Skip to content

නිළ ඇඳුමෙන් සිටි කාලේ 4

2012 ජනවාරි 11

දෙවැනි ලුතිතන් වරයකු වශයෙන්, 1980 දශකයේදී, මුලින්ම මගේ මව් ඒකකයට (මව් ඒකකය යනු තමන් අයත් යුද හමුදා බලඇණියයි) පැමිණි පසු, මට ලැබුණු වැදගත්ම රාජකාරියක් වූයේ, මූලික පුහුණුව ලබා ඒකකයට ඇතුලත්ව සිටින සෙබළුන් ගේ පශ්චාත් පුහුණු කිරීමේ කටයුතු භාරව ක්‍රියා කිරීමයි. ඛණ්ඩ භාර නිලධාරියකු වශයෙන් ක්‍රියා කිරීමේදී, පුහුණුවන සොල්දාදුවන් සමගම සිටිමින් වෙහෙසී කටයුතු කිරීමට සිදුවෙයි. සාමාන්‍යයෙන් සොල්දාදුවා තම ජීවිතයේදී දකින මුල්ම ඉහල නිලය වන්නේ කෝප්‍රල් නිලයි. පුහුණු කටයුතු වලදී ඔවුන් සමග ලඟින්ම සිටින උපදේශකයා වන්නේ කෝප්‍රල් ය. සෑම විටම කොප්‍රල්ගේ අණට කීකරු වෙමින් පුහුණුවේ යෙදෙන ඔවුන් ‘ඔව් කෝප්‍රල්’ ‘නෑ කෝප්‍රල්’ ‘හොඳයි කෝප්‍රල්’ යනුවෙන් දවසකට සිය වරක් පමණ කියති. මේ පුරුද්ද නිසා, අප වැනි අධිකාරිලත් නිලධාරියකු වෙත පැමිණි විට, ඔවුන් යුද හමුදා පිළිවෙත අනුව ආචාර කරන නමුත්, අප විසින් යමක් විමසූවොත් බොහෝවිට ‘ඔව් සර්’ වෙනුවට කියවෙන්නේ ‘ඔව් කෝප්‍රල්’ කියාය. මෙය දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් මා නම් කිසි විටක එම වැරැද්දට දඬුවම් කර නැත. මුල් මාස හය පමණ යනතුරු සමහර සොල්දාදුවන්ට සොල්දාදු ජීවිතයේදී තිබියයුතු උපක්‍රමශීලී භාවය උපදවාගන්නට අපහසු වෙයි. එවැනි අවස්ථා වලදී මතුවන රසවත් ජවනිකා බොහෝය. වරක් එක සොල්දාදු කණ්ඩායමක් පුහුණුකර අවසානයේ දින 5 ක නිවාඩුවක් දීමට අණදෙන නිලධාරීතුමා තීරණය කළේය. නිවාඩු යාම සඳහා ඔවුන් සූදානම් වෙමින් සිටියදී එක සොල්දාදුවකු මහා හඬින් හඬනු මට ඇසුනි. මම වහාම එම සෙබලා මාවෙත රැගෙන එනමෙන් කෝප්‍රල් වරයෙකුට නියම කලෙමි. මා වෙත එද්දීද ඔහු හඬමින් සිටියේය. මම හැඬීමට හේතු විමසුවෙමි. ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය. ‘අනේ සර් මම ආමි එකට බැඳෙන්න කොළඹ ගිහින් ඉන්ටවීව් කරලා තේරුනා. ඊට පස්සේ අපිව බස් එකෙන් මහා විසාල ඉස්ටේසමකට ගෙනිහින් කෝච්චියට පටවලා දියතලාවට යැව්වා. එහෙ පුහුණුව ඉවර වුනාම බස් එකක පටවලා මෙහෙ එව්වා. අපේ ගෙවල් තියෙන්නේ බ. . . . දැන් මම ගෙදර යන විදිහ දන්නේ නැහැ’ කියමින් නැවතත් හඬන්නට විය. එක අතකට මෙය සිනහා පහල වන දෙයක් වුවද ‘පාර හොයාගෙන යනවා, තමුසේ සොල්දාදුවෙක් නේද’? කියා ඔහු එලවා දැමීම සුදුසු නොවන බව මට වැටහුණි. මම මේ තත්වය පාඨමාලා භාර නිලධාරී තුමාට දැන්වූ විට එක්වරම සිනහවූ ඔහු, ‘අපි ඒ ගමේ ඉන්න අපේ බල ඇණියේ පරණ මිනිහෙක් එක්ක මෙයා ගෙදර යවමු කියා තීරණය කළේය. අපේ සොල්දාදුවා කෝප්‍රල් කෙනෙකුගේ පිහිටෙන් යහතින් නිවාඩුගොස් ආවේය.

ප්‍රතිචාර 2 leave one →
  1. 2012 පෙබරවාරි 24 19:11

    හි..හි..උන්දෑ කැලේ අතරමං වුනොත් බුදු සරණයි…..

    ‘ඔව්’ කියලද කියන්නෙ ‘තුමනි’ කියලද?

  2. hasithag permalink
    2012 මාර්තු 31 16:10

    සාමාන්‍ය අවබෝධය නැති “පොරවල්” කොතැනත් ඉන්නවා :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.