්න තියෙන්නේයි ඔබ හිතන්නේ කෙල්ලෙක් වෙලා ඉපදීම කරුමයක් කියලා. ඔයාටත් මටත් අම්මෙක් හිටියේ නැත්නම් අපි දෙන්නම අද මේ ලෝකේ නැහැනේ. දුවේ, තාත්තලා මොනවා කිව්වත් කලත් අම්මලා කරන සේවය කවදාවත් ඇගයීමට ලක්වන්නේ නැහැ. ඒක තමයි කරුමය. ඔයාට මතකද නන්දා මාලනී කියනවා ‘මට මවු පදවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැනුනේ අම්මේ නුඹේ අගේ මට දැනුනේ’ කියලා. දුවේ මටත් ඉන්නේ දුවලා දෙන්නෙක්. එක්කෙනෙක් රාජ්‍යසේවයේ වයස 28 යි. අනික් එක්කෙනා වයිද්‍ය විද්‍යාලයේ හතර වැනි වසරේ. වයස 23 යි. මම මේ දෙන්නව හදලා තියෙන්නේ ඕනෙම යුද්ධයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට. ඒ නිසා හිතන්න කෙල්ලෙක් කියන්නේ ලෝකයක් පාලනය කරන්න තරම් සියලු සුදුසුකම් තියන කෙනෙක්.

      ලංකාවේ ආයුධ නිෂ්පාදනය නොකරන්නේ හේතු රාශියක් නිසා. එකක් ඒ සඳහා යන පිරිවැය. අපි හිතමු ටී 56 රයිෆල් කම්හලක් ලංකාවේ පටන් ගන්නවා කියලා. ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර තියන රටවලට අපි හිතාගන්න බැරි තරම් විශාල මුදල් කන්දරාවක් ගෙවිය යුතුයි. ඊට ලේසියි ඒවා හදන රටකින් මිලදී ගන්න එක.

      ඔබේ අම්මා ඔබව කුසේ දරාගෙන කොහේ හිටියත් කාටවත් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔයා දැන් මේ ලෝකේ හොඳින් ඉන්නවනේ.

      මේ බ්ලොග් එකේදී කියන්න බැරි දේවල් මගේ ඊ මේල් එකට (wmjgkrn@hotmail.com) එවන්න. ඔබට ජය.

      • ස්තූති සර් . මම කෙල්ලෙක් වුනේ නැත්නම් අද මම කරන ටික කරන්න වෙන්නෙ නෑ සර් . එහෙනම් මම මැරිල මැරුන තැන් වල ගසුත් පැල වෙලා . 😀 එච්චර පිස්සුවක් මට තිබුනෙ . සර් කියන කතාව ඇත්ත ගැහැණියක් වෙනව කියන්නෙ කැපවීමක් . අද මම කෙල්ලෙක් වුනත් මට කරන්න පුළුවන් සීමාවෙ හැම දේම මම කරනවා . සර් ල වගේ අය බේරල දුන්න රට රැක ගන්න එක අපේ වගකීමක් නෙ . මම අනිවාර්යෙන් සර් එක්ක මේල් වලින් සම්බන්ඳ වෙන්නම් සර් . මට ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගන්න තියෙනවා .

  5. පුහුණුවට ගියේ 1981 ..ඒ කියන්නේ විශ්‍රාම ගියේ අඩු වයසින් ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: