විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අනේ අපේ නම් තැබිල්ල


  ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම නමක් භාවිත කරන්නට ඇති අයිතිය, අභියෝග කල නොහැකි පරම අයිතිවාසිකමකි. සුද්දාගේ කාලයේදී, ග්‍රෙගරි යන නම ගිරිගොරිස් ලෙසත් හර්මන් යන නම හරමානිස් ලෙසත් මේරි මැගී සොපී ආදියත් භාවිත කල අපි, අදනම් කීයටවත් විලියම් ෆිලිප්ස් කැතරින් වැනි නම් අපේ ළමයින්ට නොයොදමු. සිංහල ජනතාවට පුද්ගල නාම භාවිතය පිළිබඳව ලෝකයේ සමහර ජාතීන්ට මෙන් තහංචි නොමැති බැවින් හිතේ හැටියට නම් තබන බව රහසක් නොවේ.

  19 වන සියවසේ අග භාගයේ සිට, සිංහල දරුවන්ට ඉතා අර්ථාන්විත සිංහල හෝ සංස්කෘත නම් යෙදීම ඇරඹුණි. මෑත කාලයේදී මා කල නිරීක්ෂණ වලදී අනාවරණය කරගත් කරුණු ඉතා කනගාටුදායක හා අවාසනාවන්ත බව නොකියාම බැරිය. රුක්ෂාන්,රුක්ෂානි, දිල්ශාන්, දිල්ශානි, ෂෙහාන්, ෂෙහානි, ෂෙරොන්, රොෂාන්, වැනි නම් යෙදූ සිංහල දරුවන් කොපමණක් අද අපේ රටේ සිටිත්ද? මේ නම් සියල්ල මුස්ලිම් නම් බව මේ දරුවන්ගේ දෙමාපියෝ දනිත්ද? නොදන්නේමය. දිල්කි, ශෂී, රේවතී, වැනි නම් හින්දු නම් බව දන්නෙහිද? නොදන්නේමය. එසේනම් මෙවැනි විජාතික නම් යෙදීමට හේතුව කුමක්ද? මා විසින් සොයාගත් හේතු කීපයක් මෙසේය.

1.     මෙම නම් උච්ඡාරණයේදී නැගෙන හඬට ඇති ආසාව නිසා.

2. දැන් පෙන්වන සීනිබෝල හින්දි චිත්‍රපටි වල එන චරිත සහ ආච්චි අම්මලාත් ‘දහඅටයි මාස අටයි’ පමණට තරුණ කරවන, තුට්ටු දෙකේ කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය චරිතද මෙවැනි නම් වලින් යුක්ත වීම.

  මේ ටෙලි නාට්‍ය නිසා තමන්ගේ දරුවන්ගේ දරුවන්ටත් මුස්ලිම් හෝ හින්දු නම් තැබීමට උනන්දුවන, ඒ ටෙලිනාට්‍ය වල සිටින බහුබූත චරිත මෙන් අඳින පළඳින (කතා බහත් කරනවා හින්දි පුළුවන් වුනානම්) මැදි විය ඉක්මවූ සිංහල කාන්තාවන් මම දැක ඇත්තෙමි. කිසිදු මුස්ලිම් ජාතික පවුලක හෝ හින්දු පවුලක සඳුනී, සමන්මලී, විකුම්, අභීත, වැනි නම් යෙදූ දරුවෝ සිටිත්ද? අතීතයේදීත්, වර්තමානයේදීත්, අනාගතයේදීත් නැත්තේමය.

ඉතින් දැන්වත් මේ පරගැති භාවයෙන් මිදෙන්නට අදහසක් නැද්ද?

…..නැද්ද?…….නැද්ද?

Advertisements

Comments on: "අනේ අපේ නම් තැබිල්ල" (12)

  1. මගේ නමත් සිංහල නමක් නෙවෙයි මම හිතන්නෙ. ඒක ගැන මම ඒ තරමට හිතලම නෑ. හැබැයි නමේ තේරුම සකු බාසාවෙන් ‘නිතරම සතුටින් සිටින’ කියන තේරුමයි කියල දන්න උත්තමයෙක් කියල දුන්නා… තේරුම ඒක නම් ඒක හරි වෙන්න ඕන… මොකද මොන අලකලංචිය වුණත් ගාණක් නැතිව ඉන්න ඇහැක් නිසා 😀

  2. සිංහල බසට සකු බසින් මෙන්ම පාලියෙන්ද එක්ව ඇති වදන් ප්‍රමාණය අපමණයි.

    මගේ නම වන “හසිත” යන්නත් පාලි වදනක් මම දන්නා විදිහට. ඒ ගැන මමත් මුලින්ම දැනගත්තේ දහම් පාසලේදී අභිධර්මය පාඩමේදී.

    බුදු, පසේ බුදු, මහ රහතුන් සිනහා නගන විට පහළ වන සිත “සෝමනස්ස සහගත හසිතුප්පාද සිත” යනුවෙන් තිබීමෙන් තමා මම දැනගත්තේ හසිත කියන්නේ “සිනාසෙන්නා” කියන අරුත දෙන වදනක් කියලා 🙂

  3. නමුත් කලකට ඉහත රූපවාහිණී වැඩසටහනකට පැමිනි අරිසෙන් අහුබුදු මහතා පැවසුවේ කිංස්ලි යන නමද සිංහල නමක් බවයි…

  4. මහත්තයො මම මගේ දුවට දාන්න හැදුවා අවංකා සාමදානී කියලා.මගේ රැඩීකල්ම රෑඩිකල් මිතූරත් ඇතූළුව සියලූ මිතූරන් නැදැයින් එ නම එපා කියලා. කියුවා.මුන් උපන් වෙළාවත් බලාගන ආවා.නමට තිබුන අකූරැ වලට ලොවෙත් ලස්සන නර්‍ම නැ.හිතට වදින නමක් එකෙක්වත් කියුවෙ නැ.අන්තිමට අපේ හාමිනේ ගේ තාත්තට බාරදුන්නා වැඩෙ.එයා දැර්‍මමා චමොදි මලීෂා කියලා.දැන් කේල්ලට වයස 4යි. කේල්ලත් එකට කැමති නැ.නම ඇහුවම කන්දේ වීදානේ කියලා කියනවා..හැබැයි මම දාන්ඩ ගිය නම නොදාපු එකටත් මම සතූටුයි.මගේ කේල්ල අවංකත් නැ…………………………. සාමදානිත් නැ……………..

    • මමනම් ඔයා දාන්න ගිය නමට ආසයි. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා එයාගේ දුවට දාලා තියෙන නම ‘අනපායිනී’ (අනුගමනය කරන්නී = පසුපසින් හැමදාම එන්නී) මට හිතෙනවා ඔයාගේ දුවට අර නම දැම්මනම් කෙල්ල මේ වෙනකොට ඒ ගතිගුනත් වර්ධනය කරගනියි කියලා. දැන් මේක බලලා ගෝරි දාගන්න එපා. ටිකක් කල් ඉඳලා, එයා කැමති, හැබැයි අර්ථවත් නමකට මාරු කරන්න. මොනවා කරන්නද.

      • මමත් බලල තියෙන දෙයක් තමයි බොහෝ අයට එයාලගේ නම ගැලපෙනවා කියන එක.

        • ආරේ ගුණ නෑරේ. මල්ල කිහිල්ලෙන් නෑරේ. කියලා පැරණි කියමනක් තියනවා. යන ඕනෙම තැනක මල්ලක් කිහිල්ලේ ගහගෙන යනවා ඕනේ එකටයි එපා එකටයි. ගැලපෙන නොගැලපෙන බව ගැන නොසිතා ඔහේ දානවා නම්.

  5. ඊටත් වඩා හපන් භාෂා විශාරදයෝ දාන නම්.. දිව පැටලෙන එවුවා..

  6. හැමතැනම හෙව්වා හම්බුනේ නෑ.. “එරන්ද” කියන නමේ තේරුම මොකක්ක්ද? දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: